News Line| Off Air
Generic placeholder image

Nov
18

මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Generic placeholder image

මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, කහවත්ත, වැළිගෙපොළ, බලංගොඩ, ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, නිවිතිගල, කොළොන්න සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් එම නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරුණා. නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ කාල […]


Nov
18

තවත් කොරෝනා මරණ 3ක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ නංවමින් තවත් තිදෙනෙක් මියගියා. කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක් එලෙස මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම මරණ කොරෝනා මරණ ලෙස තහවුරු කළා. එම මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Nov
18

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල අද සිට මෙරට භාවිතයට අනුමැතිය

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට තුළ භාවිත කිරීම සඳහා සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, ඇන්ටිජන් බේස් රැපිඩ් ඩයෝග්නස් ටෙස්ට් නමැති පරීක්ෂාව සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ ලබා දුන් […]


Nov
18

නව ආසාදිතයින් 233ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 233 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 14,801ක්.


Nov
18

ආනයනය කළ සත්ත්ව මාංශ වර්ග කිහිපයක කොරෝනා වෛරසය ඇතැයි හෙළිකර ගත් බව චීනය කියයි

Generic placeholder image

බ්‍රසීලය, නවසීලන්තය සහ බොලිවියාව යන රටවලින් ආනයනය කළ ගව මස්වල සහ එම ඇසුරුම්වල කොරෝනා වෛරසය සොයා ගෙන ඇති බව චීනය පවසනවා. චීන මාධ්‍ය උපුටා දක්වමින් මේ බව වාර්තාකර තිබුණේ රොයිටර්ස් පුවත් සේවයයි. එවැනි තත්ත්වයක් තුළ ශීත කළ ආහාර පිළිබඳ කෙරෙන පරීක්ෂාවන් තවදුරටත් ඉහළ දැමීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ අතර ආජන්ටිනාවෙන් ආනයනය කරන ලද […]


Nov
18

මාළුවල කොරෝනා නැති බව පෙන්වන්න මන්ත්‍රී දිලිප් අමු මාළු කයි – මාළු අමුවෙන් කෑම රෝග ගණනාවකට මඟ පාදන බව වෛද්‍ය පාදෙණිය කියයි

Generic placeholder image

මත්ස්‍යයින්ගේ කොරෝනා වෛරසය නොමැති බවත්, මත්ස්‍යයින් ආරක්ෂිත බවත් පවසමින් විපක්ෂ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ඊයේ මාධ්‍යය ඉදිරියේ මාළු අමුවෙන් ආහාරයට ගත්තා. ඔහු පැවසුවේ, මත්ස්‍යය කර්මාන්තය බිඳ වැටී ඇති මෙවැනි අවස්ථාවක එය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහජනතාව මත්ස්‍යයින් ආහාරයට ගත යුතු බවයි. කෙසේ වෙතත් අමු මාළු ආහාරයට ගැනීම මිනිස් ශරීරයට අහිතකර බව වෛද්‍යවරුන් පෙන්වා […]


Nov
18

හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

Generic placeholder image

අත්‍යාවශ්‍යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, හෝමාගම, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලටයි. හෙට රාත්‍රී 9 සිට පැය 10 කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.


Nov
18

“වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධුරයෙන් ඉවත් වුණේ කැමැත්තෙන්” – සෞඛ්‍ය අමාත්‍යවරිය

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තනේ එම ධුරයෙන් අස් වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මේ බව පැවසුවේ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. වෛද්‍ය ජයරුවන් මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස අමාත්‍යවරිය ඉල්ලීමක් කර ඇති බවට සමාජ […]


Nov
18

රිදීගම සෆාරි උද්‍යානයේදී සිංහ පැටවුන් තිදෙනෙක් උපත ලබයි

Generic placeholder image

හම්බන්තොට, රිදීගම සෆාරි උද්‍යානයේදී ඊයේ සිංහ පැටවුන් තිදෙනෙකු උපත ලබා තිබෙනවා. ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.45ට පමණ මෙම පැටවුන්ගේ උපත සිදු වූ බවයි. එම පැටවුන්ගේ මව වයස අවුරුදු 8ක් වන ෂීනා නමැති ජර්මනියේ සිංහ ධේනුවක් වන අතර පියා වයස අවුරුදු 7ක් වන චීනයට අයත් සිංහයෙක් බව ද හේමන්ත […]


Nov
18

සාර්ථක කොවිඩ් එන්නත් නිපදවා ඇති රටවල් අතරට චීනයත් එක් වෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ලොව පුරා රටවල් ගණනාවක් ඒ සදහා එන්නත් නිපදවීමට පෙරමුණ ගෙන ක්‍රියා කරනවා. ඒ අතර චීනය ,ඇමෙරිකාව,රුසියාව ,ජර්මනිය වැනි රටවල් ප්‍රධාන වෙයි. ඒ අතර මේ වන විට චීනයේ නිෂ්පාදනය කර ඇති සිනොවැක් බයෝටෙක් නම් එන්නත ද සාර්ථක ලෙස කොරෝනා වෛරසයට එරහිව ක්‍රියා කරන බවයි පර්යේෂකයින් සදහන් කරන්නේ.


Nov
18

නාපානේ පේමසිරි මහා නාහිමිගේ ආදාහන පූජෝත්සවය 22 වැනිදා

Generic placeholder image

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය අද උදෑසන මහජන ගෞරවය සඳහා මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කෙරුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික අධ්‍යාපනපති පුජ්‍ය හූරීකඩුවේ පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ, ආදාහන පූජෝත්සවය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එළැඹෙන 22 […]


Nov
18

අනිල් ජාසිංහ කොවිඩ් මර්දන පිලිබද කාර්ය සාධක බලකායට යළි කැදවයි

Generic placeholder image

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් මර්දන පිලිබද කාර්ය සාධක බලකායේ කටයුතු සදහා කැදවීමට තීරණය කර තිබෙනවා. මේ වන විට ඒ මහතා පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස කටයුතු කරන අතර එම කටයුතු අතරතුර දීම ඔහු කොවිඩ් මර්දන පිලිබද කාර්ය සාධක බලකායේ කටයුතු සදහා කැදවීමටයි රජය තීරණය කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post