News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

පාන් මිල ඉහළට

Generic placeholder image

ලබන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.මේ අතර අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.


Aug
19

අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක්

Generic placeholder image

අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ස්ථාන 10 ක් තාවකාලිකව වසා දමා දැමීමට කටයුතු කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ 360 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


Aug
19

යුධ හමුදාව විසින් අද සිදු කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

යුධ හමුදාව විසින් අද සිදු කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක ස්ථාන පහත පරිදි වේ .


Aug
19

කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා කළමනාකරණයට නව ක්‍රමවේදයක්

Generic placeholder image

කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා කළමනාකරණයට ක්‍රමවේදයක් අද සිට ක්‍රියාත්මක වන පරිදි හදුන්වා දී තිබෙනවා.


Aug
19

තවත් නගර කිහිපයක සියලු වෙළෙද සැල් වැසේ

Generic placeholder image

තවත් දිස්ත්‍රික්ක දෙකක නගර කිහිපයක සියලු වෙළෙද සැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කය තුල ද කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා ලබන 20 වෙනිදා සිට 25 වෙනිදා දක්වා කිලිනොච්චි නගරය වසා දැමීමට එම නගරයේ වෙළෙද සංගමය සදහන් කරනවා. අනුරාධපුර නගරයේ ද වෙළෙද සැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.


Aug
19

මෙරටින් තවත් කොරෝනා මරණ 170ක්

Generic placeholder image

මෙරටින් තවත් කොරෝනා මරණ 170ක් වාර්තා වී තිබෙනවා. පෙරේදා (17) තහවුරු කරන ලද මෙම මරණ අතරින් 84 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 86 දෙනා කාන්තාවන් වනවා.


Aug
19

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාරසහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක. ගිගුරුම් […]


Aug
18

අද මේ දක්වා ආසාදිතයින් 2,428ක්

Generic placeholder image

අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2,428 ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Aug
18

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

Generic placeholder image

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ අනුව නිවසකින් පිටත ට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි.  නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්,


Aug
18

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.


Aug
18

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 09ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 09ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ වයස අවුරුදු 18 වැඩි සියලු පුද්ගලයින් සදහා එන්නත්කරණයටයි.


Aug
18

රාජ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීමට ලංගම බස් රථ යෙදවීමට පියවර

Generic placeholder image

රාජ්‍ය ආයතන වලට සේවකයින් ප්‍රවාහනයට කිරීම සදහා ලංගම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා. ඒ ආයතන ප්‍රධානීන්ගෙ ඉල්ලීම පරිදි.


News Articles
Latest Videos
Most Popular Post