ඉන්දීය සංගීත ප්‍රසංග දෙකකට සහභගි වීම සදහා ඉකුත් දා දිවයිනෙන් පිටව ගිය යොහානි සති දෙකක කාලයකින් පසු ඊයේ රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මෙහිදී ඇයව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර එහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඇය සදහන් […]
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඒ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ […]
කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙම මරණ 23ත් සමග මෙරට වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,377ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
වප් පොහොය දා පමණක් දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරනවා. ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි මඟින් පොහොය ඇතුළුව දින දෙකක් මත්පැන් අලෙවි සැල් වසා තැබෙන බවට සිදුකර ඇති නිවේදනය අසත්‍ය බවයි ඒ මහතා වැඩි දුරටත් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ.
අද දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 520ක් හදුනාගෙන ඇති අතර ඒ අනුව, මෙරට දී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 527,584ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 10,301ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 490,800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට තවත් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ කර තිබෙනවා. අදාල නිර්දේශ එම සංවිධානයේ උපායමාර්ගික උපදේශක කමිටුව විසින් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාල පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ පහත පරිදි වේ..
නිල සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට වන අතර මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිත බවයි පැවසෙන්නේ.