ජාතික හැදුනුම්පත ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට එය කඩිනම් ලබා ගැනීම සදහා 0115 – 226 126, හෝ 0115 – 226 100 යන දුරකථන ඇමතුම් වලට අමතන ලෙසට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
සේවා අවශ්‍යතාව මත නාලක කලුවැව මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.
ඊයේ රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. කොට්ටාව හා අතුරුගිරිය අතර මෙම සිදුවීම සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
අනවසරයෙන් කැලෑ හෙළි කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිද්ධිය පිලිබදව බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරීන් 10,000කින් අඩුකිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව රොබෝ තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂනික ආදී අංශයන් ට සම්බන්ධ නිලධාරීන් ගැන අවදානය යොමු කරමින් එම අංශයන් වැඩි දියුණු කිරීමට අවදානය යොමුව තිබෙන බවයි සදහන් වන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 09.00 සිට පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
අද උදෑසන රාජගිරියේදී පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් අධික වේගයෙන් පැමිණි වෑන් රථයකට යට වී තිබෙනවා. එම අනතුරෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකයෙක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මෙම අනතුර රාජගිරිය, ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ සිදුව ඇති අතර සිද්ධියෙන් පොලිස් නිලධාරියා ඇතුළු තවත් අයෙක් මරණයට පත්ව තිබෙන බව […]
ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ 5ක් වාර්තා වුණා. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 551කි.
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි […]
ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට චීනය පසුකර ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90, 200 දෙනෙකු වන අතර එය චීනයෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවකි. මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින් ගණන 86,759 දෙනෙකු වන අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන […]
මෙරට කොවිඩ් එන්නත් 829865 ක් ඊයේ දිනය වනවිට අවසන් වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ, අවසන් මහා තරගයෙන් අනුශුරතාවය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ඊයේ හිමි වුණා. ශුරතාවය දිනාගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167ක් පමණි. ඒ අනුව, ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට ලකුණු 14ක ජයක් හිමිවූ […]