වව්නියාව ප්‍රධාන පාසලක සිසුවියකට කොරෝනා වෙෙරසය ආසාදනය වීම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් 4ක් වසා දැමීමට තීරණයකර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ, වයස අවුරුක 15ක පාසල් සිසුවියකට වෙෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. ඒ අනුව වව්නියාව දෙමළ මහ විද්‍යාලය, දෙමළ මිශ්‍රපාසල පාසල, ගාමිණි ජාතික පාසල හා රම්බකුලම බාලිකා විද්‍යාලය යන පාසල් දින නියමයකින් […]
දිනකට මෙරටට පැමිණිය හැක්කේ විදෙස් සංචාරකයින් 500කට පමණක් බවත් එලෙස පැමිණෙන සියල්ලන් පී.සී.ආර්. පරික්ෂණවලට යොමුකර නිරෝධායනය සදහා යොමු කරන බවත් සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. ගුවන්තොටුපළ යළි විවෘත කිරීම සහ ඊට අනුබද්ධ කටයුතු සම්බන්ධයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී අදාළ තීරණවලට එළැඹ තිබෙනවා. සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ, එලෙස පැමිණෙන විදෙස් සංචාරකයින් නිරෝධායනය […]
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමු වීමට ඔහුගේ නීතීඥයින්ට හෙට අවස්ථාව දිය හැකි බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා වන අතර ඒ අනුව ඔහුගේ නීතීඥයින්ට ඔහුව හමුවිය හැක්කේ හෙට පස්වරු 2.30ටයි. ඒ සදහා අවසර දෙන ලෙස අපරාධ […]
කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. එමෙන්ම කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථානපනය කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී නිවේදනය කෙරුණා.
වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂරය ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය සේවාලාභීන්ට පහසු වන ආකරයෙන් සැළසුම් කිරීම අරමුණු කර ගනිමින්. පාළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී සෑම අවස්ථාවකම අංක තහඩු වෙනස් කිරීමට සිදුවීමෙන් සේවාලාභීන්ට මෙන්ම මෝටර් […]
හිටපු අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව මගින් කින්නියා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, 2015 – 2019 කාලයේ සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වැල්ලවාය – තණමල්විල මාර්ගයේ තණමල්විල, සිරිනන්දපුර ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබුණා. අනතුරින් තුවාල ලබා අැත්තේ 23 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක් සහ 40 හැවිරිදි පුද්ගලයෙක්. ඔවුන් තණමල්විල රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සදහා […]
තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ සහ එනසාල් තොග ප්‍රදේශ කිහිපයකදී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. ඒ හලාවත – කරුකපනේ, මන්නාරම සහ සීලාවතුර යන ප්‍රදේශවලදීයි. හලාවත, කරුකපනේ ප්‍රදේශයේදී කහ කිලෝග්‍රෑම් 200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු අතර මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේදී ඊයේ තවත් අයෙක් අත්අඩංගුවට ගත්තේ කහ කිලෝග්‍රෑම් 647ක් සමගයි. මේ අතර ලද තොරතුරකට අනුව තවත් […]
ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර විස්සයි විස්ස දෙවැනි අවසන් පූර්ව තරගය සදහා ඊයේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ඒරෙහිව පිටියට පිවිසියේ දඹුල්ල වයිකිං කණ්ඩායමයි. ඒහිදී දඹුල්ල වයිකිං කණ්ඩායම පැරදූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අනිද්දා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඒ, ඊයේ තරගය ලකුණු 37කින් ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී […]
මීරිගම, කීනදෙණිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකදී මත්පැන් පානය කළ පුද්ගලයින් පිරිසක් අතරින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙකු රෝහල්ගතකර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පුද්ගලයින් දෙදෙනා එකම පවුලේ සහෝදරයින් වන අතර ඔවුන්ගේ මවගේ අවමංගල්‍ය උත්සවයේදී ඔවුන් තවත් පිරිසක් සමග එක්ව මත්පැන් පානයකර ඇති බවයි. එහිදී එම පිරිසෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනා […]
ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 154 දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් අයෙක් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්. ඇය මියගොස් ඇත්තේ පසුගිය 11 වැනිදා වන අතර කොරෝනා වෙෙරසය ආසාදනය වීමත් සමග අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදායබාධයක් ඇයගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා. එමෙන්ම මිය […]
අද දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් 356 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඉන් ආසාදිතයින් 302ක් මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසද, අනෙක් ආසාදිතයින් 54 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.