සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර අද සෞඛ්‍ය අමාත්‍යංශය එකී මාර්ගෝපදේශ සඳහා තවත් එකතු කිරීම් කිහිපයක් සිදු කළා.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 241,420ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද සිට සංචරණ සීමා ඉවත් කර තිබෙනවා. ඒ සීමාවන්ට ට යටත්වයි. අපි හැසිරෙන විදිය අනුව මේ කොරෝනා වෛරසය ව්‍යප්ත වෙයිද ? පාලනය වෙයිද ? කියන එක තීරණය වන්නේ. ඒ නිසා අපි දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීමට වගබලා ගමු. මේ ඒ ගැන කතාවක්..
අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට පත් කර තිබෙනවා. ඒ මහතා මිට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කල අතර අනූෂ පැල්පිට නිලයෙන් විශ්‍රාම ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා තිබූණා.
අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට සහ අනිද්දා දෙදින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ලබන ප්‍රදේශ පහතින්,
ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,028 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 307 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 302 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් 253 දෙනෙකු, වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් හමුවු ප්‍රදේශ පහතින්,
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට පමණක් සීමා කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. ඒ අනුව 22 සහ 23 යන දින දෙක තුළ පමණක් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
තලවාකැලේ – ලිඳුල නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තලවාකැලේ නගරයේ ශාලාවක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, තලවාකැලේ නගරයේ ශාලාවක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එලෙස ඔවුන් අත්අඩංගුවට ගත් බවය.
අද සිට සීමාවන්ට යටත්ව මත්පැන් විකිණීම සඳහා සූරාබදු බලපත්‍ර ඇති ස්ථාන, සූරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය පහතින්,
අද උදෑසන 4 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් මෙලෙස හුදකලා කර තිබෙන අතර කලුදමද, හපුගස්තලාව, වීරපුර, බෙරමණ දකුණ සහ පහළගොරක ඔය යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා.
බස්නාහිර, මධ්‍යමසහසබරගමුවපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව හෙට සිට සංචරණ සිමාවන් ඉවත් කිරීමේදී සෑම පළාතකටම පොදුව ලිහිල් කරනු ලබන සිමාවන් සහ බස්නාහිර පළාතට පමණක් සිදු කරනු ලබන සමහර සිමාවන් පහත වගුවේ සදහන් වෙනවා.