අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට ප්‍රකාශ කළා.ඒ අනුව ඔහු කථානායකවරයා වෙත යෝජනා කළේ එහි විශ්වාසය පිළිබඳව ‘නම්; වලින් ඡන්දයක් ගත යුතු බවයි.ඒත් සමගම සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ඉන් පසුව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවූ […]
පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ කියා සිටියේ අද රාත්‍රියෙත් ඉන්ධන මිල අඩු කිරීමට තම රජය ක්‍රියා කරන බවයි.
අද දවසට පාර්ලිමේන්තුව මීට සුළු මොහොතකට පෙර ආරම්භ උනා. එහිදී කතානායක වරයා පවසා සිටියේ අද දවසේ කිසිදු අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් පාර්ලිමේන්තුවේදී වලංගු නොවන බවයි. එමෙන්ම ජනපතිගේ පිළිතුරු ලිපියට තමන්ද පිළිතුරු යවන බව කතානායකවරයා කියා සිටියා. මේ මොහොතේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා.
කාතානායක කරු ජයසූරිය මහතා ඊයේ ජනපතිවරායට යොමුකළ ලිපියට පිළිතුරු ලිපිය ඊයේ රාත්‍රියේදී ජනපතිවරයා විසින් කතානායකවරයාට යෙමු කළේය. එම ලිපිය පහතින්..
පොලිස්පතිවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ කාර්යාල 32කට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.
ඊයේ පැවති පාර්ලිමේන්තු රැස්වීම සඳහා මන්තී‍්‍රවරු 225 දෙනාගෙන් 222ක්ම පැමිණ සිටියා. අමාත්‍ය දුමින්ද දිසානායක, දිලූම් අමුණුගම සහ ශිවශක්ති ආනන්දන් යන මන්තී‍්‍රවරුන් පමණක් ඊයේ පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ සිටියේ නැහැ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්නය ලබාගෙන ඇත. ඔහු අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදි සාමාජිකත්වය ලබාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ ඔවුන්ගේ නිල twitter ගිණුම හරහායි
අද රැස්වූ පාර්ලිමේන්තුවේදී ආග්‍රාමත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සිදු වූ බව සභා නායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසනවා.මේ බව ඔහු පවසාසිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි. පාර්ලිමේන්තු සම්ප්‍රධායට අද සම්පූර්ණ උල්ලඝනය කරමින් කථානාකවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරුණු බව සදහන් කල ඔහු කථානායකවරයා සම්පූර්ණයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රධායට පයින් ගසමින් රට අරාජික කිරීම කථානායකවරයාලේ මූලික අරමුණ බව දිනෙෂ් ගුණවර්ධන […]
ඉන්ධන මිල සූත්‍රය වෙනත් ක්‍රමයකින් ඉදිරියට පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මිල සූත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවක් අනුව හඳුන්වාදුන් බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හඳුන්වාදුන් මිල සූත්‍රයට වෙනස් ලෙස නව මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවත් මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.ඒ අනුව ලෝක වෙළඳපොළේ ඉන්ධන […]
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට අත්සන් කල මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණ ලයිස්තුව පහතින්..
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථානුකූලව හා නීතියට අනුව කටයුතු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසනවා. “ජනපතිවරයා නව ගැසට් නිවේදනයකින් නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. ” “රටේ අරාජිකත්වයක් නෑ. නැවත ආණ්ඩුවක් පත්කළ යුතුද නැත්ද කියලා තීරණය කළ යුත්තේ ජනපතිවරයායි ඡන්දය ගන්න ඕන ඇගිලි සලකුණුවලින් හා නමින්. ඡන්දය ඉවරවුණාට පස්සේ කතානායකවරයා […]
පාර්ලිමේන්තු රැස්වීම අවසානයේදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙලෙස අදහස් පලකර සිටියා. ” කතානායකතුමා පාර්ලිමේන්තු ගෞරවය ආරක්ෂා කර ගැනිමට විශාල උත්සාහයක් ගත්තා. මෛත්‍රී – මහින්ද පිළේ හෘද සාක්ෂියක් ඇති මන්ත්‍රිවරු ආවා. අපි අවස්ථා දෙකකදී රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රහාරයක් එල්ල වන ඕනෑම අවස්ථාකදී එයට විරුද්ධව පෙනී සිටීමට කටයුතු කරනවා.රාජපක්ෂ – […]