ඊයේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 734කි.
තවත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කල බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව , නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයට අයත්ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,259 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට මේ වන විට හදුනාගෙන ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 116,849ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා. අදාල විභාගය 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, දිවයිනේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත විභාගය කල් දැමීමට තීරණය කළ බවයි.
2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැදූම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුනි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කර තිබේ. මෙම නඩුව […]
නීතිපතිවරයා විසින් පසුගිය දෙවසර තුළ අපරාධ නඩු 27,206ක් සම්බන්ධයෙන් කටයුතු නිමකළ බව නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරනවා.2019 මැයි මාසයේ සිට 2021 මැයි මාසය දක්වා නීතිපතිවරයාගේ ධූර කාලය තුළ එම කටයුතු නිමකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සදහන් කලේ.
ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 382,691 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,786ක්. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන දෙකෝටි 65 ලක්ෂ 8234ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 226,169කි.
කුමන්ත්රණයෙන් බලය අල්ලා ගත් මියන්මාර හමුදාව විසින් මේ වන විට එරට ජනතාවට තවත් වාරණයක් පනවා ඇති බව විදේස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එරට මිලිටරි පාලනය විසින් චන්ද්‍රිකා රූපවාහිනිය තහනම් කර ඇති බව වාර්තා වෙනවා. හමුදාවේ කුරිරු මර්දනයට සහ තොරතුරු ගලා ඒම මැඩපැවැත්වීමට මේ අනුව ඔවුන් උත්සාහ කරන අතර මියන්මාරයේ මිලිටරි පාලිත මාධ්‍ය විසින් චන්ද්‍රිකා […]
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නාවික හමුදාවෙන් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.එම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 162ක් සමන්විත වන අතර ආධුනික නාවිකයන් පුහුණු කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුර තුළ භාවිතා කරන ලද සිව් මහල් (04) ගොඩනැගිල්ලක් මෙලෙස කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකර පිහිටුවා තිබෙනවා. නාවික හමුදා වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලයක් […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. කොවිඩ් -19 මර්දනය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතර ඒ අතරතුර ජනාධිපතිවරයා මෙසේ සභා ගර්භය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (A/L Exam) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා online ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සලසන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඉදිරියේදී ඒ පිලිබදව දැනුම් දීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කලේ. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා.
ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 542 ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 531 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115,590 ක් ලෙස වාර්තා වුණා. ආසාදිතයින් වාර්තා […]