News Line| Off Air
Generic placeholder image

Mar
5

හිටපු අගමැති රනිල් විදෙස් ගත වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ රාත‍්‍රීයේ 10.05 ට පමණ විදෙස් සංචාරයක් සදහා ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන්.


Mar
5

කොරෝනා සදහා නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත පළමු වරට මිනිසුන් සදහා අත්හදා බැලීමට සුදානමින්

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් නව කොරෝන වෛරසය සදහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරන එන්නත මානව අත්හදා බැලීම ලබන මාසයේදී සිදු කරනු ලබන බව වාර්තා වෙනවා. ඒ අනුව එම අත්හදා බැලීම සිදු කරනු ලබන්නේ ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක් සහ ඇමෙරිකාවේ ඖෂධ සමාගමක් විසින්ය. මිට පෙර මෙම ප්‍රතිශක්තිකරණ එන්නත සතුන් සදහා අත්හදා බැලීමට ඉකුත් මාසයේදී පියවර ගෙන තිබුණා. ඒ අනුව […]


Mar
5

බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා නව බෝට්ටු සේවාවක්

Generic placeholder image

බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා නව බෝට්ටු සේවාවක් ඉඩම් සංවර්ධන අධිකාරියේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම සේවාව භාවිත කරමින් ජනතාවට මිනිත්තු 30 ක් පමණ කාලයක් ගත වන බවයි පැවසෙන්නේ. මගී ජනතාවගේ පහසුව සදහා මෙම වැඩපිළිවෙල දියත් කර තිබෙන්නේ.


Mar
5

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ

Generic placeholder image

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ ශිෂ්‍ය අත්පොත නිකුත් කර තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරනවා. ඒ අනුව එම අත්පොත අද දිනයේ සිට සිසුන්ට පොත් අළෙවි සැල්වලින් ලබාගත හැකි බව එම කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කළා.


Mar
5

කොරෝනා බියෙන් ඉතාලියේ සියලු පාසල් වසා දමයි

Generic placeholder image

ඉතාලියේ සියලු පාසල් වාසා දැමිමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ එරට වේගයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තිය වීම හේතුවෙන්. ඒ අනුව අද සිට දින 10 ක කාලයක් එරට සියලු පාසල් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඉතාලිය තුළ මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 107ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 3089 දෙනෙකු වාර්තා වෙනවා.


Mar
5

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ මධ්‍යම පළාතේ සහ රත්නපුර,ගාල්ල, මාතර, දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


Mar
4

ශ්‍රී ලංකාවට ළකුණු 197 ක ඉලක්කයක්

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 197 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් බිඳවැටී ළකුණු 196 ක් ලබාගත්තා. ලෙන්ඞ්ල් සිමන්ස් නොදැවී 67 යි. ඔන්ඩ්‍රි රසල් 35 යි. කිරන් පොලාර්ඞ් 34 ක්ද බ්‍රැන්ඩන් කිංග් 33 ක්ද ලබාගත්තා. ලසිත් මාලිංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන් […]


Mar
4

පළමු T20 තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට

Generic placeholder image

ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයේ කාසිය වාසිය දිනාගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා. ඒ අනුව කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර මේ වන විට කොදෙව්වන් කිසිදු එක් කඩුල්ලක් දැවී ලකුණු 74 ක් රැස්කරගෙන තිබෙනවා. තරග පැවැත්වෙන්නේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේයි.


Mar
4

සියත ගොඩයන ලක්ෂයේ සල්ලි බෑගය හොරු උස්සයි – CCTV දර්ශන මෙන්න

Generic placeholder image

සියත ගොඩ යන ලක්ෂයේ මහ පාරට ගිය පළමු අදියරය පසුගිය සිකුරාදා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වුණා. එහිදී කඩුවෙල සුනිල් ලක්ෂයේ ජයග‍්‍රාහකයා බවට පත්වුණා. අද උදෑසන සියත FM Morning Show තුළින් ගොඩයන ලක්ෂයේ දෙවන අදියරය සම්බන්ධයෙන් රටම දන්න රේඩියෝ ඩබල වන අරවින්ද හා ආශ්චර්යා Facebook live එකක් සමග එක්ව දැනුවත් කිරීමක නිරතව සිටියා. එම අවස්ථාව […]


Mar
4

විලියම් සහ කේට් අයර්ලන්තයේ සංචාරයක

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ විලියම් සහ කේට් රාජකීය යුවල අයර්ලන්තයේ සංචාරයක් සදහා එක්ව සිටිනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව රාජකීයයන් අයර්ලන්තයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය බව සදහන්. එමෙන්ම යුවළ ඩබ්ලින් අගනුවර පිහිටි සියවස් ගණනාවක ඉතිහාසයක් ඇති, ගිනස් නම් ප්‍රකට ස්කාගාරයේ සංචාරයක් සදහා ද එක්ව තිබෙනවා. රාජකීයයන් එක්වූ මෙම විශේෂ අවස්ථාව සංවිධානය කර තිබුණේ අයර්ලන්තයේ බ්‍රිතාන්‍ය තානාපති රොබින් […]


Mar
4

බැඳුම්කර වංචාවට අදාල 12 දෙනාට විදෙස් ගතවීම තහනම්

Generic placeholder image

බැඳුම්කර වංචාවට අදාලව රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් ඇතුළු 12 දෙනාට විදෙස් ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම ගැන තීන්දුව අනිද්දා(06) ලබාදීමට නියමිත බව සදහන්.


Mar
4

ඉතාලියේ වැළද ගැනීම, හාදු දීම මාසයක් යනතුරු තහනම්

Generic placeholder image

ඉතාලියේ ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලියේ පමණක් මේ වන විට වෛරසය ආසාධිත රෝගීන් 2502ක් සිටින බව එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කළා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඉතාලි රජය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව වයස අවුරුදු 75 ට වඩා වැඩි පුද්ගලයින්ට නිවෙස් තුලටම […]


News Articles
Latest Videos
Most Popular Post