News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
15

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂරය ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය සේවාලාභීන්ට පහසු වන ආකරයෙන් සැළසුම් කිරීම අරමුණු කර ගනිමින්‍. පාළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී සෑම අවස්ථාවකම අංක තහඩු වෙනස් කිරීමට සිදුවීමෙන් සේවාලාභීන්ට මෙන්ම මෝටර් […]


Dec
15

අබ්දුල්ලා මහරුෆ් අත්අඩංගුවට

Generic placeholder image

හිටපු අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව මගින් කින්නියා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, 2015 – 2019 කාලයේ සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.


Dec
15

තණමල්විලදී යතුරුපැදි දෙකක් ගැටෙයි – දෙදෙනෙකුට තුවාල

Generic placeholder image

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ තණමල්විල, සිරිනන්දපුර ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබුණා. අනතුරින් තුවාල ලබා අැත්තේ 23 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක් සහ 40 හැවිරිදි පුද්ගලයෙක්. ඔවුන් තණමල්විල රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සදහා […]


Dec
15

තීරු බදු රහිතව මෙරටට ගෙන් වූ කහ සහ එනසාල් තොග ප්‍රදේශ කිහිපයකදී ආරක්ෂක අංශ භාරයට

Generic placeholder image

තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ සහ එනසාල් තොග ප්‍රදේශ කිහිපයකදී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා‍. ඒ හලාවත – කරුකපනේ, මන්නාරම සහ සීලාවතුර යන ප්‍රදේශවලදීයි. හලාවත, කරුකපනේ ප්‍රදේශයේදී කහ කිලෝග්‍රෑම් 200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු අතර මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේදී ඊයේ තවත් අයෙක් අත්අඩංගුවට ගත්තේ කහ කිලෝග්‍රෑම් 647ක් සමගයි. මේ අතර ලද තොරතුරකට අනුව තවත් […]


Dec
15

“ජැෆ්නා ස්ටැලියන්ස්” අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

Generic placeholder image

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර විස්සයි විස්ස දෙවැනි අවසන් පූර්ව තරගය සදහා ඊයේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ඒරෙහිව පිටියට පිවිසියේ දඹුල්ල වයිකිං කණ්ඩායමයි. ඒහිදී දඹුල්ල වයිකිං කණ්ඩායම පැරදූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අනිද්දා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඒ, ඊයේ තරගය ලකුණු 37කින් ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී […]


Dec
15

මවගේ අවමංගල්‍යයේදී පුතුන් දෙදෙනාත් මියයයි – මරණයට හේතුව මත්පැන් විස වීම බවට සැක

Generic placeholder image

මීරිගම, කීනදෙණිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකදී මත්පැන් පානය කළ පුද්ගලයින් පිරිසක් අතරින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙකු රෝහල්ගතකර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පුද්ගලයින් දෙදෙනා එකම පවුලේ සහෝදරයින් වන අතර ඔවුන්ගේ මවගේ අවමංගල්‍ය උත්සවයේදී ඔවුන් තවත් පිරිසක් සමග එක්ව මත්පැන් පානයකර ඇති බවයි. එහිදී එම පිරිසෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනා […]


Dec
15

මෙරට කොරෝනා මරණ ගණන 154 දක්වා ඉහළට – ආසාදිත සංඛ්‍යාව 33,478යි

Generic placeholder image

ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 154 දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් අයෙක් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්. ඇය මියගොස් ඇත්තේ පසුගිය 11 වැනිදා වන අතර කොරෝනා වෙෙරසය ආසාදනය වීමත් සමග අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදායබාධයක් ඇයගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා. එමෙන්ම මිය […]


Dec
14

අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 356ක් හදුනා ගැනේ

Generic placeholder image

අද දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් 356 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඉන් ආසාදිතයින් 302ක් මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසද, අනෙක් ආසාදිතයින් 54 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


Dec
14

ගූගල් සේවාවන් බිඳවැටීමකට ලක්වෙයි

Generic placeholder image

ලොවපුරා ගූගල් සේවා තාවකාලිකව බිඳවැටී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව යූ ටියුබ්, ජී මේල්, ගූගල් ඩ්‍රයිව් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙවලම් කිහිපයක් බිඳවැටී තිබු අතර එසේවීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බව සදහන්.


Dec
14

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය යළි විවෘත කිරීමට යයි

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යප්ත වීම පාලනය කිරීම සැලකිල්ල ගෙන වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර සෞඛ්‍ය උපදෙස්වලට අනුව මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ලබන බදාදා සිට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි සදහන් වන්නේ. […]


Dec
14

LPL – ජැෆ්නා ස්ටැලියන්ස් හා දඹුල්ල වයිකින් අද තරග බිමට

Generic placeholder image

අද LPL තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් හා දඹුල්ල වයිකින් කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද තරගයට දඹුල්ල කණ්ඩායම කලු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිත බව එම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන චමිල ගමගේ මහතාගේ පියාගේ අභාවයට ශෝකය පළ කිරීමට මෙලෙස කටයුතු කරන බව එහි සඳහන් වෙයි


Dec
14

මෙවර නත්තල් කාලයේ ජර්මනියට දැඩි සංචරණ සීමා

Generic placeholder image

මෙවර නත්තල් කාලයට ජර්මනියට දැඩි සංචරණ සීමා පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා.ඒ වාර්තා ගත ලෙස එරට කොරෝනා ආසාදිතයින් හා කොරෝනා අසාදනයෙන් මිය යන පිරිස වැඩි වීමත් සමගයි. ඒ අනුව දෙසැම්බර් 16 වැනිදා සිට ජනවාරි 10 වැනිදා දක්වා එනම් , බදාදා දිනයේ සිට දැඩි සංචරණ සීමා පනවා තිබෙන ප්‍රදේශ වල වෙළෙඳසැළවල් සහ පාසල් වසා දැමීමට […]


News Articles
Latest Videos
Most Popular Post