News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

නිරෝධායන නීති කඩ කළ තවත් පිරිසක් අල්ලයි

Generic placeholder image

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගැනීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.


Dec
7

ඉන්දියාවේ හදුනානොගත් නව රෝගයක් හේතුවෙන් පුද්ගලයින් පිරිසක් රෝහල් ගත කෙරේ

Generic placeholder image

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින ඉන්දියාව නව හදුනානොගත් රෝගයක් හේතුවෙන්පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබෙන බව එරට වාර්තා සදහන් කරනවා. අදාල රෝගී පුද්ගලයින් ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කර තිබෙනවා.


Dec
7

ආදායම් බද්දෙන් ධීවරයින් නිදහස්කර ඇති බව ගන්ධර වරායේ ඉදිකිරීම් කටයුතු අරඹමින් අගමැති කියයි (ඡායාරූප)

Generic placeholder image

ඉදිරි වසර 5ක කාලය සඳහා ආදායම් බද්දෙන් ධීවරයින් නිදහස් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ගන්ධර ධීවර වරායේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ එක් වෙමින්. මීටර 300කින් යුත් ප්‍රධාන දියකඩනයකින් සැදුම්ලත් මෙම යෝජිත වරාය තුළින් බහුදින යාත්‍රා 400ක් පමණ ධීවර කටයුතු සඳහා යෙදවීමට සැළසුම්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය […]


Dec
7

“මීටරෙන් ජීවිතේ” තවත් අදියරක් කොක්මාදූව අන්තර් හුවමාරුවේදී (ඡායාරූප)

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන, “මීටරෙන් ජීවිතේ” ස්ටිකර් ඇලවීමේ වැඩසටහන‍ ස්ථාන රැසකදී මේ වනවිට පැවැත්වෙනවා. එම වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව අන්තර් හුවමාරුව ආශ්‍රිතවයි. අධිවේගී මාර්ගයේ කොක්මාදූව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් කොක්මාදූව අන්තර් හුවමාරුව හරහා ධාවනය කෙරෙන වාහනවල ස්ටිකර් අලවා ජනතාව දැනුවත් […]


Dec
7

මහනුවර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

Generic placeholder image

මධ්‍යම පළාතේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රිකකයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 383ක්. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54ක් ලෙස වාර්තා වී තිබෙනවා. අදාළ දත්තවලට අනුව අද උදෑසන වනවිට මධ්‍යම පළාත තුළින් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් […]


Dec
7

වනජීවි නිලධාරීන්ගේ වැඩ වර්ජනය දැඩිවන ලකුණු

Generic placeholder image

වෘත්තීය සමිති කිහිපයක වනජීවි නිලධාරීන් එක්ව මේ වනවිට දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනයක නිරත වනවා. ඔවුන් පවසන්නේ, පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිදු වන නීති විරෝධි ක්‍රියා නතරකර, ස්වාභාවික සම්පත් සුරක්ෂිතකර දෙන ලෙසයි. ඒ සඳහා රජය නිසි පියවරක් නොගතහොත් ඉදිරියේදී දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි අදාළ වෘත්තීය සමිති නායකයින් පවසන්නේ.


Dec
7

ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට යොමු කරයි

Generic placeholder image

ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බව වාර්තා වෙනවා. ඒ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සේවය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් PCR පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බවට තහවුරුවීමත් සමගයි. ඒ අනුව ඔහු සමග සේවය කල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් මෙලෙස නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.


Dec
7

සාමාන්‍ය පෙළ විභාගය මාර්තු පළමුවැනිදා

Generic placeholder image

කල් දැමුණු අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස පළමුවැනිදා සිට එම මස 11වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය මින් පෙර පැවැත්වීමට සැළසුම්කර තිබුණේ ලබන වසරේ ජනවාරි මස 18වැනිදා සිට 27වැනිදා දක්වායි. එහෙත් රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුවෙන් […]


Dec
7

නිරුවත් පුද්ගලයෙකු නිවසක් තුළට පැන සිදු කළ දේ

Generic placeholder image

කුරුණෑගල, තිත්තවැල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ අලුයම් කාලයේ නිරුවතින් පැමිණි පුද්ගලයෙක් ඊට ඇතුළු වී එහි භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. අදාළ පුද්ගලයා නිවසට ඇතුළු වීමට පෙර තමන් සතුව තිබූ උදැල්ලක් සහ පිහියක් ඒ සඳහා භාවිතකර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කුරුණෑගල පොලිසියේ නිල සුනඛ අංශයේ සුනඛයින් යොදවා පරීක්ෂණ සිදුකර […]


Dec
7

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන් තිදෙනෙකුගේ සිරුරු පිළිබඳ අවසන් පරීක්ෂණ අද

Generic placeholder image

පසුගිය 29 වැනිදා මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව අතරතුර තුවාල ලබා රෝහල්ගතකර සිටියදී රැඳවියන් 11 දෙනෙකු මියගියා. පොලිසිය පැවසුවේ, ඔවුන්ගෙන් 7 දෙනෙකුගේ අනන්‍යතාව මේ වනවිට තහවුරුකරගෙන ඇති බවයි. ඒ අනුව ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වනවිට සිදුකර ඇති අතර සෙසු තිදෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති […]


Dec
7

දිනකදී සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ගණන 20,000 දක්වා ඉහළ නැංවීමට පියවර

Generic placeholder image

මෙරට දිනපතා සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ 20,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ඒ සඳහා මේ වනවිට රෝහල් 10ක් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. රජයේ රෝහල් 5ක් සහ පෞද්ගලික රෝහල් 5ක් ලෙස රෝහල් […]


Dec
7

ඊයේ දිනය තුළ ආසාදිතයින් 649ක් හඳුනා ගනියි

Generic placeholder image

ගත වූ දිනයේ අලුතින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 649ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරින් 451 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 197 දෙනා බන්ධනගාරවලින් වාර්තා වී ඇති බවයි. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ, නිරෝධායනයට ලක් වෙමින් සිටි […]


News Articles
Latest Videos
Most Popular Post