News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

කුරුවිට සහ බෝගම්බර බන්ධනාගාරවලින් තවත් ආසාදිතයින් හඳුනා ගැනේ

Generic placeholder image

කුරුවිට සහ පැරණි බෝගම්බර යන බන්ධනාගාරවලින් කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියන් 94දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 80ක් වන අතර කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඒ අනුව සමස්ත බන්ධනාගාර ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 285ක් ලෙසයි.


Nov
14

සංචරණ නීති ලිහිල් කෙරෙන්නේ කවදා ද?

Generic placeholder image

කොරෝනා වෛරසය හමුවේ ප්‍රදේශ රැසකට පනවා ඇති සංචරණ නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් අද සහ හෙට කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන අධ්‍යයනයෙන් පසුව තීරණය කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු පැවසුවේ, වෛසරය පැතිර යාම හේතුවෙන් බස්නාහිර පළාත තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බවයි. මේ අතර ඊයේ දිනයේත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් […]


Nov
14

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වුණා. මිය යනවිට ඒ මහතා 61ක් වන වියෙහි පසු වුණා. රූපවාහිනි කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු ලෙස ජාතික රූපවාහිනියෙන් වෘත්තිය ජිවිතය ආරම්භ කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්. ජනාදරයට පත් නිදිකුම්බා මල්, කුමාරයාණෙනි ඇතුළු ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළ ඒ […]


Nov
14

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට උපදේශන සේවා සැපයීමට වෙන් වූ දුරකතන අංකය

Generic placeholder image

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් මාර්ගික උපදේශන සේවාවක් ආරම්භකර තිබෙනවා. ඒ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට සහ ඔවුන්ගේ සමීපතමයින්ට අවශ්‍ය උපදේශන සේවා සැපයීම සඳහායි. එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, වර්තමානයේ රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතයට මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බවයි. එමෙන්ම එම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ සමීපතමයින්ට ප්‍රතිකාර […]


Nov
14

දීපවාලි උත්සවය අදයි – ජනපති අගමැති සුබ පතයි

Generic placeholder image

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි. තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්. හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, […]


Nov
14

කොරෝනා වැළදී මහ මග මිනිසුන් මියයන බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කළ අයෙක් CID අත්අඩංගුවට

Generic placeholder image

කොරෝනා වෛරසය වැලදී මහ මග වැටී පුද්ගලයින් මිය යන බවට සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ අයෙක් කඩුගන්නාවේදී CID අත්අඩංගුවට ගෙන තිබෙනවා. 35 හැවිරිදි පුද්ගලයෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා ගරාජයක් පවත්වාගෙන යන අයෙක් බවයි වැඩි දුරටත් පැවසෙන්නේ. මෙවැනි පුවත් පළ කරන හා ඒවා හුවමාරු කරන පුද්ගලයින් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක […]


Nov
14

කොළඹ දැඩි අවදානම් තත්වයක් ඇති බවට GMOA අනතුරු අඟවයි

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ කොළඹ මේ වන විට දැඩි අවදානම් තත්වයක් නිර්මාණය වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ දින 5 තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තා වී ඇති බවයි.


Nov
13

“කොරෝනා මෘත දේහ භූමිදානය ගැන තවමත් අවසන් තීරණයක් නැහැ” – පවිත්‍රා වන්නිආරච්චි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානය සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිඳු තීරණයත් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබෙමින් පවතින බවත්, ඒ සඳහා පත් කළ විශේෂඥ කමිටුවෙන් තවත් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බවත් ඇය ප්‍රකාශ කළා. අදාළ කමිටුවේ ඉතිරි වාර්තා ලැබීමෙන් පසු ඒවා සළකා බලා ඉදිරි […]


Nov
13

තවත් ආසාදිතයින් 198ක් – පෑලියගොඩ පොකුර 12,425ට නගියි

Generic placeholder image

දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුර ආශ්‍රයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 12,425ක් දක්වා ඉහළ ගියා. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම ආසාදිතයින් සියල්ලන්ම පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.


Nov
13

තවත් කොරෝනා මරණ 5ක්

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ නංවමින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ කොළඹ, රත්මලාන සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Nov
13

රැඳවියන් පිරිසක් අදත් බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවක

Generic placeholder image

කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී අද පස්වරුවේ සිට විරෝධතාවක නිරත වනවා. ඒ, ඔවුන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ කඩිනමින් අවසන්කර සිය නිවෙස් වෙත යාමට ඉඩ දෙන්නැයි ඉල්ලමින්. පවතින වසංගත තත්ත්වය හේතුවෙන් හැකි ඉක්මනින් තමන්ට නිවෙස් වෙත යා යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇප ලබා දෙන ලෙසත් විරෝධතාවයේ නිරත රැඳවියන් […]


Nov
13

මහමඟදී සිදු වූ මරණවලට හේතුව කොරෝනා යැයි අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන්ට එරෙහිව පරීක්ෂණ

Generic placeholder image

මහමඟ මියගොස් සිටියදී හමු වන පුද්ගලයින්ගේ මරණවලට හේතුව කොරෝනා වෛරසය යැයි විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පතුරුවන්නන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. අද කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එවැනි පුද්ගලයින් සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භකර ඇති බවයි. මේ වනවිට මෙරට සිදුව ඇත්තේ […]


News Articles
Latest Videos
Most Popular Post