විදේශීය හමුදා සඳහා මූල්යමය ආධාර වැඩසටහන යටතේ ශ්රී ලංකාවට ඩොලර් මිලියන 39 ක ප්රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇමෙරිකා එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යයාලය පැවසුවේ, ඒ සඳහා කොංග්රසයේ අනුමැතිය ලැබීමට නියමිත බවයි. බෙංගාල බොක්කේ ආරක්ෂාව සඳහා වූ ක්රියාකාරකම්, මානුෂීය සේවා හා ආපදා සහන සැලසීම සඳහා මෙම ආධාර යොදාගන්නේ […]
අධික වර්ෂාපතනයත් සමග මධ්යම කදුකරයේ පවතින නායයෑම් අවදානම හේතුවෙන් පවුල් 30 ක සාමාජිකයින් 100 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. සියත හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ හැටන් සලංකන්ද ප්රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි. මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශ හරහා අද අලූයම හමා ගිය […]
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී මේ වන විට විරෝධතාවයක නියැලෙමින් සිටිනවා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ අද උදෑසනයි. කාන්තා රැුදවියන් 10 දෙනෙකු පමණ මෙම විරෝධතාවට එක්ව සිටිනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට එරෙහිව පවතින නඩු කටයුතු කඩිනම් කර දෙන ලෙසයි. මෙම කාන්තා රැදවියන් පිරිස මත් කුඩු ජාවාරම් සම්බන්ධව චෝදනා ලැබ […]
මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශ හරහා අද අලුයම හමා ගිය දැඩි සුළඟකින් අධි බලැති විදුලි රැහැන් පද්ධති ගණනාවකට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා. ඒ හේතුවෙන් නෝර්වුඞ් නෝටර්න්බි්රජ් සහ හැටන් අවට ප්රදේශ රැසකට මේ වනවිට විදුලි බලය ඇණහිට ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ඇණහිට ඇති විදුලි සැපයුම යළි යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන […]
කොල්ලකෑම් රැුසකට සම්බන්ධ සැකකරුවෙකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිට්ටඹුව එල්ලක්කල ප්රදේශයේදියි. සැකකරු 31 හැවිරිදි එල්ලක්කල ප්රදේශයේ පදිංචිකරරුවෙක්. ඔහු අද ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරු 20015 වසරේ සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුලූ වී ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා මුදල් සහ රුපියල් ලක්ෂ 80 ක රන් භාණ්ඩ […]
ට්රැමඩෝල් මත්පෙති 70,000 ක් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මාන්කුලම් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. සැකකරුවන් මෝටර් රථයකින් මෙම මත්පෙති ප්රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද අලූයමයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය 24 හැවිරිදි සහ 18 හැවිරිදි මාතලේ හා කැළණිය ප්රදේශවල […]
ඉන්ධන මිල අද සිට සංශෝධනය වන බව මුදල් අමාත්යංශය නිවේදනය කරනවා. එම අමාත්යංශය සදහන් කලේ ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 157 දක්වා රුපියල් 2 කින් ඉහල දමා ඇති බවයි. සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 130 දක්වා රුපියලකින් ඉහල දමා තිබෙනවා. ඔක්ටේන් 92 සහ ඔටෝ ඞීසල් මිල ගණන් නොවෙනස්ව පවතන බවයි මුදල් […]
හිටපු ජනාධිපති කාර්්ය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත් ඇතුලූ සිව් දෙනෙකුට එරෙහිව විභාග වන නඩු අවසන් කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අදාල නඩුව අද කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවූ අවස්ථාවේදීයි. නඩුව විභාගය සදහා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි මහේස්ත්ත්රාත්වරිය එහිදී නියෝග කලේ. අලූතින් පිහිටවූ විශේෂ මහාධිකරණය හමුවේ විභාග […]
විසඳුමක් නොලැබීම නිසා, දැනට ක්රියාත්මක දුම්රිය 8 අද පස්වරුවෙන් පසු අත්හිටුවන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. දුමිරිය එන්ජින් රියදුරන් නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් පෙර දැනුම් දීමකින් තොරව වර්ජනයේ නිරතව සිටින්නේ පසුගිය 8 වනදා පස්වරු 3 සිටයි. ඒ 3,000 ක සේවක පිරිසකගේ මූලික වැටුප රුපියල් 56 205 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්. මේ අතර මාර්ග අංක […]
ජාතික හැදුණුම්පත ලබා ගැනිමේ අයදුම්පතක් සදහා ලබන සැප්තැම්බර් මස පළමුවනදා සිට රුපියල් 100ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙනවා. ජාතික හැඳුණුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනය ප්රකාශයට පත් කලේ ඊයේ දිනයේ දීයි. සැප්තැම්බර් මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුණුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් පන්සියයක්. පසුගිය ජූලි මස […]
ව්යවස්ථානුකූලව හා පාර්ලිමේන්තු සම්ප්රදායට අනුව විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු කිරීමට තමාට හැකියාවක් නොමැති බව කථානායක කරුජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ විපක්ෂ නායකවරයා පිළිබද සිය ස්ථාවරය ප්රකාශ කරමින්. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ අදහස් හා වෙනත් රටවල පාර්ලිමේන්තු සම්ප්රදායන් ගැඹුරින් අධ්යනය කරමින් මෙම මතයට එළඹි බව කතානායකවරයා එහිදී සදහන් කලා. එක්සත් ජනතා නිදහස් […]
දුම්රිය සේවය අත්යවශ්ය සේවාවක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ප්රවාහන නියෝජ්ය අමාත්ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ දුම්රිය වෘත්තීය සමිති ක්රියාමාර්ගය හේතුවෙන් මගීන් පත්ව ඇති අපහසුතාව සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි. ඊට අදාළ ගැසට් පත්රය සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු වනවා. දුම්රිය රියැදුරන්, නියාමකවරුන් ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් හදිසි වැඩ වර්ජනය […]