News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

ශ‍්‍රී ලංකා පකිස්ථාන පළමු එක් දින ගැටුම අද

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයින් රැසක් සහභාගී නොවන අතර ඊට හේතු වුයේ 2009 ලාහෝර්හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇතිවූ ගැටළු සහගත ආරක්ෂක තත්වයයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට […]


Sep
27

දුම්රිය හා ගුරු විදුහල්පති වර්ජන තවදුරටත්

Generic placeholder image

ගුරු විදුහල්පති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තී ක‍්‍රියාමාර්ගය අදත් ක‍්‍රියාත්මක බව වෘත්තීය සමිති පවසනවා. වර්ජනය ඊයේ ආරම්භ වුනේ වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින්. මේ හේතුවෙන් දිවයින පුරා පාසල් වල කටයුතු වලට බාධා එල්ල වුණා. වසර 22 ක සිට පවතින මෙ වැටුප් ගැටලූවට වහා විසදුම් ලබාදීමට බළධාරීන් පියවර ගත යුතු බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති පෙන්වා […]


Sep
27

ඇල්පිටියේ තැපැල් ජන්ද විමසීමට සියල්ල සූදානම්

Generic placeholder image

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡුන්ද විමසීම අද පැවැත්වෙනවා. ඒ සදහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ. අද දින තැපැල් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වන ඡුන්ද දායකයින් සදහා ලබන 4 වනදා අතිරේක දිනයක් ලෙස නම් කර ඇති බවයි ගාල්ල දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ජන්ද විමසීම […]


Sep
27

දිවයින පුරා අද පස්වරුවේ තද වැසි

Generic placeholder image

දිවයිනේ පුරා අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. පසුගිය දින කිහිපය තුල අද හැලුණු අධික වර්ෂාව ඊයේ දිනයේදී පහව ගිය බව පෙනුනත් අද සවස් වරුවේ තද වැසි ඇතිවියහැකි කාලගුණ තත්වයක් වායුගෝලයේ ඇති වෙමින් පවතින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


Sep
26

ගෝඨාභයගෙන් පොරොන්දුවක්

Generic placeholder image

තම රජයක් යටතේ, වත්මන් රජය මගින් පනවා ඇති අසාධාරණ බදු ඉවත් කර සරල බදු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


Sep
26

හෙට සිට නැවතත් ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලට හෙට සිට යලිත් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ 16,000 කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීම අත්‍යාවශ්‍ය සේවාවක් […]


Sep
26

සජිත් හංසයා ලකුණින් ජනපති සටනට

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් හංසයා ලකුණ යටතේ තරග කිරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.


Sep
26

රන් ආලේපිත මිනී පෙට්ටියක් යළි මව් රටට යැවීමට සූදානමක්

Generic placeholder image

ඊජිප්තුවට අයත් වටිනා කෞතුක භාණ්ඩයක් යළි බාරදීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මෙසේ යළි බාරදී ඇත්තේ රන් ආලේපිත දැවමය මිනී පෙට්ටියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊජිප්තුවේදී සොරාගැනුණු වටිනාකමින් ඉහළ පුරාවස්තුවක් යළි මව් රටට භාරදීමට අමෙරිකානු රජය තීරණය කර ඇති අතර නිව්යෝර්ක්හි පැවැති විශේෂ උත්සව අවස්ථාවකට එක්වූ මෑන්හැටන් දිස්ත්‍රික් නීතිපතිවරයා මේ බව නිවේදනය කර තිබෙනවා. මෙසේ […]


Sep
26

සහරාන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ 64 දෙනා යළි රිමාන්ඩ්

Generic placeholder image

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 64 දෙනා අද මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. මෙම සැකකරුවන් නුවරඑළිය කඳවුරෙහි අවි පුහුණුව ලබා ගත් කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සදහන්.


Sep
26

සිරිකොත අවට ජයඝෝෂ නංවමින් ජනපති අපේක්ෂක සජිත් පිළිගන්න මහා සෙනගක් රැස්වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමත් සමග සිරිකොත පක්ෂ මුලස්ථානය අවට මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ සහ පක්ෂ ක්‍රියාකාරීන් විශාල වශයෙන් එක්වී සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරමින් ප්‍රිතී ඝෝෂා පළකරමින් සිටිනවා. මේ හේතුවෙන් සිරිකොත අවට මාර්ගවල රථවාහන තදබදයක්ද පවතින බවයි අප […]


Sep
26

එජාප ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස නිළ වශයෙන් නම් කරයි

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිළ වශයෙන් පත් කර තිබෙනවා.


Sep
26

රාජ්‍ය සේවයේ වැටුප අවමය රුපියල් 3,000 කින්ද උපරිමය රුපියල් 24,000 කින් වැඩි කෙරේ

Generic placeholder image

රාජ්‍ය සේවයේ වැටුප අවමය රුපියල් 3,000 කින් හා උපරිමය රුපියල් 24,000 කින් වැඩි කෙරෙන අතර දුම්රිය සේවාවේ වැටුප් විෂමතා ද ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ වැටුප් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පරිදි සියලු රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප 2020 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවමය රු.3,000 කින්ද උපරිමය රු.24,000 කින්ද වැඩිවනු […]


News Articles
Latest Videos
Most Popular Post