ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි ව කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සමග චුලා පද්මේන්ද්‍ර වද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරනවා.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද ඉතිහාසයේ අඩුම අගය වාර්තා කළා.. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 203.50 ක් ලෙසයි..
පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි ව කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. අද උදෑසන කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී උන්වහන්සේ කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයට පහරදී අලාභයක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.
රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය පිලිබදව ඇති වූ විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකළ ප්‍රකාශයක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ මේ හේතුවෙන්සභාවද මිනිත්තු 05 කට කල් තැබීමට කතානායකවරයා ක්‍රියා කළා. අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර වාග් ප්‍රහාර මාලාවක් සිදු වූ අතර […]
ජාති ආගම් භේදයකින් වයස් භේදයකින් තොරව ලෝකයම ඇළුම් කල ඔෂින් කතා මාලාවේ රචිකාවිය වන සුගාකෝ හෂිදා ඉකුත් දා ඇයගේ නිවසේ දී මියගොස් තිබෙනවා. මිය යන විට ඇය 95 වියේ පසුවූවා. මෙම කතා මාලාවේ කොටස් 500 ක ප්‍රමාණයක් ඇය අතින් රචිත වුවා.
රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කලා.
ලොව වැඩිම බිලියනපතියන් සිටින නගරය ලෙස ෆොර්බ්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව අනුව චීනයේ බීජිං නගරය නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය වසරේදී බීජිං නගරයේ නව බිලියනපතියන් 33 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම නගරයේ වනවිට බිලියනපතියන් 100ක් සිටී. මේ අනුව චීන අගනගරය අභිබවා ගොස් ඇත්තේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය […]
පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා සභාවේ වැඩ කටයුතු මිනිත්තු 05ක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබෙනවා.
සහල් කිලෝග්‍රෑම් 3ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. නමුත් අමාත්‍යවරයාඊ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ, අත් වැරදීමකින් එවැනි ප්‍රකාශයක් සිදුවී ඇති බවයි. එනම්, “ප්රවෘත්ති සාකච්ඡාවකදී මම කියපු වචනයක් අල්ලගෙන. සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට […]
15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කල 54 හැවිරිදි ඥාති සීයා කෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය සහ අදාල දැරිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියන් ඇතුළු පිරිසක් විසින් සිදු කරනු ලැබූ විමර්ශනයකදී ය. මෙම දැරිය ඉගෙනුම ලබන පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් විසින් පොත් පත් පරික්ෂා කිරීමේදී අදාල දැරියගේ ඉතිහාසය පොතේ […]
මේ වන විටත් පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කරනවා.ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී තිබෙනවා.
කැකිරාවේ, සිදුවු රිය අනතුරකින් 03 හැවිරිදි කුඩා පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගය අයිනේ නවතා තිබු කාර් රථයක් නැවත මාර්ගයට හැරවීමේ දී කැකිරාව දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක් කාර් රථයේ ගැටී තිබෙන අතර එහිදී අදාල ත්‍රීරෝද රථය ද වෙනත් යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබෙනවා. එහිදී එම යතුරු පැදියේ ගමන් කල අඹුසැමි යුවළ හා වයස අවුරුදු […]