News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
13

දිස්ත්‍රික්ක තුනක ක්‍රියාත්මක හුදෙකලා බව පිළිබඳ හෙට සිට තත්ත්වය

Generic placeholder image

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මේ වනවිටත් හුදෙකලාකර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් ඉවත් කිරීම, අලුතින් පැනවීම සහ තවදුරටත් හුදෙකලා කිරීම පිළිබඳ නවතම තොරතුරු ඇතුළත් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින් :


Dec
13

LPL – පළමු අවසන් පූර්ව තරගය අද

Generic placeholder image

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙනවා. ඒ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී,


Dec
13

කොරෝනා මැඩලීමට සී.අයි.සී.ටී. සමාගමෙන් මෙරටට මුදල් පරිත්‍යාගයක්

Generic placeholder image

කොළඹ වරායේ දකුණු පර්යන්තය කළමනාකරණ කටයුතු සිදු කරන CICT සමාගම (Colombo International Container Terminals) මෙරටට රුපියල් ලක්ෂ 186ක මුදලක් පරිත්‍යාගකර තිබෙනවා. ඒ, කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමටයි. අදාළ සමාගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම මුදල් පරිත්‍යාගය ලබා දුන්නා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මේ වසර තුළ එම සමාගම […]


Dec
13

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම් අනිද්දායින් අවසන්

Generic placeholder image

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් කටයුතු එළැඹෙන අඟහරුවාදා අවසන් කිරීමට නියමිතව තිබෙනවා. එම කොමිසමේ ලේකම්වරයා පැවසුවේ, මේ වනවිටත් කොමිසමේ වාර්තාව සකස් කරමින් පවතින බවයි. වාර්තාව සකස්කර අවසන් වූ වහාම එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. අප්‍රේල් 21 වැනිදා […]


Dec
13

පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමට අදාළ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

Generic placeholder image

වසර තුනකට අධික කාලයක් කල් දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසුවේ, අන්තර්ජාලය ඔස්සේ හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට එම යෝජනාව ඉදිරිපත්කර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු කඩිනම් […]


Dec
13

අගමැති කිරිවෙහෙර වැඳපුදා ගනියි (ඡායාරූප)

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් අභියස ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයාට කොබවක ධම්මින්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළා. අනතුරුව අෂ්ඨඵල බෝධීන් වහන්සේ වැඳපුදාගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා […]


Dec
13

පිරිසක් සුවය ලබද්දී තවත් ආසාදිතයින් පිරිසක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 489 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 23,793ක් දක්වා ඉහළ ගියා. සුවය ලැබූවන් සංඛ්‍යාව එසේ ඉහළ යද්දි තවත් නව ආසාදියන් 515 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඔවුන්ගෙන් 368 දෙනෙකු […]


Dec
13

නයිජීරියාවේ පාසලක ළමුන් 400ක් තුවක්කුකරුවන් කණ්ඩායමක් විසින් පැහැරගනී

Generic placeholder image

නයිජීරියාවේ පාසලක ළමුන් 400 ක් තුවක්කුකරුවන් කණ්ඩායමක් විසින් බිය ගන්වා පැහැරගෙන ගොස් තිබෙන බව වාර්තා වෙනවා. අදාල සිද්ධිය පිලිබදව එරට හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් සිදු කරනු ලබන අතර තුවක්කුකරුවන් සැඟවී සිටින බවට පැවසෙන ස්ථානයක් හමුදාව විසින් හදුනාගෙන ඇති බවද වාර්තා වෙනවා.


Dec
13

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ හෙට විවෘත වෙයි

Generic placeholder image

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා හෙට දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Dec
13

පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු ගැන විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබන ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. මේ අතර සාමාන්‍ය පෙළ දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු මාස 3 කට අත්හිටුවා තිබේ.ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඇති පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු මාර්තු 15 වැනිදා දක්වා අත්හිටුවන බව පොලීසීය […]


Dec
13

අදත් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේබොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වයක් පවතී. කෙසේවෙතත්, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත්කළුතර, ගාල්ල සහමාතරදිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.


Dec
12

තවත් කොරෝනා මරණ දෙකක්

Generic placeholder image

තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කළා. එම මරණ වාර්තා වන්නේ කොළඹ 15 සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශවලින් වන අතර 55 හැවිරිදි සහ 66 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ සහ පෙරේදා දිනවල එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 149 දක්වා ඉහළ […]


News Articles
Latest Videos
Most Popular Post