News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

ගුරු, විදුහල්පති ලෙඩවීම අසාධාරණයි – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත්කිරීමේ කමිටු නිර්දේශ ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටින අවස්ථාවේ දී මෙලෙස සිය වැටුප් විෂමතා මුල් කරගෙන ගුරු හා විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණීම අසාධාරණ බවයි.වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට සේවකයන් හට අයිතියක් තිබුනද වෘත්තීය සමිතිවල අවස්ථාවාදී ක්‍රියාවලට රැවටීම ගුරු විදුහල්පති […]


Sep
26

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වන බව මුතුහෙට්ටිගම කියයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ඉදිරි දිනකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කළා. අද ගාල්ලේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසුවා. “එක්සත් ජාතික පක්ෂයෙන් රනිල්, සජිත්, […]


Sep
26

අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය සියල්ල අවලංගුයි

Generic placeholder image

අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ සියලූ තැපැල් දුම්රිය, අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දුම්රිය ගමනාගමන අධිකාරි වී.එස්.පොල්වත්තගේ සඳහන් කළේ අද පස්වරුවේ කාර්යාලීය දුම්රිය 6 ක් පමණක් ධාවනය කිරීමට සූදානම් කර ඇති බවයි. වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය ආණ්ඩුව, විසඳුමක් ලබාදෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව […]


Sep
26

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ 19 ක් සමඟ අවබෝධතා ගිවිසුමකට

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ 19 ක් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළා. ඔක්තෝම්බර් මස 5 වනදා අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට නියමිත බව කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවා.


Sep
26

ජනපති අපේක්ෂක සජිත් කරන එජාප පක්ෂ නායකයින්ගේ හමුව අවසන්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ පිළිබදව කෙරෙන අවසන් තීරණය අද පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කෘත්‍යධිකාරී මණ්ඩලය අතර පවතින සාකච්ඡාවකින් අනතුරුව සිදු […]


Sep
26

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කෙරේ

Generic placeholder image

එක්සත් ජාතින්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින් සිය සාම සාධක මෙහෙයුම් සදහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කර ඇති බව වාර්තා වෙනවා. මිට හේතු වශයෙන් විදෙස් මාධ්‍ය උපුටා දක්වන්නේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙරට වත්මන් යුධ හමුදාපති වරයා ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි. මානුෂිය මෙහෙයුම් සිදු කරන ලද […]


Sep
26

ජනපති අපේක්ෂකයින් හත් දෙනෙක් සිය ඇප මුදල් තැන්පත් කරයි

Generic placeholder image

මෙවර ජනපතිවරණය සදහා ජනපති අපේක්ෂකයින් හත් දෙනෙක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 04 කින් සහ ස්වාධින කණ්ඩායම් 03 කින් පුද්ගලයින් හත් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇත. එනම් පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, සිරිපාල අමරසිංහ, අජන්තා විජේසිංහ, ජයන්ත කැටගොඩ, සමන්ත පෙරේරා, ගෝඨාභය රාජපක්ෂ , […]


Sep
26

ගුරුවරයෙකුගේ ජාතිවාදී අදහස් හේතුවෙන් බටහිර පැපුවා රත් වෙයි

Generic placeholder image

ඉන්දුනීසියා කලාපයේ බටහිර පැපුවාහි ඇති වි තිබෙන විරෝධතා හේතුවෙන් නගරයේ ගොඩනැගිලි කිහිපයක් විරෝධතා කරුවන් ගිනි තබා තිබෙනවා. ඒ අතරින් බොහොමයක් එරට රජයේ ගොඩනැගිලි බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් පුද්ගල මරණ 27 සිදුව තිබෙන බව පැවසෙන අතර මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරට විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සමබන්ධ බව වාර්තා වෙනවා. විශේෂයෙන් ම විරෝධතාවන් කෙරෙහි ගුරුවරයෙකුගේ ජාතිවාදී අදහස් […]


Sep
26

SLT ස්පීඞ් අප් පාපැදි සවාරියේ තුන් වන දිනය අදයි

Generic placeholder image

අද පාපැදි සවාරිය බණ්ඩාරවෙල නගරයෙන් ආරම්භ වන අතර අවසන් වන්නේ කුරුණෑගලින්. ස්පීඞ් අප් පාපැදි සවාරියේ දෙවන දිනයේ ජයග‍්‍රහණය ඊයේ හිමි කර ගැනීමට වරාය අධිකාරී කණ්ඩායමේ සුජිත් හසන්ත සමත් වුණා. දෙවන ස්ථානය හිමි කර ගත්තේ වරාය අධිකාරී කණ්ඩායමේ චමෝද් ද සිල්වා යි. තුන් වන ස්ථානය ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත විසින් දිනා ගත්තා. පාපැදි සවාරියේ […]


Sep
26

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් 20යි 20 තරගාවලියක්

Generic placeholder image

ලබන වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට 20යි 20 තරගාවලියකට පැමිණෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ආරාධනා කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම තරගාවලිය ලබන ජනවාරි මස 05 ,07,10 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා.


Sep
26

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන ඔක්තෝම්බරයේ

Generic placeholder image

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිලිබද සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ඔක්තෝම්බර් මස දෙවන පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කරන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. අවසන් වාර්තාව මේ වන විට සකස් කරමින් සිටින බවයි. නියෝජ්‍ය කථානායකවරයා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට පසුගිය 24 වනදා පස්වරුවේ කාරක […]


Sep
26

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද කැදවා තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ අද පස්වරු 3ට රැස්වීම කැදවා ඇති බවයි. සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාව සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. අද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවයි […]


News Articles
Latest Videos
Most Popular Post