මරදාන ඩීසල් විදූලි ධාවනාගාරයේ දූම්රිය රියදූරන් ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.දූම්රිය රියැදූරන්ගේ සංගමය සඳහන් කළේ සේවා වාර චක්‍ර සංශෝධනය කිරීමේදී බලධාරීන් විසින් එකඟතාවයන් කඩ කිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කල බවයි
කුමාර වෙල්ගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මිලදී ගත් සුපිරි Aston Martin DB 11 වර්ගයේ මෝටර් රථයේ ජායාරූප කිහිපයක් අද සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් නිර්මාණය කරලා තිබෙනවා. මෙම එම ජායාරූප කිහිපයයි.
ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේදි සිදු කරන විශේෂ ප්‍රකාශය පහතින් නැරඹිය හැක. https://www.facebook.com/maithripalas/videos/818436765170357/
ටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායමක් අවශ්‍ය බවත් තරග පැරදුණ විට විශාල ගැටලු ඇතිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. අද (21දා) අරලිය ගහ මන්දිරයේ පැවැති වැඩසටහනකදී ඔහු හේ බව පැවැසීය. “රටේ සමාජය දියුණු කරන්නනම් මහාචාර්යවරු ඕන. ටෙස්ට් මැචි දිනන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමක් ඕන. මහාචාර්යවරු හිටියා හොඳම විශ්වවිද්‍යාල තිබුණා කියලා අපේ අය සෑහීමකට පත්වෙන්නේ නෑ. හැම […]
ජ්‍යෙෂ්ඨත්වය මත පමණක්ම උසස්වීම් ලබාදීම වැරදි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළා. ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට අද (21දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඒසේම ව්‍යවස්ථාදායක සභාව පත්වීම් සිදුකිරීමේ නිර්දේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ලිමේන්තු […]
පානදුර ක්‍රිඩා සමාජයක ක්‍රිඩකයෙක් හදුනා නොගත් මත් පෙති දහයක් සමඟ මොරන්තුඩුව පැරණි සේවා මාවතේදි ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ප්‍රශ්න කිරිමේදි ඔහු මෙම මත්පෙති පාවිච්චි නොකරන බවත් විවිධ පුද්ගලයින් රුපියල් තුන්සියය බැගින් හා පන්සියය බැගින් විකුණන බවට ඔහු අනාවරණය කළ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පෝට් එලිසබත්හි පැවැත්වෙන දෙවැන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනසකින් තොරව අවතීර්ණ වී තිබේ. දකුණු අප්‍රිකාව වියාන් මුල්ඩර් කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවට වර්නන් […]
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ගමේ කුඩා දැරියක් ජිවත් වෙනවා. පවුල නඩත්තු කරන්නේ ඇය විසින් වැවෙන් මල් කඩාගෙන ඒවා විකුණමින්. මේ සිදුවීම සිදුවන්නේ 1981 දී, ඇය පාසල් යන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට, ඒ සිදුවීම වන විට අගේ වයස […]
විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24කගේ නම් තමන් සතුව තිබුණත් එය ප්‍රසිද්ධ කළ විට තමන්ට එරෙහිව තවත් නඩු ගණනාවක් වැටෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුම හරහා මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරමින් ඔහු ඉහත අදහස් දැක්වා තිබේ. “මහජනතාවට අවශ්‍ය වී තිබෙනවා මේ නම් මම විසින් හෙළිකරනවාට. පොලීසිය කියන්නේ ඔවුන්ට මේ […]
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වධක තනතුරට සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීම සඳහා අයදුම් කරන ලෙස පසුගියදා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහනන් කළා. ඒ අනුව අදාළ තනතුරට අයදුම් කිරීම සඳහා ලබා දී තිබූ කාලය මේ මස 25 වනදා අවසන් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ලැබෙන අයදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුර සඳහා තෝරා ගැනීමට නියමිත අතර එලෙස තෝරා ගනු ලබන […]
වේග සීමා උල්ලංඝණය කරමින් ධාවනය වන බස් රථවල ධාවන බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප්‍රකාශ කළේ, අධික වේගය හේතුවෙන් සිදු වන අනතුරු අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බවයි. පසුගිය 18 වැනි දා ද හලාවත මහවැවදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගියා. වව්නියාව […]
අද දවසේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් උනා. ඒ අනුව තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ ශම්මි ද සිල්වා මහතා ජන්ද 83ක් ලබා ගනිමින් නව ක්‍රිකට් සභාපති ලෙස පත්ව තිබෙනවා. අර්ජුන රණතුංග පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා තරග කල ජයන්ත ධර්මදාස මහතාට මෙහිදි ලැබී තිබුනේ ජන්ද 56ක් පමණයි.