කොරෝනා වෛරසය පැතිර යන පසුබිමක සැනිටයිසර් හෙවත් අත්පිසිනා දියර බෝතල් 5 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොංකොං හි පුද්ගලයෙකු දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 47 හැවිරිදි අදාල පුද්ගලයා එම චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක්වුන් ටොන් මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ නියෝග කර ඇති බව වාර්තා වනවා. අදාල සැකකරු සොරකම් කර […]
මාර්තු 17 සිට 20 දක්වා වන කාලය තුළ සියලු අධිකරණවල ගැනීමට නියමිතව තිබූ නඩු කෘත්‍ය කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට අප්‍රේල් මුල් සතියේ දී නඩු විමසීම සිදු කරන බවත් නැවත දින නියම කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් පවසනවා. අධිකරණය පරිශ්‍රවල ජනතාව රැස්වීම සීමා කිරීමේ අරමුණින් ,නඩු කටයුතු තාවකාලිකව කල් දැමීම පිළිබඳ හෙට තීරණයක් ගන්නා […]
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට(17) සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ කේ.අරුණු ප්‍රභා පෙරේරා මහත්මිය මේ බව දැනුම් දුන්නා. ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර විවෘත කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රට තුළ පවතින තත්ත්වය හමුවේ රජය ගෙන යන වැඩපිළිවෙලට සියලු දේශපාලන පක්ෂවල සහාය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. නාමයෝජනා බාර දෙන තැනැත්තා හා ඔහුගේ සහායකයා හැර අනෙක් අය ශාලාවට ඇතුළු නොවන ලෙස මෙහිදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. […]
හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය හෙට සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වී.ගුණතිලක මහතා මේ බව සඳහන් කළා. නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද(16) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අනුර කුමාර මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූ අතර ඔහු කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදිනු ඇති. පක්ෂයේ තවත් නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී නාම යෝජනා පත්‍ර සඳහා අත්සන් කළ […]
22 වන කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මොහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වනවා.
දකුණු අප්‍රිකාවෙන් කොරෝනා වෛරස ආසාදිතයින් 61 ක් හමු වී ඇති අතර කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නෑ. දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා රටේ කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හදිසි හා දැඩි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා දකුණු අප්‍රිකාවට ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට රට තුළ වෛරසය […]
අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දින හමුව තාවකාලිකව නතර කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසනවා. ලොව බොහෝ රටවල පැතිර යන කොරෝනා ආසාදිත තත්ත්වයට ශී‍්‍ර ලංකාව රටක් ලෙස ඉතා සාර්ථකව මුහුණ දෙමින් සිටින මෙම අවස්ථාවේ මහජන සෞඛ්‍යාරක්‍ෂාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේත්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේත් නායකත්වයෙන් සහ සෘජු මැදිහත්වීමෙන් ගෙන යන ජාතික […]
මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස රජය ඉකුත් දා ප්‍රකාශ කල අතර මෙම නිවාඩුව තව දුරටත් දීර්ඝ කිරීම ගැන අවසන් තීරණය පිලිබදව මේ වන විට මාධ්‍ය දැනුවත් කර තිබෙනවා. ඒ අනුව රජය විසින් තව දුරටත් මෙම නිවාඩුව දීර්ඝ නොකිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය හමුවේ දිවයිනේ පොදු ස්ථාන ජීවාණුහරණය කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වන විට 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය සැලකිල්ලට ගෙන මහජනයා බහුල වශයෙන් ගැවසෙන ස්ථාන ජීවානුහරණය සඳහා රජය පියවර ගෙන තිබෙන අතර ඒ අනුව […]
සමාජ මාධ්‍ය හරහා කොරෝනා වෛරසය පිලිබද අසත්‍ය කටකතා පතුරුවා හැරීම සම්බන්ධයෙන් රාගම සහ බණ්ඩරගම ප්‍රදේශයේ රහස් පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.