ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් විසි දෙනකු ළඟදීම එනවා කියලා සංචාරක හා වනජීවී නියෝජ්‍ය ඇමැති ආනන්ද අළුත් ගමගේ කියනවා. නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කිව්වේ කොළඹ පදනම් ආයතනයේදී අද (30) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක් අතරවාරයේදීයි. ‘‘ආණ්ඩුව තවත් විස්සක් ළඟදීම එනවා.අපි දැන් ඒ අය එක්ක කතා කරලා ඉවරයි.මම ඉතා වගකීමෙන් කියන්නේ.දැනුත් මගේ වාහනේ ඒ එන මන්ත්‍රීවරයෙක් ඉන්නවා‘‘
දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
‘‘අලූතින් මැතිවරණයක් තියලා ජනතාව විසින් අලූත් රජයක් බිහිකරගන්නා තුරු පවතින රජයක් මේක. මේ නව ආණ්ඩුවේ කිසිම තනතුරක් මම භාරගන්නේ නැහැ. දැන් අලූත් අමාත්‍ය මණ්ඩලයක් යටතේ ජනතාවට සහන දීලා ආණ්ඩුව කරගෙන යන්න ඕන. ඊට පස්සේ ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ කැමැත්තෙන් රජයක් බිහි කරගන්නවා.’’ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (30) කොළඹ අලූත් කඬේ අධිකරණ සංකීර්ණයේ දී […]
ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා විදිහට හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අමාත්‍යංශ 12 ක් සඳහා පත් කෙරුනු නව ලේකම්වරුන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි බාරගත් බවයි බවයි. මේ එම නව ලේකම්වරුනුයි.. 01 . මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයයේ නව ලේකම්වරයා -ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායකයි. 02.විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා – ආර්.පී. […]
එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. ඔහු පසුගිය යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් දරන ලද පුද්ගලයෙක්ද වනවා.
කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ ‘ජන හඬ’ උද්ඝෝෂණයට ඇවිත් ඉන්න සෙනග මෙන්න
රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිකම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා එක්ව ‘පික්පොකට්‘ ගැසූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොල්ලුපිටිය හන්දියේදී දැන් පැවැත්වෙන ‘ජනහඬ‘ උද්ඝෝෂණයේදී අදහස් දක්වමින් කියා තිබුණා. මේ තියෙන්නේ රන්ජන් රාමනායකගේ කතාව “මම එන්න කළින් ගූගල් එකේ ගහල බලලා ආවේ කවුද අගමැති කියලා. තවම එන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ කියලා.මේක අහන් ඉන්න මෛත්‍රීටයි […]
ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය වෙත පිවිසීම තහනම් කිරීමට රජය සූදානම් වන බවට පළ වන වාර්තාවල කිසිම සත්‍යතාවක් නැහැ කියලා රජයේ වැඩබලන ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලූවැව පවසනවා. ඔහු වැඩුදුරටත් කිව්වේ ෆේස්බුක් හෝ වෙනත් කිසිදු වෙබ් අඩවියක් ඒ විදිහට අවහිර කරන්න කිසිම අදහසක් හෝ යෝජනාවක්වත් තාම ඇවිත් නොමැති බවයි.
මින් ඉදිරියට ඉන්ධන මිල සූත්‍රය කි‍්‍රයාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ආර්.සම්බන්ධන් මහතාගෙන් විපක්ෂ නායක ධුරය වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන බව ද ඩලස් අලහප්පෙරුම මහතා එහිදී සඳහන් කළා.
විපක්ෂ නායක ධූරය වෙනස් නොකරන බව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා.
ඩොලරයේ මිල නැවතත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව නව මිල වනුයේ රුපියල් 175.56 කි.
දෙමළ ජාතික සංධානයේ සියලූම මන්ත්‍රීවරුන් කොළඹට කැදවා තිබෙනවා. ඒ රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහායි. දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්භන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00 ට විපක්ෂ නායක කාර්යාලයේදී මෙම රැස්විම පැවැත්වෙනවා. මේ වනවිට පවතින දේශපාලන ව්‍යාකූලතාවය පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ කිසිදු මන්තී‍්‍රවරුන්ට කිසිදු ප්‍රකාශයක් මාධය වෙත නිකුත් නොකරන ලෙයසි දැනුම්දී ඇත්තේ. […]