මෙරට තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 126 ක්. මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 523 ක් වන අතර රෝහල් වල ප්‍රතිකාර ලබන පිරිස 390 ක් වනවා.
කොරෝනා වෛරස් සබදතා සොයා ගැනීමේ ජංගම දුරකථන යෙදවුමක් ඕස්ට්‍රේලියානු රජය විසින් එරට පුරවැසියන්ට හදුන්වා දී තිබෙනවා. සිංගප්පූරුවේ හදුන්වාදීමක් මත පදනම්ව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ගේ‍්‍රග් හන්ට් ඊයේ රාත්‍රියේ අදාළ යෙදවුමේ සංඛ්‍යාලේඛණ බාගත කිරීම තහවුරු කළ බව විදෙස් මාධ්‍ය පැවසුවා. ඒ අනුව දැනටමත් ඕස්ට්‍රේලියාවේ මිලියනයක පමණ පිරිසක් මෙම යෙදවුම බාගත කරගෙන ඇති බව සදහන්.
බාල වයස්කරුවන්ට මරණ දඩුවම දීම අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට ලබාදෙන සිර දඩුවම් කාලසීමාවද වසර 10 ක් දක්වා අඩු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මානව හිමිකම් චෝදනා වලට ප්‍රතිචාරයක් ලෙස සෞදි රජය මෙම තීරණය ගෙන ඇති බව විශ්වාස කෙරෙනවා. සෞදි පරිපාලනය මෑතක සිට සමාජ හා නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට යොමු වී […]
හුදකලා කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ නිරෝධායන ක්‍රියාවලීන් සහ ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසයි. මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබේ.කඳවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි විෂබීජහරණය කිරීමට ද පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. කඳවුරු පරිශ්‍රය තුළ දී වෛරස ආසාදිතයින් […]
නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අද(27) සිට යළි ආරම්භ වෙයි. එම දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නියුතු පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකාවක් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගත් නිවසකින් ආහාර ලබාගැනීම හේතුවෙන් ඇති වූ සැකය මත නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය සදුදා සිට වසා දැමුණි. එහි සේවයේ නියුතු එම ආරක්ෂක නිලධාරිනිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සදහා ලක් කෙරුණ ද ඔවුන් අතරින් කිසිදු ආසාදිතයෙකු හමු […]
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද(27) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව සඳහන් […]
අද(27) දිනය තුළ ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයින්ට තම කඳවුරු වෙත වාර්තා කරන ලෙස ආරක්ෂක අංශ නියම කර තිබේ. ඔවුන්ට අදාළ කඳවුරු වෙත පැමිණීම සදහා ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර එසේ ප්‍රවාහන පහසුකම් සලසා ගත නොහැකි සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආසන්නතම කඳවුරු වෙත වාර්තා කරන ලෙසයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. මේ […]
මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙනවා. ඊයේ(26) මධ්‍යම රාත්‍රී වන විට සමස්ත ආසාදිතයන් 523ක් වාර්තා වුණා. ඊයේ දිනය තුළ දී පමණක් ආසාදිතයින් 63ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා. එය මෙතෙක් එක්දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. පසුගිය සදුදා සිට ගත වූ දින 06ක කාලය තුළ ආසාදිතයන් දෙසිය පනස් දෙදෙනෙකු […]
අද(27) දිනය තුළ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ….නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වාගැනීම පහසු වන පරිදි ඇදිරි නීතිය පැනවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය. කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට උදෑසන 5.00ට ඉවත් කර එදිනම රාත්‍රී 8.00 යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි…..
ශී‍්‍ර ලංකාවේ වාර්තා වන කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව රෝගීන් 396 ක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ වන විට කොරෝනා ආසාධිතයින් 120 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය ආසාධනය වී මෙරට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 07 ක්.
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 505 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තම කදවුරු වෙත ආපසු යාමට ප්‍රවාහන පහසුකම් සොයාගත නොහැකි නම් ළගම ඇති කදවුරට වාර්තා කරන ලෙස නිවාඩු ලබා සිටින ති‍්‍රවිධ හමුදා නිළධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.