කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදි එම කොමිසමේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළද හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ් (Thorstenbargfarde) මහතා සඳහන් කළේ 2023 දක්වා එම බදු සහනය ලබාදීමට තීරණය කළ ද එහි නිරික්ෂණය ක්‍රියාවලියේ වෙනසක් නොමැති බවයි. […]
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ තහනම් කලාපයේ නීති විරෝධිව රැඳී සිටිමින් ගුවන් මඟීන්ට බලපෑම් සිදු කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවා. ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තය අසල තහනම් කලාපයේ දේශිය හා විදේශිය ගුවන් මඟීන්ට බාධාවන […]
නව තාක්ෂණයත් සමඟ දුම්රිය සේවාව ඉදිරියට ගෙන යා යුතු බව රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රියේ අඩුපාඩුකම් සොයා බැලිම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා එම දුම්රියේ නිරික්ෂණ චාරිකාවකට එක්වු අවස්ථාවේ දී. කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන […]
හැරී සහ මේගන් යුවළ මින් ඉදිරියට රාජකීය තනතුරු භාවිත නොකරන බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා ඒ රාජකාරී කටයුතු ඉටුකිරීම වෙනුවෙන් ලබාදෙන පොදු අරමුදල් ද ඔවුන් දෙපළට නොලැබෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. තමන් යුවළ රාජකීය තනතුරු අතහැරීමටත් මූල්‍යමය අතින් ස්වාධීන වීමටත් අදහස් කරන බව බ්‍රිතාන්‍යයේ සසෙක්ස්හි ආදිපාද යුවළ එළිසබෙත් රැජිනට දැනුම් දුන්නේ මීට දින […]
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හෙට පෙරවරුවේ කොළඹ දී සාකච්ඡාව පැවැත්වෙනවා. පසුගිය 09 වනදා පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වු අතර නායකයන් තිදෙනා රැස්ව අවසන් තීරණයක් ගැනීමට එහිදි එකඟතාව […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද හරාරේ හිදි පැවැත්වෙනවා. ඒ මෙරට වේලාවෙන් පස්වරු 1.30ටයි.
දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒමේ දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව පක්ෂ මූලස්ථානයේදී මේ වනවිට රැස්වී තිබෙනවා. මෙම විනය කමිටුට පෙනී සිටීම සඳහා රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා හා ඩිලාන් පෙරේරාගේ නීතිඥවරුන් කරුණු දක්වමින් සිටින බව සදහන්. එමෙන්ම හාලිඇළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 5 දෙනෙකුට ද අද විනය කමිටුව හමුවට පෙනී සිටින ලෙසට දැනුම් දී […]
නීතිවිරෝධීව දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ ශී‍්‍ර ලාංකික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාව මීගමුව ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි අයෙකු බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න ප්‍රකාශ කළා. අනෙක් සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්. ඔවුන්ගේ ගමන් මළුවල සගවා තිබී දුම්වැටි 64,600 ක් අඩංගු දුම්වැටි […]
දැනට වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව සහ විකල්ප සම්බන්ධයෙන් ඊයේ (17) යාපනයේ ආරක්ෂක සේනා හමුදා ආඥාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා ඇතුළු නිලධාරින් සමග පාලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී දීර්ඝ වශයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සාකච්ඡා පැවැත්වූවා. මෙම කර්මාන්ත ශාලාව කර්මාන්ත අමාත්‍යාංශයට අයත්වනවා. අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, අමාත්‍ය […]
ගිනස් ලෝක වාර්තාවලට අනුව ඇවිදීමට හැකියාවක් ඇති ලොව මිටිම මිනිසා නේපාලයේ කොකාරා හි දී ඊයේ මිය ගොස් තිබෙනවා. ඛාගේන්ද්‍ර තාපා මාගාර් නැමති ඔහුගේ උස අඩි දෙකයි අඟල් දෙකක් වන අතර, මිය යන විට 27 වන වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මාගාර් ලොව මිටිම මිනිසා ලෙස 2010 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණේ ඔහුගේ 18 වන […]
චීනයේ ප්‍රාන්ත කිහිපයක පැතිර යන හඳුනා නොගත් වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශද දැඩි අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව නිරන්තරයෙන් මෙම වෛරසය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගන්නා බව එහි අධ්යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ මහතා ප්‍රකාශ කළා. කොරොනා වර්ගයට අයත්වන වෛරසයක් පිළිබඳ මේ වන විට ලෝකය පුරා දැඩි […]