News Line| Off Air
Generic placeholder image

Mar
2

කොවිඩ් සිරුරු භූමදානයට ස්ථානයක්

Generic placeholder image

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර ඉරණතිව් හිදී භූමදානමය කිරීම සඳහා අවසන් තීන්දුවක් ගෙන තිබෙනවා. මේ පිලිබදව කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදහස් දැක් වූ අතර මරණ සම්බන්ධයෙන් ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් වැඩි දුරටත් ඒ මහතා සදහන් කර සිටියා.


Mar
2

මාස 09 ක කුඩා බිළිදියකට අමානුෂික පහර දුන් තරුණ මව පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

වයස අවුරදු 24 තරුණ මවක් විසින් සිය මාස 09 වියැති කුඩා දැරියට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර මේ පිලිබදව අදාල කාන්තාව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. පහර කෑමට ලක් වූ කුඩා දරුවා පොලිස් භාරයට ගෙන තිබෙන අතර මේ සිද්ධිය වාර්තා වන්නේ යාපනය අරියාලේ ප්‍රදේශයෙන්.


Mar
2

කොළඹ වේල්ල වීදියෙන් හමු වූ හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර පිලිබදව තොරතුරු රැසක් අනාවරණය වෙයි

Generic placeholder image

කොළඹ වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයෙන් පොලිතීන් උරයක බහාලන ලද මළ සිරුරක් ඊයේ දිනයේ සොයා ගත් අතර හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර සහිත ගමන් බෑගය පිටකොටුව, වේල්ල වීදියට රැගෙන ගොස් ඇත්තේ, 143 ගමන් මාර්ගය ඔස්සේ, හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකින් බව අනාවරණය වී තිබෙනවා.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් […]


Mar
2

මෙරට පුද්ගලයින් ලක්ෂ 05 කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

Generic placeholder image

මෙරට පුද්ගලයින් ලක්ෂ 05 කට අධික සංඛාවකට කොවිඩ් 19 එන්නත ලබා දී තිබෙනවා. ඊයේ දිනය තුළ කොවිඩ් එන්නත් 42, 925ක් ලබා දී තිබෙන අතර ඒ අනුව එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 509,275 ක්.


Mar
2

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

Generic placeholder image

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. මිට සමගාමිව සැමරුම් උත්සවය අද ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එම සංවත්සරයට සමගාමිව ගුවන් හමුදා සාමාජිකයින් 7757 කගේ උසස්වීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. එමෙන්ම හෙට සිට 05 වනදා දක්වා ගාලුමුවදොර පිටියේදී ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වෙනු ඇති.


Mar
2

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක


Mar
1

නරුම පුතෙක් සියා පියාට පහර දී ඝාතනය කරයි

Generic placeholder image

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ දී පුත්‍රයෙක් විසින් සිදු කල පහර දීමකදී පියා මිය ගොස් තිබෙනවා. 64 හැවිරිදි වියේ පසුවන පියාට ඊයේ රාත්‍රියේ දී මෙලෙස මානසික අබාධයකින් පෙලෙන පුත්‍රයා විසින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය පිලිබදව පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Mar
1

” සුනාමි බේබි – 81 ” ත් අද O/L ලියයි

Generic placeholder image

2004 දෙසැම්බර් 26 සුනාමි ඛේදවාචකයෙන් අතුරුදහන් වී සිට පසුව හමු වූ එකල දින 67ක් වූ වයස වූ “සුනාමි බේබි – 81“ ලෙස හඳුන්වනු ලබන ජෙයරාස් අභිලාෂ් ද අද අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබෙනවා. නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට උපහාර දක්වමින් අභිලාෂ් එලෙස විභාගය සඳහා පිටව ගොස් තිබෙනවා.


Mar
1

දෙදරු පියකුගේ මළ සිරුරක් වල්පොළ කදුරුගම වැවෙන් මතුවෙයි

Generic placeholder image

වල්පොළ කදුරුගම වැවේ ගිලී තිබියදී දෙදරු පියෙකුගේ මළ සිරුරුක් හමුව තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත සිදු කරනු ලැබූ විමර්ශනයකදී මෙම මළ සිරුර හදුනා ගෙන තිබෙන අතර ඒ එම වැව අසලින් ගමන් කරමින් සිටි ලොරි රථයක පිරිසක් වැවට වැටී තිබූ යතුරුපැදියක් දැක ඒ බව පොලිසියට දැනුවත් කිරීමත් සමගයි. මේ අනුව අදාල පුද්ගලයා පැමිණියේ […]


Mar
1

කැලණිය, වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී යුද හමුදා බස් රථයක්, දුම්රියේ ගැටී සිදු වූ අනතුර ( photo)

Generic placeholder image

කැලණිය, වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන 09.20 ට පමණ යුද හමුදා බස් රථයක්, මහනුවර සිට කොටුව බලා ධාවනය වු ශීඝ්‍රගාමි දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. විදුලි සංඥා ක්‍රියාත්මකව තිබිය දී බස් රථය දුම්රිය හරස් මාර්ගයෙන් ධාවනය කරවීමට උත්සහ කරමින් සිටියදී අදාල බස් රථය දුම්රියේ ගැටී තිබෙන්නේ. එම අනතුරෙන් පසු දුම්රියේ ගැටුණු බස් රථය […]


Mar
1

ඊයේ දිනයේ කොළඹින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතුරින් 56 දෙනෙකු තලංගම ප්‍රදේශයෙන්

Generic placeholder image

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 352 අතරින් වැඩිම ගණනක් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කයෙන් 56 දෙනකුම වාර්තා වී ඇත්තේ තලංගම ප්‍රදේශයෙන් වනවා. මීට අමතරව ඊයේ දිනය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 57 දෙනෙකු ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 16ක්, මහනුවර 18ක්, කුරුණෑගල 14ක්, රත්නපුර 50ක්, ගාල්ල 24ක්, අම්පාර 02ක්, කෑගල්ල 06ක්, බදුල්ල 08ක්, මාතලේ 07, නුවරඑළිය 25, […]


Mar
1

මව ඥාති ගෙදරක නවතා ගිය 07 හැවිරිදි දරුවා ඥාති සහෝදරයෙකු සිදු කල පහරදීමකින් මරුට

Generic placeholder image

ඥාති සොහොයුරෙකු විසින් තියුණු ආයුධයකින් කල පහරදීමකදී අවුරදු 07 ක කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. මෙම පුවත කිළිනොච්චි ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම දරුවාගේ මව විසින් අදාල දරුවා සහ තවත් දරුවන් දෙදෙනකු සමග ඥාති නිවසක නතර කර මව මඩකලපුව ප්‍රදේශයට ගොස් ඇති බවයි පැවසෙන්නේ. අදාල දරුවා සිය ඥාති සහෝදරයා සමග නිවසින් පිටව ගොස් ඇති අතර නිවසට […]


News Articles
Latest Videos
Most Popular Post