වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ එම ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම හේතු කොටගෙනයි.. එමෙන්ම ඊයේ මැදියම් රැයේ කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කිරීමට ද පියවර ගෙන තිබුණා. එම ප්‍රදේශයෙන් හි හුදකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවයි […]
කොළඹ නගරයට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ බත්තරමුල්ල, රාජගිරිය සහ ආමර් වීදිය යන ප්‍රදේශවල මෙලෙස දැඩි රථ වාහන තදබදයක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හා ඔහුගේ අනුගාමිකයන් විසින් සංවිධානය කළ අන්තවාදී පන්තිවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් ඊයේ කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අත් අඩංගුවට ගත් පුද්ගලයින් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද වන බවයි වාර්තා වන්නේ.. මේ අනුව සැකකරුවන් රැඳවුම් නියෝග මත වැඩිදුර […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී (සවස 2.00න් පසු) හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති […]
මේ වන විට කොරෝනා වෛරසයෙන් ලෝකයේ වැඩියෙන්ම පීඩා විදින රටවල් අතර පළමු තැන ඉන්දියාව පත්ව තිබෙනවා. ඒඅනුව එරටින් දිනකට කොරෝනා නව ආසාදිතයින් තුන් ලක්ෂයක් පමණ හඳුනා ගන්නා බවයි වාර්තා වන්නේ.. කොරෝනා වෛරස් තත්වයෙන් දිනකට මිය යන ප්‍රමාණය 2000 ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ රජයේ මෙම කොරෝනා තත්ත්ව වාර්තාව මෙන් හතරගුණයක් […]
අපිට දෙයක් නැතිකොට තියෙන අගය අපිට දෙයක් තියෙනකොට නැත…අපිට අගය නැත්තේම අපිගාව තියෙන ඒවා විතරයි..අපිට අයෙත් පාරක් ඒ දේ පිලිබදව අගය දැනෙන්නේ අපිට ඒ දේ නැතිවෙච්ච දවසට විතරයි.. ජීවි අජීවී සෑම දෙයක් තුලම මේ ස්වභාවය දක්නට ලැබෙනවා.. ඒ පිලිබදව කතාවක් මේ..
ඕමන්තේ දුම්රියපොළ අසළ ගවයින් 16ක් දුම්රියක ගැටී මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. කිලිනොච්චියේ සිට පැමිණි දුම්රියක මෙලෙස මෙම ගවයින් පිරිස ගැටී තිබෙන බවයි පැවසෙන්නේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-116 දරණ ගුවන් යානයක් , මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවතා තිබියදී අනතුරකට ලක්ව තිබෙනවා. ඒ භූමි මෙහෙයුම් ආධාරක වාහනයක ගැටීමෙන්. එම අනතුරෙන් යානයේ පිටුපස කොටසට අලාභහානි සිදුව ඇති අතර මේ වන විට එම කොටස යළි ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
රත්වත්ත වතුයායේ කැලෑවක තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා. හිස් කබලක් හා ශරීරයේ කොටස් කිහිපයක් පිළිස්සී තිබියදී හමුව තිබෙන අතර එම ශරීරය පිරිමියෙකුගේද කන්තාවකගේද යන්න මෙතෙක් හදුනා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය සදහන් කරනවා.
මහා ජනයා හට හදිසි අනතුරු ආපදා හා බරපතල අපරාධ පිලිබදව ක්ෂණිකව පොලිසිය දැනුවත් කිරීම සදහා 2004 වසරේදී හදුන්වා දුන් මෙම 119 හදිසි දුරකථන අංකය බරපතල ලෙස අවභාවිත කර ඇති බවට මේ වන විට හදුනා ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා. ඒ අනුව එම හදිසි දුරකතන අංකයට ලැබෙන ඇමතුම් වලින් සියයට 93ක් පමණ අතවශ්‍ය නොවන කාරණා […]
ලබන 27 වෙනිදා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට නියමිතව තිබුණ අතර මේ පවතින කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එය තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද උපදෙස් මත එම දිනය වෙනස් කිරීමට කටයුතු කළ බවයි අධ්‍යාපන ඇමති ජි එල් පිරිස මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ
පකිස්ථානයේ හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගයින් 04 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. චීන තානාපතිවරයා ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වූ බවට සැකයක් පවතින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ප්‍රහාරය සිදුවන අවස්ථාව වනවිට පකිස්ථානයේ චීන තනාපතිවරයා ඇතුළු දූත පිරිස හෝටලයේ රැඳී සිට නොමැති අතර මෙම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බවයි […]