News Line| Off Air
Generic placeholder image

Dec
7

“මීටරෙන් ජීවිතේ” තවත් අදියරක් කොක්මාදූව අන්තර් හුවමාරුවේදී (ඡායාරූප)

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන, “මීටරෙන් ජීවිතේ” ස්ටිකර් ඇලවීමේ වැඩසටහන‍ ස්ථාන රැසකදී මේ වනවිට පැවැත්වෙනවා. එම වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව අන්තර් හුවමාරුව ආශ්‍රිතවයි. අධිවේගී මාර්ගයේ කොක්මාදූව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් කොක්මාදූව අන්තර් හුවමාරුව හරහා ධාවනය කෙරෙන වාහනවල ස්ටිකර් අලවා ජනතාව දැනුවත් […]


Dec
7

මහනුවර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

Generic placeholder image

මධ්‍යම පළාතේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රිකකයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 383ක්. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54ක් ලෙස වාර්තා වී තිබෙනවා. අදාළ දත්තවලට අනුව අද උදෑසන වනවිට මධ්‍යම පළාත තුළින් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් […]


Dec
7

වනජීවි නිලධාරීන්ගේ වැඩ වර්ජනය දැඩිවන ලකුණු

Generic placeholder image

වෘත්තීය සමිති කිහිපයක වනජීවි නිලධාරීන් එක්ව මේ වනවිට දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනයක නිරත වනවා. ඔවුන් පවසන්නේ, පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිදු වන නීති විරෝධි ක්‍රියා නතරකර, ස්වාභාවික සම්පත් සුරක්ෂිතකර දෙන ලෙසයි. ඒ සඳහා රජය නිසි පියවරක් නොගතහොත් ඉදිරියේදී දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි අදාළ වෘත්තීය සමිති නායකයින් පවසන්නේ.


Dec
7

ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට යොමු කරයි

Generic placeholder image

ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බව වාර්තා වෙනවා. ඒ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සේවය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් PCR පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බවට තහවුරුවීමත් සමගයි. ඒ අනුව ඔහු සමග සේවය කල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් මෙලෙස නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.


Dec
7

සාමාන්‍ය පෙළ විභාගය මාර්තු පළමුවැනිදා

Generic placeholder image

කල් දැමුණු අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස පළමුවැනිදා සිට එම මස 11වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය මින් පෙර පැවැත්වීමට සැළසුම්කර තිබුණේ ලබන වසරේ ජනවාරි මස 18වැනිදා සිට 27වැනිදා දක්වායි. එහෙත් රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුවෙන් […]


Dec
7

නිරුවත් පුද්ගලයෙකු නිවසක් තුළට පැන සිදු කළ දේ

Generic placeholder image

කුරුණෑගල, තිත්තවැල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ අලුයම් කාලයේ නිරුවතින් පැමිණි පුද්ගලයෙක් ඊට ඇතුළු වී එහි භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. අදාළ පුද්ගලයා නිවසට ඇතුළු වීමට පෙර තමන් සතුව තිබූ උදැල්ලක් සහ පිහියක් ඒ සඳහා භාවිතකර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කුරුණෑගල පොලිසියේ නිල සුනඛ අංශයේ සුනඛයින් යොදවා පරීක්ෂණ සිදුකර […]


Dec
7

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන් තිදෙනෙකුගේ සිරුරු පිළිබඳ අවසන් පරීක්ෂණ අද

Generic placeholder image

පසුගිය 29 වැනිදා මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව අතරතුර තුවාල ලබා රෝහල්ගතකර සිටියදී රැඳවියන් 11 දෙනෙකු මියගියා. පොලිසිය පැවසුවේ, ඔවුන්ගෙන් 7 දෙනෙකුගේ අනන්‍යතාව මේ වනවිට තහවුරුකරගෙන ඇති බවයි. ඒ අනුව ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වනවිට සිදුකර ඇති අතර සෙසු තිදෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති […]


Dec
7

දිනකදී සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ගණන 20,000 දක්වා ඉහළ නැංවීමට පියවර

Generic placeholder image

මෙරට දිනපතා සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ 20,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ඒ සඳහා මේ වනවිට රෝහල් 10ක් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. රජයේ රෝහල් 5ක් සහ පෞද්ගලික රෝහල් 5ක් ලෙස රෝහල් […]


Dec
7

ඊයේ දිනය තුළ ආසාදිතයින් 649ක් හඳුනා ගනියි

Generic placeholder image

ගත වූ දිනයේ අලුතින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 649ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරින් 451 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 197 දෙනා බන්ධනගාරවලින් වාර්තා වී ඇති බවයි. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ, නිරෝධායනයට ලක් වෙමින් සිටි […]


Dec
7

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ නංවමින් ඊයේ රාත්‍රී තවත් මරණ තුනක් වාර්තා වුණා. කෝට්ටේ, කහතුඩුව සහ මග්ගොන යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙක් එලෙස මියගිය අතර ඔවුන් සියලු දෙනා අවුරුදු 71ත් 98ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Dec
7

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් වරුවේ වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්‌ථානවල මි.මී. 100 පමණ තද වැසිද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. උතුර […]


Dec
6

හෙට හුදකලා බවින් ඉවත් කරන ප්‍රදේශ ඇතුළු හුදකලා ප්‍රදේශ පිළිබඳ නවතම නිවේදනය

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ හුදකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් ඉන් මුදා හැරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (07) දින උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසම හුදකලා බව ඉවත්කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා. හුදකලා ප්‍රදේශ පිළිබඳ නවතම නිවේදනය පහතින් ,


News Articles
Latest Videos
Most Popular Post