News Line| Off Air
Generic placeholder image

Jan
20

චීනයේ ප්ලාස්ටික් භාවිතය අත්හිටුවීමට දැවැන්ත සැළැස්මක්

Generic placeholder image

එක් වරක් පමණක් භාවිත කල ප්ලාස්ටික් භාවිතය අත්හිටුවීමේ දැවැන්ත සැළසුමක් ප්‍රකාශයට පත් කිරීමට ලොව වැඩිම ප්ලාස්ටික් භාවිතයක් සහිත රටක් වන චීනය සූදානම් වී තිබෙනවා. මේ අනුව දිරාපත් නොවන මලු මෙම වසර අවසානයට පෙර ප්‍රධාන නගර කිහිපයක භාවිතය තහනම් කෙරෙනු ඇති. 2022 වසර වනවිට සමස්ත චීනය පුරා එම තහනම බලාත්මක කිරීමට ඔවුන් සැලසුම කර ඇති අතර […]


Jan
20

මන්ත්‍රීවරු 5කට ශ්‍රීලනිප නාමයෝජනා අහිමි වන ලකුණු

Generic placeholder image

පක්‍ෂයේ විනය කඩ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්‍ෂකත්වය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සදහන් කළා. පක්‍ෂය විනය කඩ කිරීම නිසා එච්.එච්.එම්. ෆවුසි මහතාට මේ වනවිට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, මීට අමතරව විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් යාපා සහ එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන්ට […]


Jan
20

මෛත්‍රී හා රනිල් ‌‌වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

Generic placeholder image

නිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව නීතිපති අද (20) සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නා. ඒ අනුව ඒ සඳහා විරෝධතා ඇත්නම් ලබන මාර්තු මස 10දාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන […]


Jan
20

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට නව කාර්ය සාධක බලකායක්

Generic placeholder image

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ සදහා සංචාරක අමත්‍යංශය,සංචාරක සංවර්ධන අධිකාරිය සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම යන ආයතනයන් වල ඉහළ නිළධාරින් ඇතුලත් වන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මෙරට සංචාරක ව්‍යාපාරය මුහුණපා […]


Jan
20

පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

Generic placeholder image

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු තවදුරටත් පෙබරවාරී 3 වන දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.


Jan
20

විනිසුරු ගිහාන් පිලපිටියගෙන් CCDයට පැය 5ක ප්‍රකාශයක්

Generic placeholder image

විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් ඊයේ (19) පස්වරුවේ පැය 05ක පමණ කාලයක් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. නීතිපතිවරයාගේ නියෝගකට අනුව විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමානායක මහතා සමඟ අධිකරණ කටයුතු පිළිබඳ ආන්දෝලාන්තමක දුරකථන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ගිහාන් පිලපිටිය මහතාගෙන් ප්‍රකාශ […]


Jan
20

චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගුවන් තොටුපොළ සෞඛ්‍ය අංශ අවධානයෙන්

Generic placeholder image

කොරෝනා වෛරස් රෝගී තත්වයක් චීනයෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව එම වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ සෞඛ්‍ය ඉතා අවධානයෙන් පසු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව විශේෂයෙන්ම චීනයේ සිට සෙම්ප්‍රතිෂ්‍යාව සහිතව පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවයි වාර්තා වන්නේ.


Jan
20

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Generic placeholder image

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ තරගය අවසානයෙදී පළමුව පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 02 කට ලකුණු 189 ක් රැස්කර ගෙන සිටි අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණඩායම වෙනුවෙන් ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු එක බැගින් හිමි කරගැනීමට සමත් වුණා.


Jan
20

ජල ගාස්තු ඉහළට?

Generic placeholder image

ජල ගාස්තු ඉහල දැමීම පිලිබදව රජයේ අවධානය යොමුව තිබෙන බව විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුව ඇති බවයි. කෙසේ වෙතත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට […]


Jan
20

එජාපයේ තුන්කොන් සටනේ අවසන් තීරණය අද

Generic placeholder image

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත අතර එහිදී පක්ෂයේ පවතින අර්බුද පිලිබදව අවසන් තිරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සදහන් කරන්නේ අද ලැබෙන තීරණය කුමක් වුව ද, එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර […]


Jan
20

ගිනස් වාර්තාවකට සැරසෙන ලංකාවේ නිවුන්නු

Generic placeholder image

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුව අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තිබෙන බව ශ්‍රී ලංකා නිවුන් සංගමය සදහන් කරනවා. එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ මීට සහභාගීවීමට කැමැත්තෙන් පසුවන ඕනෑම වයස් කාණ්ඩයක නිවුන් පුද්ගලයින් සිය ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැදුනම්පතේ පිටපතක් රැගෙන අද පෙරවරු 10. 00ට […]


Jan
20

වැස්ස වැඩි වන ලකුණු

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් වැසි තත්ත්වය තරමක් දුරට වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි දින කීපයේ දී නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 70 – 80 ට වැඩි තරමක් තද වැසි ඇති වන බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post