කොරියානු රජය විසින් කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ අනුව ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක් අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වනවා. ඊට අදාළ ගිවිසුම අත්සන් කෙරුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන විශේෂ කමිටුව අද රැස්වුණා. එහිදී කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා කමිටුව තීරණ කිහිපයක් ගනු ලැබුවා. කමිටුව විසින් ගන්නා ලද තින්දු තීරණ මෙන්න
කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. අප්‍රේල් 01 වනදා සහ සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර, කල් ඉකුත්වන දිනයේ සිට තවත් මාස 6ක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගත වූ පැය 24 තුල නිරෝධායන නීති කැඩූ 351ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් ගණන 7,316ක්.
මේ වන විට ඉන්දියාවේ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් නවදිල්ලිය වසා දැමීමේ කාලය මැයි 17 දක්වා දීර්ඝ කළ බව දිල්ලි මහඇමති සදහන් කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් පමණක් විවෘත කර තැබීමට අවසර ලබාදී තිබෙන අතර මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනවක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොලීසියේ, විශේෂ කාර්ය බළකාය “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පිහිටුවා තිබෙනවා. එම නව ඒකකයේ විශේෂ කාර්ය බලළකායේ නිලධාරීන් 16දෙනෙකු ගෙන් යුක්ත වන අතර එම ඒකකය මගින් විවිධ ප්‍රදේශවල ජලය හා ජලාශ ආශ්‍රිතව සිදුකරන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට සදහ සහය ලබා ගැනීම අරමුණ වන බව වාර්තා වන්නේ.
මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 25 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
අද දිනයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරනවා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවාවන්හි නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින් සොයා මෙම මෙහෙයුම දියත් කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ අනුව බස් රථවල මගී ජනතාව රැගෙන යාමේදී එහි ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතුබවත් කුලී රථ මෙන්ම කුලි ත්‍රීරෝද රථවල මගීන් රැගෙන […]
බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පිවිසීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති රංජිත් දිසානායක මහතා මේ පිලිබදව අදහස් දක්වමින් වැඩි දුරටත් සදහන් කලේ, “මේ නෛතික ක්‍රියාවලිය තුළ නිශ්චිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන රාජකාරි මොනවා ද කියන එක අපට පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා ප්‍රධාන ලේකම්තුමා […]
ඊයේ මෙරටින් කොවිඩ් මරණ 15ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 800 සීමාව ඉක්මවා ගිගියා. එම ගණන 801ක්.
ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2,659ක් ඊයේ හඳුනා ගැනුණා. එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 125,906 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරුණු අතරදිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කර තිබෙනවා. එම ප්‍රදේශ පහතින්, ගම්පහ දිස්ත්‍රික්කය මහර පොලිස් බලප්‍රදේශයේ,ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 Aකේසී සිල්වා 70 B කටාන පොලිස් බලප්‍රදේශයේකදිරාන උතුර – ඇටබගහ වත්ත […]