මතුව තිබෙන දේශපාලන අර්බුද නිසාවෙන් ලෝකය හමුවේ රට හෑල්ලූවට ලක්ව තිබෙන බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කරනවා. රට පාලනය කරන නායකයින් රට කරවන තැනදී සිදුකරනු ලබන කි‍්‍රයා ඊට හේතුවී තිබෙන බවයි ආදිවාසී නායකයා පෙන්වා දෙන්නේ. විද්වතුන්ගෙන් සැදුම්ලත් විජයග්‍රාහී ජාතික සංවිධානයේ නියෝජිත පිරිසක් ආදිවාසී නායකයා හමුවීමට ගිය අවස්ථාවේදී ඔහු මේ බව කියාසිටියා. සියළු ආගමික […]
දඹුල්ල සහ මාතලේ විලගමුව ප්‍රදේශයට 22 දීන පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රී දක්වා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසාවෙන් දඹුල්ල කණ්ඩලම උනපදුරු යාය ප්‍රදේශයේ සහ මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යටව පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙන බව මාතලේ ආපදා කළමනාකරණ ප්‍රධානි චමින්ද අමරවීර මහතා සදහන් කළා.. දඹුල්ල වතෙගන්මද්ද ඔය පිටාර ගැලීමෙන් දඹුල්ල කන්දලම උනපදුරුයාය […]
එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් බලයට පත්කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට සිදුකරන්නාවූ අකටයුතුකම් වලට විරෝධය පා අද(24 ) සීනිගම දේවාලයේ දී දේව කන්නලව්වක් හා පොල් ගැසීමේ ව්‍යාපාරයක් පැවැත්විණි . රත්ගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හා දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව කරුණාතිලක මහතා විසින් සංවිධානය කළ මේ දේව කන්නලව්වට හා පොල් ගැසීමේ […]
නව අග්‍රාමාත්‍යවරයෙකු සහ ආණ්ඩුවක් පත් කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඊයේ (23) රාති‍්‍ර පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍යය වෙත ප්‍රකාශ කර සිටියා.
රටට සම්බාධක පැනවීමේ හැකියාවක් ඇතිව තිබෙන බවත් ජපානය, ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ආධාර නවත්වා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “බල උන්මාදයෙන් පරිණත හා දේශප්‍රේමීන් යැයි කියාගන්නා දේශපාලකයන් කොටසක් දේශපාලුවන් සෙ කටයුතු කරනවා. අපි පාලනය කරපු කාලයේ විදේශ […]
අමාත්‍ය වසන්ත සේනානය යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වුවහොත් තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.ඊයේ(22) ගම්පහ ප්‍රදේශයේ පැවති බෝධී පුජාවකින් අනතුරුව අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කලා. අමාත්‍ය වසන්ත සේනානාක යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීමට උත්සහ කළ බවත් සේනානාය වුවත් ඔහු එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය […]
අද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් පසුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ උදය ගම්මම්පිල මන්ත්‍රීවරයා පළකල අදහස් පහතින්.. “ කතානායක ‘කරුණාරත්න න්‍යාය’ අනුගමනය කරනවා. මූලාසනාරෟඪ මන්ත්‍රීතුමා ළඟදීම සිරබත් කෑමට නියමිතයි. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට නොසිදවූ දෙයක් වාර්තා කිරීමේන් කරුණාරත්න මහත්තයා කූඨ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට අපි කථානායක ලෙස කරු ජයසූරිය මහතා පළිගන්නේ […]
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ අධිපත්‍යයට අනුව පාර්ලිමේන්තුවේදී සම්මත වු විශ්වාසභංග යෝජනාව පිළිගන්නා ලෙස අමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් පහ කිරීම හා විශ්වාසභංග යෝජනා දෙකක් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බවයි. ප්රතිසන්ධාන […]
පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව කතානායකවරයා විසින් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ වන විට පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය පැවැත්වෙනවා. එය අද සවස හය වෙනතෙක් පැවැත්වෙන බවයි නියෝජ්‍යය කතානායකවරයා සදහන්කර සිටියේ. මෙලෙස කල් තැබීමේ විවාදයේදී රට තුල මේ වනවිට උද්ගත වී ඇති දේශපාලන තත්වය සම්බන්දයෙන් විවාදයට ගනු ලබනවා. කෙසේ නමුත් මේ විවාදයට ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් සහභාගිවන්නේ […]
ලොවපුරා වෙසෙන සෑම තරුණියන් සිව් දෙනෙකුගෙන්ම අයෙක් මානසික ගැටළුකින් පෙළෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. ඒ ලොවපුරා තරුණ තරුණියන් නව දහසකට අධික පිරිසක් එක් කර ගනිමින් එංගලන්තයේ විද්‍යාඥයින් පිරිසක් මෙම අධ්‍යයනයකදීයි.සංවේදී හේතු ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි පැවසෙන්නේ. මානසික අවපීඩනය, සාංකාව සහ අවුල් සහගත බවින් බෝහෝ තරුණියන් පෙළෙන බව මෙමගින් අනාවරණ වී තිබෙනවා. […]
අද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 180.66ක් ලෙස සටහවන්ව තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.