නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග ලොවපුරා මිලියන 290ක ළමුන්ට පාසැල් යාමට අවස්ථාව අහිමි වී තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තියත් සමග චීනය, හොංකොං, දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය ඇතුළු ලොව රටවල් 13ක පාසැල් වසා දැමීමට එම රටවල් තීරණය කරනු ලැබුවා. මේ හේතුවෙන් මිලියන 290.5ක ළමුන් පිරිසකට පාසැල් අධ්‍යාපනය තාවකාලිකව නතර කර ඇති බව විදෙස් වාර්ත පවසනවා. මේ වන විට […]
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා හෙට (06) දින උදෑසන සිට විවෘත කෙරෙනවා. ඒ අනුව ගුවන් තොටුපළ තුළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ඇති ලොබි ශාලා වෙත, එක් ගුවන් මගියෙකු සමඟ එක් අමුත්තෙකුට පමණක් පැමිණිය හැකියි. මේ සදහා රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වන අතර එම […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ළූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ළූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නංවා තිබෙනවා. ලොකු ළූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික මිල ඒ අනුව රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති […]
දිවයින පුරා ළමුන් 20, 000ක් සම්බන්ධ කරගනිමින් “පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා කළ සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක්ව තිබෙනවා. ලෝක ළමා දිනයට සමගාමීව එළිදැක්වුණු ‘පුදුම පළිඟුව’ නමැති කතන්දර පොත ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචනා කරන ලද්දක්. දරුවන් තම පරිකල්පන ශක්තිය සහ නිර්මානශිලිත්වය යොදා ගනිමින් කතන්දර […]
හෙට දිනයේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව දුම්රිය රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළා. අසනීප නිවාඩු වාර්තා කර සිය සාමාජිකයන් හෙට දිනයේ එම වෘත්තීය කි‍්‍රයාමාර්ගයේ නිරත වන බව එහි ප‍්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවා. දුම්රිය ප‍්‍රමාදයන් සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් ඉලක්ක කර ගනිමින් අමාත්‍ය විමල් වීරවංශ කළ ප‍්‍රකාශයක් මුල් කර ගනිමින් එය කි‍්‍රයාත්මක කරන බවද දුම්රිය රියදුරන්ගේ සංගමයේ […]
රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන සේවාවන් පවත්වාගෙන යාම සඳහා 1966 අංක 37 දරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ සහ 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ ප්‍රතිපාදන අනුව මේ වන විට පෞද්ගලික ගුවන් විදුලි විකාශන සඳහා බලපත්‍ර නිකුත් […]
වාරියපොල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් 50 කට අධික පිරිසක් විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයක ඇති වූ ගින්නකින් නිකුත් වූ දුමාරය ආඝ්‍රණය වීමෙන් පසු අදාළ සිසුන් විවිධ ආසාත්මිකතාවන්ට ලක්ව ඇති බව සදහන්. ඔවුන් වාරියපොල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ක්ලාන්තය, ඇඟ කැසීම සහ හුස්ම ගැනීමේ අපහසුතා […]
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් මහලේකම් එම්. සහිදුල් ඉස්ලාම් මහතා මහතාට නිල වශයෙන් දැනුම් දෙනවා. මහලේකම්වරයා ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරුණා. 2018-2020 වසර දක්වා බිම්ස්ටෙක් සභාපතිත්වය […]
සියත ගොඩයන ලක්ෂය වැඩ සටහන පසුගිය සිකුරාදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී තවත් ලක්ෂපතියෙක් බිහිකළ අතර මේ සිකුරාදා ගොඩයන ලක්ෂයේ හිමිකරුවා කවුද? ඔබත් පැමිණෙන්න මේ සිකුරාදා සවස 05 ට නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටට.
නව ජලය ලබාදීමේදී අයකරන මූලික ගාස්තුව රුපියල් 8000 සිට රුපියල් 2500ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. නව ජල සමබඳතාවක් ගැනීමේදී රුපියල් 20000ක මුදලක් ගෙවිය යුතු අතර එහිදී පළමු වාරිකය ලෙස රුපියල් 8000ක් ගෙවීමට සිදුවිය. ඉතිරි මුදල වර්ෂයක් තුළ වාරික වශයෙන් ගෙවිය යුතුව තිබුණා. කෙසේවෙතත් මූලිකව ගෙවිය යුතු මුදල රුපියල් 2500ක් දක්වා අඩුකර […]
රටම දන්නා සුපිරි රේඩියෝ ඩබල අරවින්ද සහ අයිශ්චර්යා සහභාගී වන වැඩ සටහන මගින් පසුගිය මාසයේදී අසන්නන් වෙනුවෙන් සිංගර් මහන මැෂින් ලබාදීමේ තරගයක් පැවැත්වුවා. මෙම තරගය මුලිකවම ක්‍රියාත්මක වුයේ සියත fm facebook පිටුව හරහායි. එහිදී ජයලැබූ ජයග්‍රාහකයින් ඊයේ දිනයෙදී තමන්ට හිමි සිංගර් මහන මැෂින් ලබා ගත්තා. මේ එහිදී ඔවුන් දැක්වූ අදහස්.
උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගනීමේ වැඩසටහන යටතේ උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මැතිවරණය නිමවන තෙක් අත්හිටුවීමට මැතිවරණ කොම්ෂන් සභාව තීරණය කර තිබෙනවා. රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන ලබාදෙන පුහුණුව නවතා දමන ලෙස මැතිවරණ කොමිෂම දුන් නියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. මෙම වැඩසටහන යටතේ උපාධිධාරීන් 45585කට පත්වීම් ලබාදුන් අතර එම […]