News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 28 දක්වා ඉහළට

Generic placeholder image

මේ වන විට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 28 දක්වා ඉහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 80 ක ඇදන් 11,766ක් ඇති බව ද මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරන්නේ. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් […]


Feb
17

ළමා අපචාරවල වර්ධනයක් ඇති හෙයින් ඒ පිලිබදව විමසිලිමත් වන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්

Generic placeholder image

කුඩා ළමුන්ට සිදු වන අපචාර වල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලීසිය සදහන් කරනවා. වයස අවුරදු 16 ට අඩු ගැහැණු ළමුන්ට සිදු වන අපචාර සම්බන්ධව වැඩි වශයෙන් තොරතුරු වාර්තා වන බවයි පොලිසිය සදහන් කරන්නේ. මේ හේතුවෙන් දෙමව්පියන් මෙන්ම වැඩිහිටියන් ද සිය දරුවන් පිලිබදව විමසිල්ලෙන් පසුවන ලෙසට පොලිසිය ඉල්ලීමක් සිදු කරනු ලබනවා.


Feb
17

26 හැවිරිදි තරුණයෙකු ඝාතනය කල 22 හැවිරිදි FB පෙම්වතිය රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

ඉකුත් දා සීදුව ප්‍රදේශයේදී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වූ අතර මේ වන විට එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර 22 හැවිරිදි තරුණියක් ද වන බවයි පැවසෙන්නේ. අදාල තරුණිය මුහුණු පොත හරහා දැන හදුනාගෙන පසුව ඇය විසින් අදාල 26 හැවිරිදි ව්‍යාපාරික තරුණයාට සිදුව ප්‍රදේශයේ හෝටලයක නතර වීම […]


Feb
17

තවත් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි

Generic placeholder image

තවත් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. මේ අනුව අද අලුයම ගුවන් යානා දෙකකින් 400 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ එම පිරිස දිවයිනට පැමිණ තිබෙන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙනවා.


Feb
17

ත්‍රිකුණාමලය වරායෙන් මුහුදු ගිය එකම පවුලේ 07 ක් අතුරුදන්

Generic placeholder image

ඉකුත් 26 වෙනිදා ත්‍රිකුණාමලය වරායෙන් මුහුදු ගිය එකම පවුලේ 07 දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා වෙනවා. සාගර කුමාර නම් බහුදින ධීවර යාත්‍රාවකින් මොවුන් ධිවර කටයුතු සදහා පිටත්ව ගොස් තිබෙන්නේ.


Feb
17

ඉන්දියාවේ බස් රථයක් ඇළකට පෙරළීමෙන් පුද්ගලයින් 37 දෙනෙක් මරුදකී

Generic placeholder image

ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රන්තයේ දී බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. පාලමක් මතින් ගමන් කරමින් තිබියදී මෙලෙස බස් රථය ඇළට පෙරළී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 50 ක් පමණ සිට ඇති බවයි සදහන් වන්නේ.


Feb
17

ඊයේ දිනයේ දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 172 ක් ලෙස සටහන් වී තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 දෙනෙකු ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් 73 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඊයේ දිනය තුල මෙරටින් හදුනාගත් නව ආසාදිතයින් ගණන 759 දෙනෙක්. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොටුව, […]


Feb
17

කොළඹ නගරයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

නව කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදු වීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම කොළඹ නගරයේ ජනතාව අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා සදහන් කරනවා. නව වෛරස් ප්‍රභේදය කොළඹ නගරය තුල ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙලෙස ජනතාව වැඩි වශයෙන් ඒ පිලිබදව අවදානය යොමු කල යුතු බවයි පැවසෙන්නේ. හැකි […]


Feb
17

කෲඩියා ශාකය ඉවත් නොකර අධිවේග මාර්ගය ඉදිකිරීමට පියවර

Generic placeholder image

පසුගියදා සග සතු කරනු ලැබූ ගම්පහ, දාරලුව දුම්රිය ස්ථානය අසල ඇති මෙරටට අවේණික කෲඩියා සෙලනිකා ගස ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.


Feb
17

එංගලන්තයේ තවත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරෙයි

Generic placeholder image

එංගලන්තයේ තවත් කොවිඩ් ප්‍රභේදයක් පැතිර යන බව හදුනා ගෙන තිබෙනවා. B.1.525 යනුවෙන් නම්කර ඇති එම වෛරස ප්‍රභේදය ආසදනය වූ පුද්ගලයින් 38 දෙනෙකු මේ වන විටත් හදුනා ගෙන ඇති බව විදේස් වාර්තා සදහන් කරනවා. මේ අතර මෙම නව විකෘති වෛරස් ප්‍රභේදය නිසා එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.


Feb
17

බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000ක් අද එන්නත්කරණයට

Generic placeholder image

අද දිනය තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට පමණ කොවිඩ් එන්නත ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Feb
17

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර […]


News Articles
Latest Videos
Most Popular Post