කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා. තැපැල්පතිවරයා පැවසුවේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු අදාළ තීරණය ගෙන ඇති බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රිෙය්දී සිදු වූ රිය අනතුරකින් ආණමඩුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොට්ටුකච්චිය ප්‍රදේශයේ ගොවිපොලකින් අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුක් මත එම ස්ථානාධිපතිවරයා තවත් නිලධාරියෙකු සමග අදාළ රථය පසුපස හඹා ගොස් තිබුණා. පොලිසිය පැවසුවේ, නිලධාරියාට රථය පාලනය කරගත නොහැකිව ආණමඩුව ඔරලෝසු කණුවේ ගැටී මෙම අනතුර සිදුව තිබූ බවයි. අනතුරින් […]
ඇමෙරිකානු ජනපතිවරණ සටනේ මේ වන විට වත්මන් ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂක ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් පැහැදිලි ජයක් අත්පත් කර ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්. එහි දී ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය හිමිකර ගැනීමට […]
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් සිව් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාත් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. එමෙන්ම එම සංස්ථාවේ 37 දෙනකුට සිය නිවසේ සිට ස්වයං නිිරෝධායනයට ලක්වෙන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
මේ වන විට බස්නාහිර පළාතට පනවා තිබෙන ඇදිරි නීතිය ලබන සදුදා සඳුදා උදෑසන 5.00 න් පසුව තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමේ අදහසක් නොමැති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී රට වසා දැමීමට කිසිදු අදහසක් ජනපතිවරයාට නොමැති බව සදහන් කළා. […]
සහල් මිල සඳහා නව පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව මිල ගණන් අද සිට බලපැවැත්වෙනු ඇති. අදාළ ගැසට් නිවේදනය පහතින් :
කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු නිවස තුළ ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා පසුගිය 2 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මියගොස් තිබෙනවා. ඔහුගේ දේහය සම්බන්ධයෙන් අද දින සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා මියයාමට ආසන්නතම හේතුව අනුව එම මරණය […]
කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය නිවසේ සිටියදී මියගොස් ඇති අතර ඇයගේ දේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම කාන්තාව කොරෝනා ආසාදිතව සිට ඇති බව හඳුනාගෙන තිබෙනවා. අදාළ කාන්තාව මසකට අධික කාලයක් රෝගී වී නිවසේ සිට ඇති බවත්, නිධන්ගත රෝගවලින් පෙළී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. එම කාන්තාව මිය […]
2019/2020 තක්සේරු වර්ෂ සඳහා වන ආදායම් වාර්තා ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදාට හෝ ඊට පෙර ගොනු කරන්නේ නම්, නියමිත දිනට වාර්තා ගොනු නොකිරීමට අදාළ දඩ පනවන්නේ නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම ආදායම් වාර්තා ගොනු කිරීමට අදාළ අවසන් දිනය මේ මස 30 වැනිදා වුව ද දැනට රට තුළ පවතින තත්ත්වය මත බදු ගෙවන්නන්ට […]
සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,000 ඉක්මවමින් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 274 දෙනෙකු වාර්තා වුණා. ඉන් 7 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගැනුණු අතර අනෙක් 267 දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,018ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ආසාදිතයින් 6097 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය […]
කොරෝනා වෛරසයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බවත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිතුමා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කොවිඩ් මර්දන කාර්යය සාධක බලකා සාමාජිකයින් අද හමු වූ අවස්ථාවේදීයි. […]
මෙරට 22 වැනි සහ 23 වැනි කෝරෝනා මරණ ඊයේ වාර්තා වූ අතර ඔවුන් දෙදෙනාම කොළඹ මහනගර සභා සීමාව තුළ පදිංචිව සිටි කාන්තාවන්. ඉන් එක් කාන්තාවක් පසුගිය පළමුවැනිදා මියගොස් තිබුණා. 68 හැවිරිදි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත්තේ ඇයගේ දේහය පිළිබඳ කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුවයි. ඒ අනුව එය මෙරට සිදු වූ 22වැනි කොරෝනා […]