ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය එංගලන්තයේ ප්‍රදේශ කිහිපයකම පැතිර යන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ හේතුවෙන් එංගලන්තයේ කොවිඩ් දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 1,313ක් දක්වා දෙගුණයක් වී තිබෙනවා. කෙසේවෙතත් මේ වන විට කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව කඩිනමින් ලබාදීමට ත් ආසාදිතයින් හමුවී ඇති ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැනවීමටත් එරට බලධාරීන් කඩිනමින් පියවර ගෙන තිබෙනවා
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් කර තිබෙනවා. ඒ අනුව ගිනිකොණ දිග අරාබි මුහුදු ආශ්‍රිතව වර්ධනය වූ අඩුපීඩන කලාපයේ බලපෑම නිසා කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට පැයට කිලෝමීටර 60- 70 දක්වා වර්ධනය විය හැකි බවත් දිවයින හරහා සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර […]
ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.කෙසේ වෙතත් මේ භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැති බව එරට කාලගුණ අංශ සදහන් කරනවා. ඒ තුලින් මෙරටට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.
නායයෑම් පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙන අතර පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150ඉක්ම වූ දැඩි වර්ෂාපතයක් එම ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර […]
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ඒ අවට පහත් බිම්වල ජනතාවට අවදානයෙන් පසුවේන්නයි උපදෙස් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ. ඊට අදාල නිවේදනය පහතින්,
මෙරට එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක මුදලක් ලබාදීමට එකග වී තිබෙනවා. ඊට අදාල ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අත්සන් තබා තිබෙන අතර “කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ ව්‍යාපෘතිය” ලබාදුන් දෙවැනි මූල්‍ය සහයෝගය මෙය වනවා.
ඊයේ මෙරටින් කොවිඩ් මරණ 24ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 892ක්.
ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද දිනයේදීත් තවදුරටත් බලාපොරොත්තුවේ. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක. විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක. දිවයින පුරා අහස වලාකුලින් […]
ඉස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් සමරන රාමසාන් දිනය අදට යෙදී තිබෙනවා. රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන ඉස්ලාම් බැතිමතුන් ෂව්වාල් මාසයට අදාළ නව සඳ දැකීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සමරනු ලබයි.
තවත් දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. මෙම හුදකලා කිරීම් එළඹෙන 17 වන සඳුදා පෙරවරු 4.00 සිට ක්‍රියාත්මක වන බව වඩු දුරටත් සදහන් වෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත්150 සී ග්‍රාම නිලධාරි වසමේ වැව පාර මංචෝනා දෙසට ප්රදේශයවේවින් මිල් මාවත ප්රදේශයවේලාපොඩි පාර ප්රදේශයකනකිඅම්මාන් කෝවිල පාර වෙරළබඩ ප්‍රදේශය 150 බී […]
අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිසිය සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු ව්වෘත කිරීමට අවසර නොමැති බවයි.
රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත් මාත්‍රා 185,000 ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරනවා. මීට පෙර එම එන්නතේ මාත්‍රා 15,000 ක් මේ වන විටත් දිවයින ලැබී ඇති අතර ඒවා ජනතාවට ලබාදීම පසුගිය දා සිදු කෙරුණා.