News Line| Off Air
Generic placeholder image

Jul
5

පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කළ අයෙක් ගෙළ වැළලාගෙන සියදිවි නසා ගනී

Generic placeholder image

ඇහැලියගොඩ පත්බේරිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් ව තිබෙනවා. පහරදීම සිදු කල පුද්ගලයා ද නිවසට ගොස් ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා බීමතින් සිට ඇති බවයි පැවසෙන්නේ.


Jul
5

ඊයේ තවත් කොරෝනා මරණ 45ක් වාර්තා වෙයි

Generic placeholder image

පෙරේදා දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කර තවත් කොවිඩ් මරණ 45ක් ඊයේ දිනයේ වාර්තා කර තිබෙනවා. අදාල නිවේනදය පහතින්,


Jul
5

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට සැලසුම්

Generic placeholder image

මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව ලක්ෂ 145 කට එන්නත් ලබාදීමට කටයුතු කරනු ඇති. මේ අතර සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්ෂම විධිමත් කිරීම අරමුණු කර ගනිමින් බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ඔ්නෑම පුද්ගලයෙකුට එන්නත් ලබා ගැනීම සදහා […]


Jul
5

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

Generic placeholder image

ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් මිලදී ගෙන තිබෙන අතර එයින් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා 26,000 ක් මෙරටට මෙලෙස හිමිව තිබෙනවා. අමෙරිකානු නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට මෙම එන්නත ලැබුණු පළමු අවස්ථා ලෙසද මෙය සැලකෙයි.


Jul
5

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස මෙලෙස හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.


Jul
5

දිවයිනේ ඇතැම් ස්ථාන වලට තද වැසි

Generic placeholder image

දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස් වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. දිවයිනෙ සෙසු පළාත් වල තැනින් තැන […]


Jul
4

ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය අද

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒමෙරට වේලාවෙන් පස්වරු 3.30ට යි. පළමු එක්දින තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජයගත් අතර තරගාවලියේ ජයග්‍රහණය මේ වනවිටත් එංගලන්තය හිමිකර ගෙන තිබෙනවා.


Jul
4

එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට

Generic placeholder image

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන්.


Jul
4

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Jul
3

කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගනී

Generic placeholder image

පුත්තලම, මදුරන්කුලිය, විරුතෝඩෙයි ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහා කටයුතු කරනු ලැබුවද තවමත් ගින්න සම්පුර්ණයෙන් නිවා දැමීමට නොහැකි වී තිබෙනවා.


Jul
3

තවත් කොවිඩ් මරණ 34ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. එම මරණවලින් 13දෙනෙක් කාන්තාවන් වන අතර 21ක් දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,191ක්.


Jul
2

අද දිනය තුළ මේ දක්වා ආසාදිතයින් 1,102ක්

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,102ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 262,074ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post