පාර්ලිමේන්තුව නැවත රැස්වීම 21 වෙනිදා නොව හෙට දවසේ සිදු කිරීමට පක්ෂ නායක හමුවේදී නැවත තීරණය වී තිබෙනවා. ඒ අනුව නැවත හෙට දවසේ දහවල් 1.30 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදි මෙම හමුව පැවැත්විමට නියමිතව තිබෙන්නේ. දෙපාර්ශ්වයෙන්ම මන්ත්‍රීවරුන් 5 බැගින් මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බවද තොරතුරු වාර්තා වෙනවා.
පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඇති එකම විසඳුම මැතිවරණයකට යෑම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කලා.ඒ හරහා ස්වාධීන කථානායකවරයෙක්, නව අග්‍රාමාත්‍යවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට අවස්ථාව ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමුකළ ලිපියට කථානායක කරු ජයසූරිය මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපිය පහතින්.
කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් තව සුළු මොහොතකින් පවත්වන්නට නියමිත බවයි සියත 24 පාර්ලිමේන්තු වාර්තා කරුවන් පවසා සිටියේ. එය සිදුවන ස්ථානයක් තවම නිල වශයෙන් දැනුම් දී නැහැ.
කතානායක හා පක්ෂ නායකයින්ගේ හමුවද උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා, කෙසේ නමුත් සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් කියා සිටියේ පාර්ලිමේන්තුව 21 වෙනිදා දක්වා කල් තැබීමට පක්ෂ නියෝජිතයන් එකග වූ බවයි.
කතානායක කරු ජයසූරිය මහතා හා ආණ්ඩු හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අරම්භ වී තිබේ. විමල් වීරවංස, දිනේෂ් ගුණවර්ධන, ගයන්ත කරුණාතාලක, ලක්ෂ්මන් කිරිඇල්ල, රිෂාඩ් බද්යුදීන්, රවුෆ් හකීම් අනුර කුමාර දිසානායක හා විජිත හෙරත් යන මැති ඇමතිවරුන් හා කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.
පාර්ලිමේන්තුවේ මතුව ඇති නොසන්සුන්තාවය මත කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙනවා.ඒ අනුව එම STF ආරක්ෂාව යෙදවීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. තවමත් පාර්ලිමේන්තුව කල් තැබීමේ නිල නිවේදනයක් නිකුත් කර නැහැ.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා කළ පහළම විකුණුම් අගය අද වාර්තා කලා. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 178.10ක් ලෙස සටහන් විය. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 174.14ක් වාර්තා විය. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ ආකාරයෙන් කඩා වැටිමට […]
පාර්ලිමේන්තුවේ අද ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග සභාවේ රැදී සිටි කිසියම් මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට කසල බඳුනකින් සහ වතුර බෝතලයකින් පහර දී ඇති බවට වාර්තා වෙනවා.මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි ප්‍රසන්න රණවීර සහ එක්සත් ජාතික පක්ෂයේ නවින් දිසානායක මන්ත්‍රිවරයා අතර ගුටිබැට හුවමාරුවක්ද සභා ගර්බයේදී සිදුව තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙත් ඉවත්ව යාමට කටයුතු කළේය. කෙසේ වෙතත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පාර්ලිමේන්තුවේ රැදී සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්තාව හේතුවෙන් තුවාල ලබා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනිමට කටයුතු කරයි. කතානායකවරයාගේ ආසනය ආසන්නයේ රැදී සිටිමින් වයරයක් වැනි දෙයක් ඇදීමට උත්සහාකල මන්ත්‍රී වරයාගේ අත කැපී ඇති බවයි මේ සිද්දිය සම්බන්දයෙන් වැඩි දුරටත් වාර්තා වෙන්නේ.