News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

කොලින්ෂ් මට වතුර එකක් දෙන්න

Generic placeholder image

සද මත පා තැබීම අභ්‍යවකාශ ඉතිහාසයේ එතෙක් මෙතක් සිදු වූ අපුර්වතම සන්ධිස්ථානයක් .. මුළු මහත් ලෝකයම ලැබූ ජගග්‍රහණයක් ලෙස එම සිදුවීම අදටත් අප කතා කරනවා.. ඒ විතරක් නොව එම සද මත පා තැබීම සිදු කල නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්රින් යන ඔවුන් දෙපල ගැනද අප කතා කරන්නේ ඉතා ආඩම්බරයෙන්.. නමුත් අප හැමෝම සද ගමන ගැන […]


Apr
30

හරීන් ප්‍රනාන්දු ජූලි 14 දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Generic placeholder image

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කර ඇත්තේ.


Apr
30

මංගල උත්සව ඇතුළු සියලු උත්සව ගැන ගත් තීරණය මෙන්න

Generic placeholder image

මංගල උත්සව ඇතුළු සියලු උත්සව එළඹෙන සඳුදා දිනයෙන් පසු සති දෙකක කාලයක් තුළ පැවැත්වීම තහනම් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.


Apr
30

හදුනාගෙන ඇති නව කොරෝනා ප්‍රභේදයෙන් බේරීමට මීටරය මදි වෙයි

Generic placeholder image

මේ වන විට හදුනාගෙන ඇති මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සදහා කලින් අනුගමනය කල මීටරය පරතරයට වඩා වැඩි දුරස්ථභාවයක් පවත්වා ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරනවා. ඒ අනුව දෙදෙනෙකු අතර අවම දුර මිටර් 02ක් වත් විය යුතු බවයි එම සංගමය වැඩි දුරටත් අවදාරණය කරන්නේ.


Apr
30

සුවය ලබන කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක්

Generic placeholder image

කොරෝනා ආසාදනය වී සුවය ලබන කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක් මතුව ඇති බවට නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. එනම් සුවය ලබා සිටින පුද්ගලයින් පිරිසක් සහභාගි කරගෙන සිදු කරනු ලැබූ පරීක්ෂණයක් මගින් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ රුධිර වාහිනී තුල රුධිරය කැටි ගැසීමේ වැඩි හැකියාවක් පවතීන බවයි. සිංගප්පුරුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා..


Apr
30

වයස අවුරුදු 06 ට අඩු කුඩා දරුවන් අතර නව වෛරස් උණක් පැතිර යයි

Generic placeholder image

කුඩා දරුවන් අතර මේ දිනවල නව වෛරස් උණක් පැතිරයන බව ළමා රෝග විශේඥ වෛද්‍ය වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරනවා. එම රෝගයේ ලක්ෂණ ලෙස කුඩා දරුවන්ට උණ සමග මුඛය ඇතුළු ශරීරයේ විවිධ ස්ථාන වල රතු ලප දැකිය හැකි බවයි පැවසෙන්නේ. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ කඩිනමින් එම රෝගය සදහා ප්‍රතිකාර කලයුතු බවත් එසේ නොමැති […]


Apr
30

ඊශ්‍රායලයේ ආගමික උත්සවයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙක් ජිවිතක්ෂයට

Generic placeholder image

ඊශ්‍රායලයේ ආගමික උත්සවයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා . සෞඛ්‍ය මාර්ග උපදේශ නොසලකා හරිමින් ලක්ෂයකට අධික පිරිසක් මෙම ආගමික උත්සවයට සහභාගී වී ඇති අතර එහිදී ඇති වූ තෙරපිමකින් හුස්ම ගැනීමට නොහැකිව මෙසේ පුද්ගලයින් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


Apr
30

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Generic placeholder image

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා. එම ප්‍රතිඵල www.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Apr
30

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ මෙරටින් හමු වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එම ගණන සටහන් වුයේ 1531ක් ලෙසයි.එම ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් ම වාර්තා වූනා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 533 ක්. මේ අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 145 දෙනා බැගින් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107ක් […]


Apr
30

ගත වූ පැය 24 ක කාලය තුල ඉන්දියාවෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් හා මරණ ගණනක්

Generic placeholder image

ගත වූ පැය 24 ක කාලය තුල ඉන්දියාවෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් හා මරණ ගණනක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ පමණක් එරටින් කොරෝනා මරණ 3501ක් සහ නව ආසාදිතයින් 386,809ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත මරණ ගණන 208,313 ක් සහ ආසාදිතයින් ගණන 18,754, 984 ක් වන අතර මේ වන විට එරට අගමැති නරේන්ද්‍ර […]


Apr
30

කොරෝනා වාර්තා අලුත් කරමින් අඛන්ඩව මෙරටින් තෙවන දිනටත් දහස ඉක්ම වූ කොරෝනා ආසාදිතයින්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 1531 දෙනෙකු වාර්තා වුණා. අඛන්ඩව මෙරටින් තෙවන දිනටත් දහස ඉක්මවමින් වූ කොරෝනා ආසාදිතයින් මේ දක්වා දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ. තවදුරටත් ආසාදිතයින් 10 ,372 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන එක්ලක්ෂ 6484ක්. ඊයේ දිනය තුල මෙරටින් කොවිඩ් මරණ 06 ක් අද […]


Apr
30

විශ්වවිද්‍යාල සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට කමිටුවක් පත් කෙරේ

Generic placeholder image

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සදහා අවශ්‍ය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ කමිටුව සදහා සෑම විශ්වවිද්‍යාලයකින්ම නියෝජිතයෙකු පත් කර ඇති බවත් නියෝජිතයින් 16 කින් සමන්විත මෙම කමිටුවට කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post