News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

පොලිස්පතිගෙන් හිටපු ඇමතිවරුන්ට රතු එළියක් – Breaking News

Generic placeholder image

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු කර තිබෙනවා. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගය පරිදියි. හිටපු අමාත්‍යවරුන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බැවින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට හිමි විය යුතු ආරක්ෂක නිළධාරීන් ගණන පමණක් ලබා දි ඇති බව සියත ප‍්‍රවෘත්ති කල විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලා. එය ආරක්ෂාව අඩු කිරිමක් නොව නියමිත පටිපාටියට […]


Oct
30

මාස දෙකක් දෙන්න මැතිවරණය තියන්නම් – මැ.කො කියයි

Generic placeholder image

ඕනෑම මොහොතක පැවැත්වෙන මැතිවරණයක් සදහා සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. මාස දෙකක් ඇතුළත මැතිවරණයකට සූදානම් විය හැකි බව මහින්ද දේශප‍්‍රිය මහතා කියා සිටියා.


Oct
30

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක නියෝජිත රැස්විමක් අද

Generic placeholder image

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක නියෝජිත රැස්විමක් අද පැවැත්වෙනවා. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන්නේ පෙරවරු 11 00 ටයි. මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 126 දෙනෙකු අත්සන් කල ලියැවිල්ලක් එක්සත් ජාතික පක්කෂය විසින් අද කතානායකවරයාට භාර දීමට නියමිතයි. හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවා ව්‍යවස්ථානූකුලව මෙම දේශපාලන අර්බුදය විසදන ලෙස එමගින් ඉල්ලා තිබෙනවා කතානායකවරයාගේ බලතල භාවිතා කර […]


Oct
30

නව එජාප නායකයා සජිත් බව තිස්ස බණ්ඩාර කියයි

Generic placeholder image

ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් යහපාලනය උදෙසා තරුණ ව්‍යාපාරය කියා සිටියේ ගෙවුනු වසර තුන හමාරක කාලය තුලදී සැබෑ ලෙසම ජනතාවට සේවය කලේ නම් රනිල් වික්‍රමසිංහ මහතා රැකීම සදහා කොළඹට පැමිණෙන ලෙස ආයාචනා නොකල යුතු බවයි. කෙසේ වුවද අද දහවල් 12 ට පමණ එජාපය නියෝජනය කරමින් ජන උද්ඝෝෂණයක් පවත්වා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කිරීමට ආණ්ඩුවට බල […]


Oct
29

නව කැබිනට් මණ්ඩලය මෙන්න

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් හා ආර්ථීක කටයුතු නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ආචාර්ය සරත් අමුණුගම විදේශ කටයුතු මහින්ද සමරසිංහ වරාය හා නාවික කටයුතු ෆයසිර් මුස්තාෆා පළාත් සභා හා පළාත් පාලන හා ක්‍රීඩා විජිත් විජයමුණි සොයිසා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන විජේදාස රාජපක්ෂ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඩග්ලස් දේවානද්දා පුනරුත්ථාපන නැවත පදිංචි […]


Oct
29

තෙල් සේවකයින් වැඩවර්ජනය අත්හරියි

Generic placeholder image

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වලින් ඉවත් වි තිබෙනවා. ඉන්ධන පිරවුම්හල් එහි සේවකයන් පවසන්නේ සිය පිරවුම්හල්වල තිබෙන ඉන්ධන අවසන් වන තුරු ඉන්ධන ලබා දෙන බවයි. ඊයේ පස්වරුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් සිය සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ […]


Oct
29

අර්ජුණ රණතුංග අත්අඩංගුවට

Generic placeholder image

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මීට සුළු මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Oct
29

නව අගමැතිතුමා දිව්රුම් දීමේ සම්පූර්ණ වීඩියෝව

Generic placeholder image

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධූරයේ වැඩ භාර ගත්තා. ඒ පෙරවරු 11 යි 50 ට යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදියි. එහි දර්ශන පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි https://youtu.be/DEe42E2MAgI


Oct
29

මර්වින්ගේ සහය රනිල්ට

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහට පළ කිරීමට අරලියගහ මන්දිරයට මේ වන විට පැමිණි ඇති බව වාර්තා වෙනවා.


Oct
29

දේශපාලන උණුසුම අතරේ කොටස් වෙළෙඳ පොළ ඉහළට

Generic placeholder image

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අතරවාරයේ දී පෙරවරු 11.00 පමණ වන විට ඒකක 114 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 78 කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සිකුරාදා (26) දිනයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 63 කින් ඉහළ ගොස් තිබුණා. සිකුරාදා (26) දිනයේ දී රුපියල් […]


Oct
29

”පාර්ලිමේන්තුව වහා රැස් කරන්න” අනුර සහ සම්බන්ධන්ගෙන් කථානායකට ලිපියක්

Generic placeholder image

විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක යන අය අද කථානායක කරූ ජයසූරිය මහතා හමු වීමට නියමිතව තිබුණත් , ලිපියක් යොමු කරමින් ඔවුන්ගේ ඉල්ලීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ පවතින වාතාවරණයට නිසි පිළිතුරු ලබා ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තුව රැස් වන ලෙසයි.


Oct
29

මගීන් 188 දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරේ

Generic placeholder image

අතුරුදන් වූ බව කියූ බොයිං 737 වර්ගයේ ගුවන් යානය කඩා වැටී ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් අනාවරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ගුවන් යානයේ ගමන් කළ මගීන් පිළිබඳව බලධාරීන් විසින් තොරතුරු තහවුරු කරගනිමින් ඇති බවයි. අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ මගීන් 188 දෙනෙකු සිට තිබෙනවා. යානය අනතුරට ලක්ව තිබුණේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට සුමාත‍්‍රා දූපතේ […]


News Articles
Latest Videos
Most Popular Post