බොරලැස්ගමුව නගරයේ දී පොලීසිය විසින් සිදු කල පරීක්ෂණයකදී ව්‍යාජ මුදල් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 3 ක් සොයාගෙන ඇති අතර වැඩි දුර විමර්ශන වලදී තවත් පුද්ගලයෝ හතර දෙනෙක් සහ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 7 ක් සහ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගත් උපකරණ කිහිපයක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.
ශ්රීලනිපය අද මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවා තිබෙනවා. විශේෂයෙන්ම පක්ෂයේ ප්‍රතිපත්ති කඩන පාර්ශ්වයන් සම්බන්දයෙන් මෙහිදී විශේෂ තීරණයක් ගැනීමට සුදානම් වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් සමුළුවක් සංවිධානය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වන ශ්‍රීලනිපයේ මහලේකම් ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ මිට සහභාගී වන පිරිසට දැඩි විනය […]
දකුණු පළාතේ පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් අද රෝහල්වල වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. මේ සම්බන්දයෙන් බලධාරීන්ගේ අවධනය යොමු නොවුනොත් හෙට සිට දිවයිනේ සියලු රෝහල්වල මෙම වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ.
දිවයින පුරා සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, හා දකුණ යන පළාත් වලට තද වැසි සමග තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදු විය හැකි අකුණු අනතුරු […]
‘‘ස්ටොප් යූ එස් ඒ’’ මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා ජාතික ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතාවක් අද කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ රජය අත්සන් කිරීමට සැරසෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට විරෝධය පළ කරමින්ය.
හොංකොං හි සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළ ඉතා කලහකාරී සිද්ධියක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය උපුටා දක්වනවා. එනම් පුද්ගලයෙක් එම වෙළඳ සංකීර්ණයේ පුද්ගලයින් තිදෙනෙකුට පිහි ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. එයින් බරපතල ලෙස තුවාල ලැබූවන් අතර කාන්තාවක්ද සිටින බව වාර්තා වෙනවා. මේ අතර එම ප්‍රහාරය සිදු කල සැකකරු පළා යමින් සිටියදී ඔහුව අල්ලා ගැනීමට ගිය මන්ත්‍රීවරයකුගේ කන […]
ඉදිරි ජනපතිවරණය සදහා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ සිය ධුර කාලය තුල තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන බවයි.
පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රටවල් ත්‍රිත්වයක් සමග තරග වැදීමට සිදුවනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින රටවල් වන්නේ ඕමානය , අයර්ලන්තය, පැපුවා නිව්ගිනියාවයි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ පළමු තරගය අයර්ලන්තය ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන්දියාවේ පවතින අධික වායු දුෂණය හේතුවෙන් නව දිල්ලි අගනුවර මේ වන විට වායු ගුණාත්මකභාවය සැලකිය යුතු අයුරින් පහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ හේතුවෙන් අගනුවර ආශ්රිත ජනතාගේ දෛනික ජිවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ආශ්රිත සියලු පාසල් වසා දමා තිබෙන අතර මාර්ග කිහිපයක්ද ගුවන් වාර බොහොමයක්ද එම […]
රූපවාහිනී සංස්ථාව ජනපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට එරෙහිව පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන අය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අතරින් පෙත්සම් දෙකක් 2ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.
පසුගියදා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ අතර ඇති කරගත් ගිවිසුම පිලිබදව අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසන්නේ එම තීරණය සම්බන්දයෙන් තමන් අතිශයින්ම කණගාටුවන බවයි. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙලෙස සහය පල කිරීම කිසිසේත්ම ශ්රීලනිපය රැකගැනීමට සිදු කරන දෙයක් නොවන බවයි.
එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනපතිවරණයේදී සිය සහය පල කරන බව රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඊයේ පැවති හමුවකදී