මෙරට සිදු වූ කොවිඩ් මරණ ගණන 332 දක්වා ඉහළ නංවමින් තවත් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. වල්ගම්මුල්ල, දේවාලපොල, මීගමුව සහ යටියන්තොට යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා. ඔවුන් අවුරුදු 66ත් 89ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය […]
හෙටට යෙදෙන 73 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පිරිනැමෙන විශේෂ ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් පිරිසකට නිදහස දීමට තීරණයකර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව රැඳවියන් 146 දෙනෙකු හෙට එලෙස නිදහස් කිරීමට නියමිත බවයි.
වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට මෙන්ම අවුරුදු 30ත් 60ත් අතර වයස් සීමාවන්වල පසු වන්නන්ට ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දීමට රජය තීරණයකර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින්ගේ දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ වැඩි වශයෙන් රෝගී වී ඇත්තේ වයස අවුරුදු 30 සිට 60 දක්වා අතර පිරිසට බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් 354 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ගණන 66,000 සීමාව ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 66,052ක් ලෙසයි.
ස්වර්ණමහල් ජුවලර්ස් පෞද්ගලික ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබෙනවා. ඒ, වලංගු බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම හේතුවෙන්.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමකම් කඩ වී ඇති බවට ඉරිපත්කර ඇති වාර්තාව මෙරට රජය ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දන්වා යවා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් පහතින් : “එහි අන්තර්ගතය […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු තිදෙනා ලබන 17 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ගිනි අවි සම්බන්ධ සිද්ධියකට සාක්ෂි වසන්කර අධිකරණය නොමඟ යැවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔහු සහ අනෙක් දෙදෙනා මෙලෙස බන්ධනාගාරගත කෙරුණා.
හෙට පැවැත්වෙන 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හේතුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රය අවට වාහන ධාවනය සඳහා විශේෂ සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, හෙට උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුළ නිදහස් චතුරශ්‍රය අවට වාහන ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කෙරෙන බවයි. ඒ අනුව නෙළුම් පොකුණ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට ද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඊයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලින් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි. ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා – බටහිර […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 840 දෙනෙකු සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 59,883ක් ලෙසයි.
කොරෝනා මර්දන එන්නත මේ වන විට ලක්ෂය ඉක්මවූ පිරිසකට ලබාදී ඇතත් මේ වන තෙක් එම එන්නතෙන් කිසිදු බරපතල අතුරු ආබාධ හෝ ආසාත්මිකතා වාර්තා නොවූ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. පළමු අදියරේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එන්නත ලබාදුන් අතර ඊළග අදියර වශයෙන් 60ට වැඩි ජනගහනයට මාර්තු පළමු වෙනිදා සිට මෙම […]
ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුමේ 73 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ පවතින භාෂාමය, ආගමික හා සංස්කෘතික සම්ප්‍රදායන් මත පදනම්ව හුවමාරු කර ගත් […]