චීනයට දරුණු සුළි කුණාටුවක බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව මේ වන විට චීනයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ බොහොමයක ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති අතර නිවාස හා ගොඩනැගිලි රැසකටද ගමනාගමනයට ද ඒ තුලින් බලපෑම් එල්ල වී තිබෙනවා.
ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිලිබදව සොයාබැලීම සඳහා නාවික හමුදාවෙන් කිමිදුම් කණ්ඩායමක් යොදවා තිබෙනවා. ඒ අනුව එම නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවේද යන්න සොයා බැලීම සදහා මෙලෙස මෙම කිමිදුම් කණ්ඩායම යොදවා තිබෙන අතර මේ දක්වාත් කිසිදු තෙල් කාන්දුවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් තෙල් කාන්දු තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා […]
කොළඹට ඇතුළු වන වාහන සදහා ස්ටිකර් ඇලවීම අද දිනයේත් සිදු කරනු ලබන බව පොලිසිය සදහන් කරනවා. ඊයේ දිනයේත් කොළඹ නගරයට වාහන67515ක් ඇතුළු වී තිබෙන අතර එයින් වාහන 2101 ක් ආපසු හරවා යවා තිබෙනවා.
ගංවතුර අවදානම පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය 6ක කාලය තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට සැලකියයුතු මට්මමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව එම ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවදානයකින් කටයුතු කල යුතු බවයි පැවසෙන්නේ. අදාල නිවේදනය පහතින් ,
සියලු ආර්ථික මධ්‍යස්ථාන අද හෙට දිනයේත් තොග වෙළදාම සදහා විවෘත කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
ඊයේ මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගියා. එම ගණන 3306ක්. ඊයේ දිනයේද ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 1004 ක්. කොළඹින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 501 ක්
අද දිනයේත් කොළඹට ඇතුළුවීම සදහා දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් මෙලෙස වාහන වලින් පිරිස් කොළඹට ඇතුළුවීම සදහා පැමිණෙමින් සිටින බව පැවසෙනවා.
දිවයිනේ දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ ,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටට මෙලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා පිලිබදව තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලංකා සතොස, සමූපකාර තොග වෙළඳ සංස්ථාව, පළාත් සභා යටතේ වන සියලුම සේවා සහ සෞඛ්‍ය සේවයට අදාල සියලු සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින්.
ඊයේ (02) මෙරටින් කොරෝනා මරණ වාර්තා වී නොමැති අතර ඉකුත් මැයි 17 වනදා සිට ජුනි පළමු වනදා දක්වා කාලය තුළ කොරෝනා මරණ 39 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1566 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාසදහන් කරනවා. ඒ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන්. මේ අනුව ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ක පමණ ඉතා තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් […]