News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

මහර බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව සඳුදා

Generic placeholder image

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව ලබන සඳුදා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා වෙත භාර දීමට නියමිතව තිබෙනවා. එම බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වයට හේතු වූ කරුණු සොයා බැලීම සදහා අමාත්‍ය අලිසබ්රි මහතා විසින් පසුගිය සඳුදා අදාළ කමිටුව පත් කරන ලැබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වන අතුරු […]


Dec
4

මියගිය මහර රැඳවියන්ගේ සිරුරු බැහැර කිරීමේ තීන්දුව කල් යයි

Generic placeholder image

මහර බන්ධනාගාරයේ පසුගිය 29 වැනිදා ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර සිටියදී මියගිය රැඳවියන්ගේ සිරුරු බැහැර කරන ආකාරය පිළිබඳ තීන්දුව නිකුත් කිරීම කල් ගියා. ඊට අදාළව මෝසමක් මාර්ගයෙන් කරුණු දක්වමින් අදාළ නඩුව ගොනුකර තිබුණේ, සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවයි. රෝහල්ගත කිරීමෙන් පසු මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හඳුනා ගැනුණු […]


Dec
4

අමෙරිකානු නව ජනාධිපතිගෙන් එරට ජනතාවට දින 100ක යෝජනාවක්

Generic placeholder image

අමෙරිකානු නව ජනාධිපති වන ජෝ බයිඩන් එරට ජනතාව අමතා ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එනම්, තමන් ජනාධිපතිධූරයට පත්වී පළමු දින 100 ඇතුළත් මුඛ ආවරණ පළඳින ලෙසයි. ඒ තුලින් කොරෝනා ව්‍යාප්තියේ යම් පහල බැසීමක් පෙන්නුම් කරනු ඇති බවට ජනපතිවරයා වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර සිටිනවා. ගතවූ පැය 24 දී පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ […]


Dec
4

අතුරුදන් වූ ධීවරයෙකුගේ සිරුර ඌරි වෙරළෙන් හමුවෙයි – අද රාත්‍රී දක්වා මුහුදු නොයන්නැයි උපදෙස්

Generic placeholder image

අධික වැසි තත්ත්වය හමුවේ ධීවර කටයුතුවල යෙදෙමින් සිටියදී පසු ගිය පළමු වැනිදා අතුරුදන් වූ ධීවරයාගේ මළ සිරුර කරෙයිනගර්, ඌරි වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා. ඔහු ඉස්සන් ඇල්ලීම සඳහා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඇවිදිමින් සිටියදී රළ පහරට හසුව අතුරුදන් වූ බවට පසුගියදා තොරතුරු වාර්තා වුණා. එලෙස මිය ගියේ, වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 38 […]


Dec
4

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය කල් යයි

Generic placeholder image

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ අවසන් දිනය මේ මස 12 වැනිදා දක්වා දීර්ඝකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ එම සේවාවල තනතුරු 12ක පුහුණුවට අභ්‍යාසලාභීන් 1000ක් බඳවා ගැනෙන අතර ඒ සඳහා එම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි. අදාළ තනතුරු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට […]


Dec
4

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Generic placeholder image

මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 476 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මේ අනුව මොවුන් සියලු දෙනා pcr පරීක්ෂණ සිදු කොට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.


Dec
4

PHIට කෙළ ගැසූ අටලුගම කොරෝනා ආසාදිතයා රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

බණ්ඩාරගම,අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ කොරෝනා ආසාදිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ ආකාරයට අටලුගම ප්‍රදේශයේ ජනතාව අත්තනෝමතික ලෙස හැසිරෙන්නේ නම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වීමේ අවධානමක් මතුව ඇති බව බවයි වාර්තා වන්නේ.


Dec
4

කොරෝනා රෝගීන් ප්‍රවාහනය කල බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුර

Generic placeholder image

කොරෝනා රෝගීන් ප්‍රවාහනය කල බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙහිදී බස් රථ දෙකෙහිම රියදුරන් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොරෝනා රෝගීන් රැගත් යුද හමුදා බස් රථයක් හා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. බස් […]


Dec
4

අටළුගම ගම්වාසීන්ට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය නොදක්වන්නේ නම් සැලකිය යුතු කාලයක් එම ප්‍රදේශය හුදකලා කිරීමට ලක් විය හැකි බවයි. එක ගම්මානයක යම් පිරිසක් මෙලෙස අත්තනෝමතික ලෙස හැසිරීම මත කළුතර දිස්ත්‍රික්කයටම එය තර්ජනයක් වීමට කිසිසේත් අවස්ථාවක් නොදෙන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


Dec
4

කැන්ඩි ටස්කර්ස් පරදා දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමට තියුණු ජයක්

Generic placeholder image

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ ඊයේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම හා දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමට දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම සමත් වුණා. වාසිය දිනු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් බිඳ වැටී ඔවුන් ලබා ගත්තේ ලකුණු 156 ක් පමණි. පිළිතුරු […]


Dec
4

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනය තුල ,මෙරටින් කොරෝනා ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැණුනු අතර ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 402ක්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වෙනවා.ඒ අනුව මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26,038ක්. කොළඹ දිස්ත්‍රික්කය – 402ගම්පහ දිස්ත්‍රික්කය – 66රත්නපුර දිස්ත්‍රික්කය – […]


Dec
4

වැසි තත්වය තව දුරටත්

Generic placeholder image

“බුරවි” සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එය අද (දෙසැම්බර් 04 ) පෙ.ව 02.30 වන විට මන්නාරමට කි.මී. 143 ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. උතුරු, උතුරු මැද සහ වයඹපළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු […]


News Articles
Latest Videos
Most Popular Post