පාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් මස 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝජනා කළේය.
තේරීම් කාරක සභාවේ සංයුතිය පිළිබද ජන්ද වීමසීමේදී පක්ෂව ජන්ද 121 සහ විපක්ෂව ජන්ද 0 ලෙස සටහන්ව තිබුණා. ඒ අනුව කතානායකවරයා සදහන් කලේ තේරීම් කාරක සභාව පිළිබද ඉදිරිපත් කල යෝජනාව වැඩි ජන්දයෙන් සම්මත විය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කළේය. ඒ කථානායකවරයා තේරීම් කාරක සභාවට නම් කල නියෝජිතයන් සඳහා විරෝධයක් එල්ල වූ බැවිනි. කෙසේ වෙතත් සන්ධාන මන්ත්‍රීවරුන් සභා ගැබෙන් පිටව ගොස් තිබේ.
පාර්ලිමේන්තුව නිසියාකාරව කටයුතු නොකරන බව සඳහන් කරමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවත්ව යයි.විමල් වීරවංශ මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි. නමුත් මේ වන විට පාර්ලිමේන්තුවේ නාමික ජන්ද වීමසීමක් සිදුවෙමින් පවතිනවා.
තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළේය. සන්ධානය – දිනේෂ්, එස්බී, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ එජාපේ – රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල ඉලංකෙයි තමිල් අරුසකච්චි – මාවෙයි සේනාධිරාජා ජවිපෙ – විජිත හේරත්
වත්මන් කථානායක කරු ජයසූරිය මහතා සමග පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම තෙරීම් කාරක සභාවේ බහුතරය සම්බන්ධයෙන් සමානුපාතික ක්‍රමය යටතේ අංක ගණිතමය පැහැදිලි කිරිමක් කළත් ඔහු එහ පිළි නොගත් බවත් ප්‍රකාශ කළේය.
අද දිනයේද පාර්ලිමේන්තුවට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම කැරළි මර්දන ඒකකද පාර්ලිමේන්තුව අවට මේ වන විටත් ස්ථානගත කර ඇති බවටයි වාර්තා වෙන්නේ. අද පාර්ලිමේන්තුව 10.30 රැස්වීමට නියමිතයි.
පසුගිය සභා වාරයේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නම් යෝජනා කරන ලෙස නියෝජ්‍ය කතානායකවරයා පක්ෂ විපක්ෂ සියල්ලන්ටම දැනුම් දුන්නා. ඒ අනුව මේ වන විට ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙනුත් නම් යෝජනා කරන්න පක්ෂ නියෝජිතයින් පියවර ගෙන තිබෙනවා. නමුත් තේරීම් කාරක සභාව තුල බහුතරය පාර්ලිමේන්තුව තුල බහුතරය පවතින පාර්ශවයට අවශ්‍යය බව පවසමින් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයත් අද පාර්ලිමේන්තු […]
ලබන වසරේදී ශ්‍රී ලංකාවට ගෙවා දැමීමට ඇති සමස්ත ණය සේවාකරණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් (රුපියල් බිලියන 1229.8ක්) බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජාතික ආර්ථික කවුන්සිලයේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් ඊයේ (22දා) කළ ප්‍රකාශයකට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරිමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී […]
පසුගිය දිනවල ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුවේ ඇතිව නොසන්සුන්කාරී වාතාවරණය නිසාම දෙස් විදෙස් බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත යොමු වී තිබෙනවා.කොහොම උනත් පර්ලිමෙන්තුව අවසන් වරට රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 යන දිනයන්ගෙන් එකකදිවත් පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරයෙකු පිළිබඳව අපට අහන්න ලැබුණා.ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායකයි. පාර්ලිමේන්තුවේ බොහෝ කලබගෑනි සිදුවූ මෙම දින හතරේම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද […]
පසුගිය දවස් වල පාර්ලිමේන්තුව ලංකාවේ ගොඩක් කතා බහ කරන මාතෘකාවක් බවට පත් වුණා. ඒකට හේතුව බවට පත්වුණේ පාර්ලිමේන්තුව තුළ ඇති වෙච්ච කලහකාරී සිදුවීම්. මේ සිදුවීම් වලට මැදිහත් වෙච්ච වෙච්ච තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමයි නිරෝෂන් ප්‍රේමරත්න කියන්නේ. ඔය පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච කලහකාරී සිදුවීම අතරතුරේ දී අතරතුරේදි කවුරුත් දැක්කා නිරෝෂන් කතානායකවරයාගේ දෙසට කොටුවක් විසි කරන ආකාරය ආකාරයට ජොන්ස්ටන් […]
ආණ්ඩු පකෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සියල්ලම හැකිනම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට කැඳවන ලෙස අභියෝගයක් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කලා. පාර්ලිමේන්තුව පැවැති දින කිහිපයේදිම ආණ්ඩු පක්ෂයට උපරිමයෙන්ම ආවේ මන්ත්‍රීවරු 86 දෙනෙක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නා.