යතුරුපැදි 17 ක් සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව එම සැකකරු විසින් අදාල යතුරු පැදි විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ද අලෙවි කර ඇති බවයි පැවසෙන්නේ. මේ අතර යතුරුපැදි මිලදී ගත් පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කලේ.
පසුගියදා වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමුවූ ඝාතනයට ලක් වූ තරුණියගේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිද වන රමණි ක්‍රිෂාන්ති යන අය පොලිසියට සදහන් කර ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණිය දිලිණි ඇතුළු තවත් තරුණියක් සිය නිවසට පවා පැමිණ ඇති බවත්ය. මෙ පිලිබදව අදහස් දක්වමින් ඇය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ, “දවසක් මට මහත්තයා කිව්වා එය වැඩ කරන තැන කෙල්ලෝ […]
ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී. මේ අනුව මෙය ශ්‍රී ලංකාවේ 16 වන විශ්වවිද්‍යාලය වනවා.මෙම විශ්ව විද්‍යාලයේ ප්‍රථම කුලපති, මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ට විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා.
හෙට දින සිට පවතින වියලි කාලගුණ තත්වයේ වෙනසක් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. අද දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින්තැන සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත […]
චීනයේ ධනවත්ම පුද්ගලයා බවට වාර්තා වූ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා හට එම ස්ථානය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු 2019 සිට 2020 දක්වා චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි පුද්ගලයා වන අතර එරට ධනවතුන් සම්බන්ධයෙන් නිකුත්කළ නවතම ලැයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා ලෙස “බෝතල් කළ පානීය ජලය” අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන “නොන්ග්ෆු […]
එක එක රටවල් එක එක විදියට තමයි මේ ලැම්බෝ ගිනි නම් වචනය උච්චාරණය කරන්නේ. සුපිරි ඉතාලියානු නිෂ්පාදනයක් ලැම්බෝ ගිනි සන්නාමයට එක් කර ඇති තවත් නමක් තමයි ලැම්බෝ ගිනි හුරාකාන් කියන්නේ. ඒ නම් ලැබී ඇත්තේ ස්පාඤඤයේ තියෙන ක්‍රීඩාවක් වන බුල් ෆයිටින් නම් ක්‍රීඩාවට භාවිතා කරන විශාල ගවයින් අතර පෙරමුණේ සිටින හුරාකාන් නම් වේගවත් ගවයා ගේ නම් […]
පවතින තත්වය අනුව කොරෝනා එන්නත මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අංශ විසින් ඉල්ලීමක් කර තිබෙනවා. අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර සිටින්නේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ද දැඩි අවදානම් සහිත කාණ්ඩයක් ලෙස සලකා කටයුතු කරන ලෙසයි.
ඇල්පිටිය මූලික රෝහලේ පළමු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයකු එම රෝහල් වාට්ටුවෙන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙනවා.අදාළ රෝගියා කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ. අදාල පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ඉරණතිව් දුපත් වැසියන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද දිනයේදී ඔවුන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද නියමිත බව ද පැවසෙනවා.
පසුගියදා වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු හෙලි වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මෙලෙස ඝාතනයට ලක්වී හිස නොමැති සිරුර ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම […]
වේල්ල වීදිය ප්‍රදේශයේ දී හමුව වූ ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර රැගෙන ආ බව පැවසෙන සැකකරු වන 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා සිය දිවි හානි කරගෙන තිබුණ අතර ඔහුගේ මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ රබර් වත්තක තිබී හමුව තිබෙනවා.