News Line| Off Air
Generic placeholder image

Oct
4

ජනාධිපතිවරණයේ වියදම කෝටි 450 ඉක්මවයි

Generic placeholder image

ජනාධිපතිවරණය සදහා රුපියල් මිලියන 4500 ක් වැය වන බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසනවා.ඉදිරිපත් වන අපේක්ෂකයින් තවත් වැඩි වුවහොත් මෙම මුදල ද ඉහළ යනු ඇති බවයි ඔහු සදහන් කලේ. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා. මැතිවරණ කොමිසම සඳහන් කළේ අද මධ්‍යම රාත‍්‍රිය දක්වා තමන් අයත් දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කාර්යාලය […]


Oct
4

ජනාධිපතිවරණය අත්හිටුවන්නැයි ඉල්ලූ පෙත්සම ඉවතට

Generic placeholder image

ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කළා. ඒ විජිත් මළල්ගොඩ ,ප‍්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද යළි කැදවූ අවස්ථාවේ දීයි. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර […]


Oct
4

දුම්රිය වර්ජනය හේතුවෙන් රුපියල් කෝටි 700 ක පාඩුවක්

Generic placeholder image

දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700 ක පාඩුවක් සිදුව ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කළා. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සේවකයින් සේවයට වාර්තා කරනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.


Oct
4

ත්‍රස්ත බියකින් ඉන්දියාවේම ආරක්ෂාව තර කරයි

Generic placeholder image

පකිස්තානයේ අන්තවාදී කණ්ඩායමක් ඉන්දියාවට ඇතුල් වී ඇති බවට එරට බුද්ධි අංශයන් ප්‍රකාශ කිරීම හේතුවෙන් සමස්ත ඉන්දියාවම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ත්‍රස්ත වාදීන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද සිටින බවයි එරට ආරක්ෂක අංශ අනාවරණය කරන්නේ. ඒ අනුව එරට ගුවන් තොටුපොළවල් සහ ජනතාව ගැවසෙන ස්ථානයන් පිලිබදව අවධානයෙන් […]


Oct
4

හෙට ජනපති අපේක්ෂකයින් 08 දෙනෙකු එකම වේදිකාවක

Generic placeholder image

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සැලසුම් කර ඇති වැඩසටහනට අපේක්ෂකයින් 08 දෙනෙකු සහභාගී වන බව නිළ වශයෙන් තහවුරු කර තිඛෙනවා. විනයගරුක දේශපාලන සංස්කෘතියක් මෙරට තුල ගොඩ නැංවීමට මෙවැනි වැඩසටහන් රටට අවශ්‍ය බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළා. සියලු අපේක්ෂකයින් එක […]


Oct
4

දෙසැම්බරයේ දී නව සුරාබදු පණතක්

Generic placeholder image

ලබන දෙසැම්බර් මාසය වන විට නව සුරාබදු පණතක් ලෙන ඒමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මුදල් අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්


Oct
4

ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ සොරා ගනී

Generic placeholder image

ඉන්දියාවේ මධ්‍යම රෙවා නගරයේ තිබූ මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා. මෙම භෂ්මාවශේෂ තැන්පත් කර තිබුනේ බාපු භවාන් අනුස්මරණ මධ්‍යස්ථානයේ යි. ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය යෙදී තිබුණු ඊයේ දිනයේ දී මෙම සොරකම සිදුව තිබුණා. මෙම අළු සහිත බඳුන එම අනුස්මරණ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබුනේ මහත්මා ගාන්ධිතුමා ඝාතනය කළ 1948 වර්ෂයේ සිටයි. 1948 […]


Oct
4

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප තැන්පත් කරයි

Generic placeholder image

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (04) ඇප තැන්පත් කරනු ලැබුවා. අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ හා අජිත් පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබෙනවා.


Oct
4

එජාපයේ වෘත්තීය සමිති මහා සමුළුව අදයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති මහා සම්මේලනය අද කැදවා තිබෙනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පස්වරු 1 ට එය ආරම්භ වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සියලූ වෘත්තීය සමිතිවල නියෝජිතයින් ඊට එක්වනු ඇති. මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත‍්‍රික් සහ ආසන සංවිධායකවරුන් ද අද කොළඹට කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, අද දහවල් […]


Oct
4

දැනට ජනපති සටනට අපේක්ෂකයින් 21ක්

Generic placeholder image

ජනාධිපතිවරණයට සදහා නාමයෝජනා භාරදීමේදී අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයක් භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව කියා සිටියේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරණය අපේක්ෂකයින් 21 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ජනසෙත පෙරමුණ වෙනුවෙන් ඊයේ ඇප මුදල් තැන්පත් කලේ පුජ්‍ය බත්තරමුල්ලේ […]


Oct
4

තැපැලත් රජයෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

තැපැල් කාරයාලවල අක‍්‍රීය වී ඇති පරිගණක පද්ධති යාවත්කාලීන කිරීම සදහා වහා මැදිහත් වන ලෙස ලංකා තැපැල් සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. තැපැල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් සදහන් කළේ ප‍්‍රධාන තැපැල් කර්යාල හා තැපැල් පාලන කාර්යාල ඇතුළු ගිණුම් කාර්යාල තුළ පවතින පරිගණක ජාල දින 6 ක සිට අක‍්‍රීයව පවතින බවයි. මේ හේතුවෙන් විද්‍යුත් මුදල් […]


Oct
4

ගෝඨාභයගේ පුරවැසිභාව පිළිබද ගොනු කල පෙත්සම අද 03වන දිනටත් සලකා බලයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අද අභියාචනාධිකරණ හමුවේ තුන් වන දිනටත් සලකා බැලීමට නියමිතයි. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේයි. පෙත්සය ඊයේ කැදවු අවස්ථාවේ දී තුන්වන වගඋත්තරකරු ලෙස නම් […]


News Articles
Latest Videos
Most Popular Post