මේ වන විට කොරෝනා හමුවේ දැඩි පිඩාවට ලක්ව සිටින ඉන්දියාවේ අසල්වැසි නේපාලයේත් කොරෝනා රෝගීන් වැඩිවෙමින් පවතින බව නේපාල සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ වන විට එරටින් දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින් ගණන 4000කට ආසන්න බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් එරට ප්‍රධාන නගර රැසක්ම හුදකලා කිරීමට කටයුතු කර ඇති බව ද වැඩි දුරටත් සදහන් වෙනවා. එවරස්ට් කදුකරේ සිටින […]
මෙරට මේ වන විට ව්‍යාප්ත වන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන වෛරස් ප්‍රභේදය බව තහවුරු වී තිබෙනවා. ඒ මෙරට කොළඹ බොරලැස්ගමුව , කුරුණෑගල යන ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල අනුව සිදු කරනු ලැබූ පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා […]
ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණනක් මෙරටින් වාර්තා වූ අතර එම ගණන 1111ක්. ඒ අතරින් වැඩිම ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. එම ගණන 200ක්. දෙවැනියට වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව බියගම 22ක්, වත්තල 17ක්, ආඬිඅම්බලම සහ කටාන […]
මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි ලෙස අසරණ භාවයට පත්ව සිටින ඉන්දියාවේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම භූ කම්පනය ඇසෑම් ප්‍රාන්තයේ හටගෙන ඇති අතර එය මැග්නිටියුඩ් ඒකක 6. 7 අගයක් වාර්තා කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ අනුව එහි සදහන් වන්නේ යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක් හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවන් නම් ඔවුන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව අදාළ හුදකලා කාලය අවසන් වනතුරු එම පරිශ්‍රයන්ට වී රැඳීසිටින ලෙසය. එමෙන්ම […]
මෙරටින් දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වුණා. එම ආසාදිතයින් ගණන 1111ක්. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7984 ක් වන අතර මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 94,856ක්. ඒ, ඊයේ තවත් මරණ […]
අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරනවා. ඒ එම පිවිසුමේ සේවය කරන සේවකයින් තිදෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමගයි. කෙසේ වෙතත් එම පිවිසුම ගිලන් රථ හා බස් රථ සදහා විවෘත ව පවතින අතර අනෙකුත් පිරිස අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී කොට්ටාව හුවමාරුව භාවිතා නොකොට අතුරුගිරිය හා […]
ඊයේ දිනය තුළ පමණක් ඉන්දියවෙන් කොවිඩ් මරණ 3306ක් වාර්තා වී තිබෙන අතර මේ අනුව එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වී තිබෙනවා. මේ අතර එලෙස මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයකට පත් ව තිබෙන බව ද වාර්තා වෙනවා. එක් සිරුරක් පිළිස්සීමට ගත වන කාලය, පැය 6ක් ලෙස පැවසෙන […]
නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ පමණක් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව ඉකුත් ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3,900ක්. ඒ අනුව මුහුණු ආවරණ නොපැළඳ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම නොකිරීම පිලිබදව යම් අයෙක් වැරදිකරුවෙක් වුවහොත් ඔහුට රුපියල් 10,000ක දඩයක් හා […]
තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව, වැල්ලවාය නගර සභා සීමාව, වැල්ලවාය වෙහෙරයාය සහ කොට්ටන්ගහපොකුණ, බුත්තල, රත්දලගම, අම්පාර, උහන, කුමාරිගම, මාතලේ, නාවුල, අළුගොල්ල යන ග්‍රාම නිලධාරී වසම් මෙසේ හුදකලා කෙරෙනු ඇති.
ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 08ක් වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ ගණන 655ක්.
මධ්‍යම, සබරගමුව,දකුණ,ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක. සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. […]