යුක්රේන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙළීමට සිදුවීම ඉරානයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණයක් බව එරට අධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් හමේනි සදහන් කළා. ජාතික සමගිය වෙනුවෙන් ඉරානයේ සතුරන්ට එරෙහිව එක්වන ලෙසට සිකුරාදා යාඥා මෙහෙයවමින් ඔහු ඉරාන ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියා. ඉරාන අධ්‍යාත්මික නායකයා විසින් යාඥා මෙහෙයවීම දුර්ලභ අවස්ථාවක් වන අතර ඊයේ දින ඔහු එම කටයුතු […]
සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටු දැකීම අරමුණු කර ගනිමින්. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තොරතුරු තාක්ෂණ බලධාරින් සමග මීට අදාළ හමුවක් පැවති අතර එහිදී සේවාලාභියා සේවා සපයන්නා වෙත ගමන් කරනවා වෙනුවට අන්තර්ජාලය මගින් අදාළ […]
මෙරට තිබූ බුද්ධ ප්‍රතිමාවක් බි්රතාන්යයට ගෙන ගොස් වසර සියයකට පසු නැවතත් ශී‍්‍ර ලංකාවට ලැබී තිබෙනවා. 1919 වර්ෂයේදී පුරාවිද්‍යා ගවේශකයෙකු ලෙස මෙරට සේවය කළ හැරී චාර්ල්ස් පර්විස් බෙල් නැමැති බි්රතාන්ය ජාතකයෙකු පන්සලකට ගිය අවස්ථාවකදී ඔහුට මෙම බුද්ධ ප්‍රතිමාව ලැබී ඇති බව සදහන්. පසුව පරම්පරා කිහිපයකින් පසු මෙම බුද්ධ ප්‍රතිමාව නැවතත් මෙරටට ලබාදීමට ඔහුගේ පවුලේ සාමාජිකයින් කටයුතු […]
කාර්මික හෝ ගෘහ ආශ්රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට ඍජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ඇතුළු ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 9 ක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. එදින පස්වරු 1.30 සිට 6.30 දක්වා මෙම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ශ්‍රී ලංකා ජල තීරය තුළ මසුන් […]
වට්ස් ඇප් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නතර කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා. වට්ස් ඇප් දැන්වීම් සේවා ඒකාබද්ධ කිරීමේ කටයුතු වර්ධනය සඳහා යොදා ගත් කණ්ඩායමක් ද මෑත මාස කිහිපය තුළ ෆේස්බුක් සමාගම විසුරුවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වට්ස් ඇප් සම නිර්මාතෘවරුන් වන බ්‍රයන් ඇක්ටන් සහ ජෑන් කොයුම්, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සමඟ […]
යුක්රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Volodymur Zelenskiy වෙත යොමු කර තිබෙනවා. අගමැතිවරයා එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බව යුක්රේන ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනය කළා. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බව පවසමින් යුක්රේන අගමැතිවරයා විසින් සිය ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයක් ඇතුලත් හඬ පටයක් කරලියට පැමිණීමත් සමග […]
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු මිලදී ගැනීම් සම්බන්ධව විමර්ශණය කිරීමට ස්වාධින කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා. පසුගිය කාලයේ සිදුකරන ලද ඇතැම් මිලදී ගැනීම්වලින් විශාල අක්‍රමිකතා සිදුව ඇති බව වෘත්තීය සමිති විසින් පෙන්වා දී ඇති කරුනු අනුව අනාවරණ වීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බව සදහන්. අදාල කමිටුවේ වාර්තාව සති […]
19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය දකුණු අපි‍්‍රකාවේදී අද ආරම්භ වුණා. ඒ යටතේ දකුණු අපි‍්‍රකානු 19 න් පහල කණ්ඩායමේ මුල්ම තරගය මේ වන විට පැවැත්වෙනවා. මේ වන විට දකුණු අපි‍්‍රකානු 19 න් පහල කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 111 ලබාගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය 19 වන දින පැවැත්වීමට නියමිතයි.
සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක හෙට (18) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම ඌව හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළා. සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට යටත්ව මෙලෙස ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කළ බව එහි අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි පැවසුවා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමා ඒ පිළිබඳ සිය නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළ බව සඳහන් වෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් පුරප්පාඩු වී තිබෙනවා.
ඉකුත්දා හදිස්සියේ ගොඩ බැස් වූ ලයන් එයාර් ගුවන් යානයේ සිටි ගුවන් මගින් තිදෙනෙකුට හදිස්සියේ අසනීප වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකරනු ලැබුවා. නමුත් ඒ වන විට රෝගී වූ ගුවන් මගින් දෙදෙනෙකු ඒ වන විටත් ජිවිතක්ෂයට පත්ව සිටි අතර එහි සිටි අනෙක් මගියා වැඩි දුර ප්‍රතිකාර සදහා ගොතටුව පිහිටි ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුලත් […]