චීන ජනපති ෂී ජින්පින්ග් චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වැනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රකාශ කර ඇත්තේ සිය රටේ කටයුතුවලට මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ “ඔළු කුඩුවිය” හැකි බවයි. ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ විදෙස් බලවතුන් සිදු කරන අනවශ්‍ය දේශනා වලට සවන්දීමට තම රට කිසිසේත් සූදානම් නොමැති බවයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මෙරට වේලාවෙන් පස්වරු 5.30ටයි. දෙරට අතර පැවැති පළමු තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා.
මින්නේරිය ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අද පෙරවරුවේ හබරණ පොලියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට භාරවීමෙන් පසු සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
යල කන්නයේ වී මිල දී ගැනීම අද ආරම්භ වෙනවා. වී අලෙවි මණ්ඩලය සදහන් කරන්නේ ඒ සඳහා දිස්ත්‍රික්ක 19 ක ගබඩා සූදානම් කර තිබෙන බවත් මේ අනුව යල කන්නයේ වී මිල දී ගැනීම මඩකලපුව,කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බවයි පැවසෙන්නේ.
මෙරට එන්නත්කරණ වැඩ සටහන යටතේ දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ඊයේ (30) දිනයේ දී ලබා දී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් සයිනොෆාම් එන්නත් මාත්‍රා 170,995 ක් ලබාදීමට කටයුතු කර තිබෙන අතර ඉන් මාත්‍රා 91,759ක් පළමු මාත්‍රාව ලෙස ලබාදී ඇති අතර මාත්‍රා 79,236ක් දෙවන මාත්‍රාව ලෙස ලබාදී තිබෙනවා.
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද දිනයේ දී (ජූලි 01) බලාපොරොත්තු විය හැක. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත් […]
ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ජනමාධ්‍යවේදීන් සදහා ක්‍රියාත්මක කරන ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය අයදුම්පත් භාරගැනීම 2021 ජූලි මස 20 වන දින දක්වා දීර්ඝ කෙරේ. ජනමාධ්‍යවේදීන් සදහා කිසිදු අයකිරීමකින් තොරව ලබාදෙන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මේ වනවිට ආරම්භ කර ඇත. අදාල අයදුම්පත සහ වැඩි විස්තර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් (www.media.gov.lk) ලබාගත […]
හෙද වෘත්තීය සමිති තුනක් සේවාවලින් ඉවත්ව ලෙඩ නිවාඩු දැමීමේ පැය 48 ක ඒකාබද්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.ප්‍රධාන හෙද වෘත්තීය සමිති වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් 09 ක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ […]
රාජ්‍ය සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ පිලිබදව සදහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
මැලේරියාවෙන් නිදහස් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය නම් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ගත වූ වසර 04ක කාලය තුල එරට ජනගහනයෙන් මැලේරියා රෝගය වාර්තා නොවූ බවයි.
අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව අවසර ලබා දී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, කොවැක්සින් සහ ස්පුට්නික් යන එන්නත් ඉන්දියාව තුළ එන්නත්කරණය සඳහා යොදාගෙන තිබෙනවා. ඉන්දියාව පුරා මේ වන විට ව්‍යප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව මෙම එන්නත වඩාත් ඵලදායී බව තහවුරු වී තිබෙන බවයි පැවසෙන්නේ.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයින් 20 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. අදාල පිරිස එම ස්ථානයේදී ම නිරෝධායනය කර ඇති අතර දින 14 ක නිරෝධායන කාලය අවසන් වූ පසු ඔවුන්ට එරෙහිව නඩු පවරන බවයි පොලිසිය සදහන් කරන්නේ.