News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

අද මේ දක්වා ආසාදිතයින් 1,579ක් වාර්තා වෙයි

Generic placeholder image

අද මේ දක්වා ආසාදිතයින් 1,579ක් අලුතින් හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 144,325ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


May
17

සංචරණ සීමා පැනවීම පිලිබදව නව නිවේදනයක්

Generic placeholder image

සංචරණ සීමා පැනවීම පිලිබදව නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එමෙන්ම මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 28 වන සිකුරාදා උදෑසන 4 […]


May
17

රුධිරය පරිත්‍යාග කරන්නැයි, මහරගම අපේක්ෂා රෝහල රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

මහරගම අපේක්ෂා රෝහලෙහි ලේ බැංකුව වෙත පැමිණ රුධිරය පරිත්‍යාග කරන මෙන් එම රෝහල රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට පිළිකා රෝගීන් වෙනුවෙන් තිබෙන රුධිර සංචිත ඉතා ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒ අනුව රුධිර පරිත්‍යාගශීලින් http://nbts.heath වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමෙන් පසුව ලැබෙන sms පණිවුඩය භාවිත කරමින් අදාල පරිශ්‍රය වෙත පැමිණීම සිදු කල […]


May
17

මෙවර විශ්ව රූ රැජිණ කිරුළ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසාට

Generic placeholder image

විශ්ව රූ රැජිණ කිරුළ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසාට දිනා ගැනීමට සමත් වුණා. ඒ රටවල් 73 ක් හා තරග වදිමින්. විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව විසින් හිමි කරගත් දෙවන අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.


May
17

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 21ක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේ කොවිඩ් මරණ 21ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව ද 962 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
17

ගතවූ සති දෙක තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430ක්

Generic placeholder image

ගත වූ සති 02ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430 දෙනෙකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා. එයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 150ක්. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන 7,317 ක්.


May
17

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,275 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. එයින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 438ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,


May
17

ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතව මිය යයි

Generic placeholder image

ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.


May
17

සැමියාගේ යකඩ පොලු පහරින් 33 හැවිරිදි බිරිද අවසන් ගමන් යයි

Generic placeholder image

මහරගම, පමුණුව ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිදව යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙන පුවතක් වාර්තා වනවා. ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස සැමියා විසින් 33 හැවිරිදි බිරිදව ඝාතනය කර තිබෙන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


May
17

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය අද විවෘත වෙයි

Generic placeholder image

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය දැඩි සෞඛ්‍ය නීති වලට යටත්ව අද විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත් සේවාවන් සිදු කර ගැනීමට , මීට පෙර 011-2 677 877 දුරකතන අංකයෙන් වේලාව වෙන් කරගත යුතු වනවා.


May
17

අද සිට තවත් ප්‍රදේශ 70ක් හුදකලා වෙයි – එම ප්‍රදේශයන් මෙන්න

Generic placeholder image

තවත් ප්‍රදේශ කිහිපයක් අද අලුයම සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් එලෙස හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශයන් මෙන්න,


May
17

දිවයින පුරා ක්‍රියාත්මකව පැවැති ගමන් තහනම සංචරණ සීමාවන්ට යටත්ව අද ඉවතට

Generic placeholder image

දිවයින පුරා ක්‍රියාත්මකව පැවැති ගමන් තහනම සංචරණ සීමාවන්ට යටත්ව අද අලුයම 4.00ට ඉවත් කෙරුණා. ඒ අනුව සංචරණ සීමාවන්ට යටත්ව හැඳුනුම්පතේ අංක අනුව පුද්ගලයින්ට ගමන් කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අතවශ්‍ය නොවන කටයුත්තකදී නිවසින් පිටව යාමේදී හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලදී අවසාන අංකය ඔත්තේ නම් ඔත්තේ දිනවලදී ද නිවසින් පිටව යා හැකියාව […]


News Articles
Latest Videos
Most Popular Post