News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

තවත් කැබිනට් ඇමතිවරු දිවූරුම් දෙයි

Generic placeholder image

නව ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනක්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව, උදය ගම්මන්පිල බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති මහින්ද යාපා අබේවර්ධන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සී.බී. රත්නායක – තැපැල් හා විදුලි සංදේශ ඇමැති ගාමිණි ලොකුගේ කම්කරු හා විදේශ රැකියා නියුක්ති හා […]


Nov
9

මහා බැංකුව හා අනෙක් බැංකු මහින්ද යටතට

Generic placeholder image

ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබෙනවා. මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු සියල්ලමද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබෙනවා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.


Nov
9

නිවාස අමාත්‍යධූරය විමල් වීරවංශට – Breaking News

Generic placeholder image

නිවාස හා සමාජ සුබසාධන කටයුතු අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා මීට සුවල්ප මොහොතකට පෙර දිව් රුම් දුන්නා.


Nov
9

ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදේශගතවීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දෙනු ලැබුවා. ඒ, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ නඩුවට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඔහු අද පෙනී සිටීමෙන් අනතුරුවයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥ රොමේෂ් ද සිල්වා, අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව දෙසැම්බර් මස 14 වන දා […]


Nov
9

ජනවාරි 08දාට පසු ජනපතිවරණයක් ?

Generic placeholder image

2019 වසරේ ජනවාරි 08 වැනිදාට පසු හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් කැඳවා රටට සුදුසු ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව පාඨලී චම්පික රණවක මහතා මුද්‍රිත මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිටු වූ මෛත්‍රී – මහින්ද රජය නීත්‍යනුකූල නොවන බවත්, නිත්‍යනුකුල රජය එක්සත් ජාතික පෙරමුණ රජය […]


Nov
9

පාර්ලිමේන්තුව කැඳවූ සැනින් ඡන්දය විමසන්න – යුරෝපා සංගමය දන්වයි

Generic placeholder image

යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව කැඳවූ සැනින්ම ඡන්ද විමසීමක් පවත්වා මතය විමසන්නැයි පවසනවා. ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි නිවේදනය නිකුත්කර ඇත්තේ කොළඹ යුරෝපා සංගම් කාර්යාලයයි. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය […]


Nov
9

පොලිස් ලොක්කන් සිව් දෙනෙකුට එරෙහිව සැරයන්ගේ පැමිණිල්ල

Generic placeholder image

තම මානව හිමිකම් කඩ වු බවට පවසමින් උසස් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා ඊයේ (8) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තෙඹුවන ප‍්‍රදේශයේ දී බලපත‍්‍ර නොමැතිව වැලි ටිපර් රථයක් තමන් විසින් අත්අඩංගුවට ගෙන නීතිය කටයුතු කිරීම සඳහා තෙඹුවන පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු උසස් නිලධාරීන් අධිකරණ කටයුතු සිදු නොකර එම […]


Nov
9

තෙවරප්පෙරුම මන්ත්‍රීවරයෙකුට පහරදෙයි ?

Generic placeholder image

හිටපු වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මතුගම යටදොල ප්‍රදේශයේදී තමාට පහර දුන් බව කියමින් අගලවත්ත ප්‍රදේශීය සභා මන්ත්‍රී වින්දික කරුණාසේන මහතා රෝහල් ගත වී අති බව පොලිසිය පවසනවා. පහරකෑමට ලක්වූ බව කියන මන්ත්‍රීවරයා පාලින්ද නුවර ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමඟ ඊයේ (8) ගාලු මුවදොර පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ රථ පෙළපාළියට සහභාගි වීම […]


Nov
9

ජනපති හා අගමැති අතර අද විශේෂ සාකච්ඡාවක්…!

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේස සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියිමිත බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ පවතින දේශපාලන වාතාවරණයත් සමග මන්දගාමී වී ඇති රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. මෙම සාකච්ඡාවට ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද එක්වන බවට දැනගන්නට ලැබුණා.


Nov
9

‘තවම මම තුරුම්පු ගැහුවේ නැහැ’ – 14දාට කරන්න යන දේ ගැන ජනපති විධායක සභාවේදි හෙළි කරයි..!

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා. තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට […]


Nov
9

පාර්ලිමේන්තුවේ බහුතරය ගැන අපිට විශ්වාසයි – නාමල් රාජපක්ෂ

Generic placeholder image

පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව තමන්ට විශ්වාසයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ India Today පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. “අපිට අංක තිබෙනවා ඒ ගැන විශ්වාසයි. අපි මේ තීරණය ගත්තේ ඒ නිසයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මේ පිළිබඳව සාකච්ඡා කළා. මේ තීරණය ගත්තේ ජාතික […]


Nov
9

බොරතෙල් මිල පහළට

Generic placeholder image

ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් මිල ආසන්න දින කිහිපයේදී කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කෙරුණු බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම එක්සත් ජනපදය විසින් පසුගිය නොවැම්බර් 04 වැනිදා ඉරානයට පැනවූ සම්බාධක යටතේ, ඉරානයෙන් බොර තෙල් ආනයනය කරන රාජ්‍යයන් 8ක් සඳහා සම්බාධක නොපැනවීම මේ සඳහා හේතුව වී ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් […]


News Articles
Latest Videos
Most Popular Post