එළැඹෙන මහ මැතිවරණයේ පරිපාලනමය කටයුතුවලට අදාල ගැසට් නිවේදන 04ක් නිකුත් වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ගැසට් නිවේදන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණා. මැතිවරණයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රී සංඛ්‍යාව, ස්වාධීන කණ්ඩායම් තැන්පත් කළ යුතු ඇප මුදල් සහ දේශපාලන පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව එක් […]
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරඟය අද (04) පැවැත්වෙනවා. ඒ පළමු තරඟය අද පල්ලේකැලේදි ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරඟ දෙකක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගී වන්නේ ලසිත් මාලිංගගේ […]
සමගි ජන බලවේගය ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ලකුණ පිලිබදව අවසන් තීරණයක් අද ගැනීමට නියමිතව තිබෙන බව වෙනවා. ඒ පිලිබදව විශේෂ සාකච්ඡාවක් අද හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. සමගි ජන බලවේගය ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින බව ඊයේ නිල වශයෙන් මැතිවරණ කොමිසම හමුවේ දැනුම් දුන් බව එහි […]
කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා ඉරානයේ සිරකරුවන් 54,000 කට අධික පිරිසක් තාවකාලිකව මුදාහැරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ලොව පුරා සීඝ්‍රයෙන් කොවිඩ් – 19 නෙවත් නව කොරෝන වෛරසය හේතුවෙන් මේ වන විට ඉරානයේ මිය ගිය සංඛ්‍යාව 77 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට T 20 තරග සදහා නිමැවුණු නවතම T20 jersey එක එළිදක්වා තිබෙනවා. එහි ජායා රූප පහතින් දැක්වේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී ඊයේ දින පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ තිබි කිලෝ ග්‍රෑම් දෙකක පමණ බරින් යුතු වෙඩි බෙහෙත් කූරු තොගයක් සොයාගත් අතර, මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේදී අත්බෝම්බයක් එලෙස සොයාගත් බවත් සවුත්බාර් ප්‍රදේශයේදී සොයාගත් වෙඩි බෙහෙත් පිරවු කූරු මසුන් මෑරීමට යොදා ගන්නා වෙඩි බෙහෙත් කූරු තොගයක් වන […]
දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් හා ඉරානයෙන් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසු අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලාංකීකයින් හා විදේශිකයින් යන දෙපාර්ශවයම […]
හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිත කළ නිල වාහන සහ නිල නිවාස ලබන 20 වනදාට පෙර භාර දෙන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. 8 වන පාර්ලිමේන්තුව ඊයේ ඊයේ මැදියම් රාත්‍රියේදී විසුරුවා හැරි අතර ඒ පිලිබදව ගැසට් නිවේදනය නිකුත් වීමත් සමගම සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිලිබදව […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කඩුළු රකින ක්‍රීඩක කුසල් ජනිත් අද යුග දිවියට පිවිස තිබෙනවා. ඒ කලණි නම් තරුණියක් සමගයි. එම අවස්ථාවේ මංගල ජයා රූප කිහිපයක් පහතින් දැක්වේ.
ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබෙනවා. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් මෙම ලැයිස්තුව එළිදක්වා තිබුණා. මේ අනුව ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබෙන අතර දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේත් තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් පත්ව තිබෙනවා. පේටන්ට් සංඛ්‍යාව, සන්නාමයේ […]