මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පිටුවහල් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පැහැදිලි කිරීමේ සටහනක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත යෛාමු කරනු ලැබ තිබෙනවා. හිටපු මහ බැංකු අධිපතිවරයා පසුගිය රජය සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවේ එක් සැකකරුවෙක් වන අතර ඔහු මේ වනවිට වාසය කරන්නේ සිංගප්පූරුවේයි.
ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එහි සභාපති ධුරය සඳහා නම් කෙරුණේ, අශන්තා ද මෙල් මහතායි. එමෙන්ම චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, එම්.ඒ.ඩ්බ්.ආර් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ එස්.එච්.යූ කර්නින් යන මහත්වරුන් නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් වනවා.
මහනුවර, බෝගම්බර ප්‍රදේශයට අද පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇතැයි මහනුවර මහනගර සභාව පවසනවා. ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද දිනයේ 13 දෙනෙක් සහ ඉන් පෙර 12 දෙනෙකු වශයෙන් එලෙස ආසාදිතයින් හඳුනා ගැනුණා. එමෙන්ම මහනුවර මහනගර සභාවේ බෝගම්බර පිහිටි කාර්යාලය ද මෙම තත්ත්වය හේතුවෙන් මීට […]
මන්නාරමබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් දිවයිනෙන් පිටතට ගමන් කරමින් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 50 – 60ත් වන අතර විටින් විට එය පැයට කිලෝ මීටර 70 දක්වා ඉහළ යා හැකි බවයි. ඒ හේතුවෙන් එම […]
තවත් කොරෝනා ආසාදිතයින් 252ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන දැක්වෙන්නේ 26,290ක් ලෙසයි.
කිළිනොච්චිය, පූනරීන් ප්‍රදේශයට දින ගණනක සිට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග අරුවි ආරු ඔය පිටාර ගැලීමෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ අනුව කිළිනොච්චියේ පුනරීන් ප්‍රදේශයේ ස්ථාන දෙකකට කොටු වී සිටින පුද්ගලයින් 131 දෙනෙකු බේරා ගැනීම සදහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යෙදවීමට පියවර ගැනුණා. ඒ, කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරියගේ ඉල්ලීමකට අනුවයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් ද මෙල් මහතා පත්කර තිබෙනවා. මින් පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ, ප්‍රභාෂ් සුබසිංහ මහතා වන අතර ඒ මහතා පසුගිය සතියේ එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.
මහනුවර සහ අකුරණ යන ප්‍රදේශවල පාසල් 50ක් තවදුරටත් වසා තැබීමට තීරණයකර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා. ඒ අනුව මහනුවර නගර සීමාවේ පාසල් 45ක් ද අකුරණ ප්‍රදේශයේ පාසල් 5ක් ද ලබන 11 වැනිදා දක්වා වසා තැබෙනු ඇති. එම ප්‍රදේශ ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය හේතුවනේ පසුගිය නොවැම්බර් මස 25 වැනිදා සිට අදාළ පාසල් වසා […]
කිළිනොච්චියේදී බස් රථයකින් ක්ලේමෝ බෝම්බ දෙකක් ගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාට උසස් වීම් සහ විශේෂ ප්‍රදානයන් පිරි නැමීමට තීරණය කළ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම නිලධාරීන්ගේ ක්‍රියාව අගය කරන අතර ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් මෙම […]
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටත් වීම් පර්යන්තයේ මහජන ආලින්දය අමුත්තන් සඳහා යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එය හෙට උදෑසන 9 සිට අමුත්තන් සඳහා විවෘත වනු ඇති. ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන්නේෙ, එක් ගුවන් මගියෙකුට මහජන ආලින්දය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙකු පමණක් බවයි. එමෙන්ම ගුවන් තොටුපල පරිශ්‍රය තුළ මුහුණු ආවරණ […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්දේශකර තිබූ ස්වාධීන කොමිෂන් සභා පහක් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තු සභාව ඊයේ අනුමත කළා. ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස නිමල් පුංචිහේවා මහතා ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිගේ මහතා ද, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු මහතා ද […]
මහර බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරී ලෙස හැසිරුණු බවට පළවන මත සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබා ගැනීම සඳහා බන්ධනාගාර ඖෂධාගාරයේ ගබඩාකර තිබූ පෙති වර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශත නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භකර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ […]