News Line| Off Air
Generic placeholder image

Mar
16

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් තිදෙනෙක් මේ වන විට හමුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. වයස අවුරුදු 13 ක ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බව වෛද්‍යවරයා කියා සිටියා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ […]


Mar
16

ක්‍රිස්ටියානෝ තම හෝටල් ‌කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා ලබාදෙයි

Generic placeholder image

ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පිහිටි ඔහුගේ හෝටල් දාමය කොවිඩ් 19 ආසාදනය වී තිබෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී තිබෙනවා. මේ අතර වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ වැටුප් ඇතුළු සෑම පහසුකමක් ​සඳහාම තම පෞද්ගලික ධනය යෙදවීමට ක්‍රිස්ටියානෝ පියවර ගෙන ඇති බව සඳහන්.


Mar
16

කෞතුකාගාර 11ක් අද සිට තාවකාලිකව වැසේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යප්ත වීම පාලනය කිරීම සැලකිල්ලට ගෙන කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාර අද සිට තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කෞතුකාගාර 11 මෙලෙස වසා තැබෙනු ඇති.


Mar
16

සතියක කාලයක් රජයේ නිවාඩු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියක කාලයක් දක්වා රජයේ නිවාඩු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම රට පුරා පිහිටි සියලුම වරායන් සහ ගුවන් තොටුපළවල් සති දෙකක කාලයක් වසා දමන ලෙස රජයේ වෛද්‍ය සංගමය වැඩිදුරටත් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියා.


Mar
16

රියදුරු බලපත්‍ර ආශ්‍රිත සේවා තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කිරීමට රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යාංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර තිබෙනවා. හෙට(17) සිට 2020 මාර්තු 31 දක්වා කාලය තුළ වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයේ හෝ අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත්‍ර ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බව […]


Mar
16

විභාග රැසක් කල් දැමේ

Generic placeholder image

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග රැසක් කල් දමා තිබෙනවා. උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය 2020 මාර්තු 31 දක්වා දිගු කර තිබෙන අතර මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වු අපේක්ෂකයින් වේ නම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් අයඳුම් කළ යුතු බවත් විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා.


Mar
16

සංචාරක එංගලන්ත කණ්ඩායම යළි සිය රටට යයි

Generic placeholder image

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කොරෝනා වෛරසය ශ්‍රී ලංකා තුල පැතිර යෑම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ඒ අනුව සංචාරක එංගලන්ත කණ්ඩායම යළි සිය රටට බලා පිටත්ව ගියා.


Mar
16

පොළොන්නරුවේ පොහොට්ටු නායකත්වය රොෂාන් රණසිංහට

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා. පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස රොෂාන් රණසිංහ මහතා පත්කළ යුතු බවට එම පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩලය පසුගියදා රැස්වී යෝජනාවක් ද සම්මත කර ගත් අතර ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා […]


Mar
16

බහාමාස් රාජ්‍යයෙන් පළමු කොරෝනා ආසාදිතයා හමු වෙයි

Generic placeholder image

බහාමාස් රාජ්‍යයෙන් කොරෝනා වෛරස ආසාධිත පළමු රෝගියා වාර්තා වී තිබෙන බව එරට අග්‍රාමාත්‍යවරයා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඇය 61 හැවිරිදි කාන්තාවක් වන බවයි පැවසෙන්නේ.


Mar
16

කොරෝනා ලොව පුරා රටවල් 140 ක් ගොදුරු කරගනිමින් මරණ සංඛ්‍යාව 6500ක් ඉක්මවයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 140 ක් පුරා ව්‍යාප්තව තිබෙන අතර මේ වන විට සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 6500 ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාදිත සමස්ත ගණන 169,000 ක්. චීනයෙන් පසු වැඩිම කොරෝනා බලපෑමට ලක්වූ ඉතාලියෙන් සිදුව තිබෙන මරණ ගණන 1,809 ක්. මේ වන විට චීනයේ වුහන් නගරයේ ආරම්භ වූ මෙම වසංගතයයේ කේන්ද්‍රස්ථානය ලෙස […]


Mar
16

කොරෝනා වෛසරය බෝ විය හැකි තවත් ක්‍රම මෙන්න

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය බෝ විය හැකි නවතම ක්‍රම කිහිපයක් පිලිබදව වැඩි අවධානයක් යොමුව තිබෙනවා. එනම් බොහෝ විට මෙම වෛරසයට දුම් පානය කරන පිරිස් ගොදුරු වීමේ අවදානමක් මතුව තිබෙන බවයි සදහන් වන්නේ. මන්ද යත් මෙම වෛරසය බලපෑම් කරන්නේ මිනිස් සිරුරේ ශ්වසන පද්ධතියට වන අතර ඒ අනුව පෙනහළු වල අක්‍රියභාවය හේතුවෙන් පුද්ගල මරණ සිදුවන බවයි පරික්ෂණ සිදු […]


Mar
16

කොරෝනා චීනයට ලැබුණු දේව දඩුවමක් කියූ පුජකවරයාත් දේව දඩුවම් ලබයි

Generic placeholder image

පසුගියදා ඉරාකයේ ඉස්ලාමිය පුජකවරයෙක් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කලේ කොරෝනා වෛසරසය චීනයට ලැබුණු දේව දඩුවමක් බවයි. පුජකවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේ චීනයේ පාලකයින් කුරිරු බවත් මුස්ලිම්වරුන්ට පහරදීම හේතුවෙන් චීනය මෙවන් විපතකට මුහුණ දී ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කලේ. කෙසේ වෙතත් මේ ප්‍රකාශය කල ඒ ඉස්ලාමිය පුජකවරයාත් මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති […]


News Articles
Latest Videos
Most Popular Post